slc
Home   |    News
ජනවාරි 19, 2021
දිමුත් ඇතුළු 5 ක් ජෛව ආරක්ෂිත බුබුළින් මුදා හරියි

sinhala editor

සංචාරක එංගලන්ත පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 22 කගෙන් සමන්විත සංචිතයෙන් දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් පස් දෙනෙකු ජෛව ආරක්ෂිත පරිසරයෙන් නිදහස් කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දිමුත්ට අමතරව කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, ළහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් හට තව දුරටත් කණ්ඩායම සමඟ රැඳී සිටිමින් කටයුතු කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහිව වොන්ඩරස්හි පැවැති තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී දිමුත් කරුණාරත්න මහපටැඟිල්ලේ ආබාධයකට මුහුණ දුන් අතර එය සුව අතට පත් නොවීම නිසා එංගලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවිය. එම තත්ත්වය මත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවැරිණි. කෙසේ වෙතත් දෙවැනි ටෙස්ට් තරගයටද දිමුත්ගේ දායකත්වය අහිමි වන බැවින් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් දිනේෂ් චන්දිමාල් වෙත පැවැරී තිබේ.

මෙම ක්‍රීඩකයින් ඉවත්ව යෑමත් සමඟ දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය 17 දෙනෙකු දක්වා අඩු වී තිබේ. කෙසේ වෙතත් මුදා හරින ලද ක්‍රීඩකයින් පස් දෙනා වැඩි දුර පුහුණුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙනු ඇත.

මුදා හරින ලද ක්‍රීඩකයින් 5 දෙනො අතරින් කුසල් මෙන්ඩිස් පමණක් එංගලන්ත හමුවේ කඩුලු 7 ක පරාජයක් අත් විඳි පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ අතර, මිනෝද් භානුක, අතිරේක ක්‍රීඩකයකු ලෙසින් එම තරගයේදී  පන්දු රැකීමේ කාර්යයේ නිරත විය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනි සිකුරාදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest