slc
Home   |    News
ජනවාරි 7, 2021
ක්‍රිකට් නිලවරණයේ වගකීම ත්‍රිපුද්ගල කමිටුවක් යටතට

sinhala editor

ඉදිරියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර ගැනීම වෙනුවෙන් අද (07 දා) රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අති විශේෂ මහ සභා රැස්වීමේදී ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ගැනීම සඳහා සාමාජිකයින්ගේ කැමැත්ත හිමිවූහ.

ක්‍රීඩා පනතේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව පත් කර ගන්නා ලද එම ත්‍රිපුද්ගල කමිටුවට විශ්‍රාම ලත් අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න,  මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ කීපයක සේවය ප්‍රධාන ලේකම්වරයෙකු ලෙසින් සේවය කරන ලද ආචාර්ය ඩී.එම්.ආර්. දිසානායක  මහත්ම මහත්මීහු පත්වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකත්වය විසින් ඒකමතිකව තේරී පත් වුණු මෙම කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ වගකීම පැවරෙනු ඇත. කොළඹදී පැවැති මෙම අති විශේෂ මහ සභා රැස්වීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest