slc
Home   |    News
ජනවාරි 7, 2021
රංජන් මඩුගල්ලට යළිත් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න වරම්

sinhala editor

By Chamila Karawita

තරග තීරකවරයකු ලෙසින් ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රංජන් මඩුගල්ලේ මහතාට ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන ටෙස්ට් තරගයකදී තරග තීරකවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාවී තිබේ. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලබන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් මඩුගල්ලේ මහතාව පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීමත් සමඟ මෙම විරළ අවස්ථාව ඒ මහතාට හිමිව තිබේ.

ටෙස්ට් තරගාවලියක් සඳහා තරග තීරකවරයකු නම් කිරීමේදී අනුගමනය කරනු ලබන සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ තරග වදිනු ලබන රටවල් දෙකට අයත් නොවන රටක තීරකවරයෙකු පත් කිරීම වේ. එහෙත් ලොව පුරා පවතින කොවිඩි 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඒ ඒ රටවල තීරකවරුන් සහ විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බැවින් මෙම විරළ අවස්ථාවට හිමිකම් කීමේ වාසනාව මඩුගල්ලේ මහතාට හිමිව තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඬුල්ලේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරනු ලබන මඩුගල්ලේ මහතා ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකදී තරග තීරකවරයා ලෙසින් කටයුතු කර ඇත්තේය. 1993 වසරේදී පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැති ටෙස්ට් තරගයෙන් සිය තරග තීරක දිවිය අරඹා ඇති මඩුගල්ලේ මහතා මේ වන විට ටෙස්ට් තරග 193 කදී තරග තීරකවරයකු ලෙස කටයුතු කර තිබේ.

ටෙස්ට් තරග 150 ක් වෙනුවෙන් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන ලද ලොව පළමු තරග තීරකයා ලෙසින් ඉකුත්දා වාර්තාවක් පිහිටුවීමට සමත් වූ මඩුගල්ලේ මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 7 කදී සහ 1999, 2003 සහ 2019 යන වසර වල පැවැති තරගාවලියන්හි අවසන් මහ තරග වල තරග තීරකවරයා ලෙසින්ද කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21 කට ක්‍රීඩා කර ඇති මඩුගල්ලේ මහතා අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙසින්ද කටයුතු කර තිබෙන බේ. එක්දින තරග 63 ක් වෙනුවෙන් දායකත්වය දී ඇති මඩුගල්ලේ මහතා ඉන් අවස්ථා 13 කදී නායකයා ලෙසින් කටයුතු කිරීමට වරම් ලබා තිබේ.

2012 සහ 2018 වර්ෂවලදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වන ලද වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී ලොව හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට පිදෙන ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලාන දිනා ගැනීමට සමත්ව සිටින කුමර් ධර්මසේන මහතාද මෙම තරගාවලියේ ප්‍රධාන විනිසුරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසින් කටයුතු කරනු ඇත. දෙරට අතර පළමු තරගය ධර්මසේන මහතාගේ 66 වැනි ටෙස්ට් තරගය වනු ඇත. ධර්මසේන මහතාට අමතරව රුචිර පල්ලියගුරු මහතා පිටියේ කටයුතු කරන අනෙක් විනිසුරුවරයා වන්නේය.

මේ අතර මඩුගල්ලේ මහතාට අමතරව ග්‍රේම් ලැබ්‍රෝයි මහතා අතිරේක තරග තීරකවරයකු ලෙසින් පත්කර තිබෙන අතර රූපවාහිනී විනිසුරු ලෙසින් ලින්ඩන් හැනිබල්ද සිව්වැනි විනිසුරු ලෙසින් රවීන්ද්‍ර විමලසිරි සහ අතිරේක විනිසුරුවරයකු ලෙසින් ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන් පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

තරග තීරක – රංජන් මඩුගල්ල, පිටියේ විනිසුරුවන් – කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රූපවාහිනී විනිසුරු – ලින්ඩන් හැනිබල්, සිව්වැනි විනිසුරු – රවීන්ද්‍ර විමලසිරි, අතිරේක තරග තීරක – ග්‍රේම් ලැබ්‍රෝයි, අතිරේක විනිසුරු – ප්‍රගීත් රඹුක්වැල්ල

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest