slc
Home   |    News
ජනවාරි 22, 2021
තව ලකුණු 150 ක් ගත්තොත් එංගලන්තයට පීඩනයක් දෙන්න පුලුවන් – ග්‍රාන්ට් ෆ්ලවර්

sinhala editor

Chamila Karawita reporting from Galle

බලාපොරොත්තු වූ අයුරින්ම දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණ තිබේ. එංගලන්ත පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවූ නමුත් දුර්වල පන්දු ලැබෙන තෙක්ම ඉවසාගෙන පන්දුවට පහර දීමට තරම් පිතිකරුවන් පියවර ගත් හෙයින් පළමු දිනය අවසානයේදී කඩුලු 4 ට ලකුණු 229 ක් වශයෙන් සැනසිලි දායක ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබේ.

“පසුගිය තරගයට වඩා ඉතා හොඳ දවසක්” යැයි පළමු දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය. “තණතීරුව ගොඩක් පිතිකරුවන්ට වාසි දායක එකක්. ඒකෙ පන්දුව එතරම්ම දඟ කැවුණේ නෑ. නමුත් වේග පන්දු යවන්නන්ට එහි තරමක ඉපිලීමක් ලබා දුන්නා. අපේ අය පන්දුවට පහර දීමේදී ගොඩක්ම දුර්වල පන්දු එනකම්ම බලා සිටියා. ජිමී ඇන්ඩර්සන් හැමදාම වගේ අදත් හොඳමට පන්දු යැව්වා. මම හිතන විදියට දඟ පන්දු යවන්නන්ට තවම තණතීරුවෙන් සහායක් ලැබෙන්නේ නෑ” යි ෆ්ලවර් සඳහන් කර සිටියේය.

පළමු තරගයට වඩා ගව් ගාණක් ඉදිරියට පැමිණ සිටින ශ්‍රී ලංකා පිල දිනය අවසන් වන ලබා සිටින ලකුණු 229 න් ලකුණු 107 ක්ම ඇන්ජලෝ මැතිව්ස්ගේ පිත්තෙනි. ඕෂද ප්‍රනාන්දුගේ දැවී යෑම මත පස්වැනි පන්දුවාරයේ සිට පන්දුවට පහර දීමට පැමිණි මැතිව්ස්, පළමු දිනට තරගය නිමා වන තෙක්ම සිය පරිණතත්වය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කිරීමේ කාර්යයේ නිරත වූවේය. මැතිව්ස් ට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 52 ක් සහ ළහිරු තිරිමාන්න ලකුණු 43 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල ස්ථාවරත්වයකට ගෙන ඒමේ මැතිව්ස් සිදුකරන ලද කාර්යය සහාය ලබා දුන්නේය.

“මැතිව්ස් ඔහු සතු අත්දැකීම් නැවතත් පෙන්වමින් තවත් හොඳ ශතකයක් ලබා ගත්තා. ඔහු පෙන්නුවා ඔහු කෙතරම් හොඳ ක්‍රීඩකයෙක්ද කියන වග. කොහොම හරි අපිට තව ලකුණු 100 ක් හෝ 150 ක් ලකුණු පුවරුවට දා ගන්න පුලුවන් නම් එංගලන්තය පීඩනයකට පත් කරන්න අපිට හැකියාව තියෙනවා” යි ෆ්ලවර් අදහස් දැක්වීය.

පළමු තරගයේ පරිදිම අද දිනයේදීත් එංගලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එරෙහිව නිලකුණු පන්දුවාර 18 ක් යැවීමට සමත්වූ අතර ඉන් 10 ක්ම ඇන්ඩර්සන් විසින් යොමු කරන ඒවා විය. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවාරයකට ලකුණු 2.63 තරම් අවම අගයක් ගනු ලැබීය. දිනය තුළ පන්දුවාර 19 ක් යැවූ ඇන්ඩර්සන් ලකුණු 24 ක් පමණක් ලබා දී ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාගේම කඩුලු දවා ගත්තේය.

“ඇතැම් අවස්ථා වලදී අපේ ලකුණු ලබා ගැනීමේ වේගය ටිකක් අඩු වුණා. ඒ වගේම තීරණාත්මක අවස්ථාවලදී අපිට අපේ කඩුලු කීපයක්මත් අහිමි වුණා. නමුත් පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ ක්‍රීඩා කළ ආකාරය දිහා බලන අපේ ක්‍රීඩකයින් වඩා වැඩි වටිනාකමක් ලබාදීලාතියෙනවා. එහෙම වුණත් ඔබට ඔවුන්ව විවේචනය කළ නොහැකියි. මොකද ඉංග්‍රීසි පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරයට ගෞරවයක් ලබා දිය යුතුයි. විශේෂයෙන්ම ඇන්ඩර්සන්ට” යි ෆ්ලවර් සඳහන් කර සිටියි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest