slc
Home   |    News
ජනවාරි 22, 2021
රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්

sinhala editor

Chamila Karawita reporting from Galle

එංගලන්තයට එරෙහිව එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (22 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දකුණත් පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්විය. පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන ලද තුන් ඉරියව් ක්‍රීඩකයාගේ භූමිකාව රමේෂ්ට හිමිව තිබේ. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨව සිටින රමේෂ් කණ්ඩායමට පැමිණීමත් සමඟඑම ස්ථානයේ ක්‍රීඩා කළ වනිඳු හසරංගට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 154 වැනි ක්‍රීඩකයා බවට පත් වුණු රමේෂ් දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේදී ත්‍රිත්ව ශතකයක් පවා වාර්තා කිරීමට සමත් වුණු පිතිකරුවෙකි.

පළමු පෙළ තරග 45 කට ක්‍රීඩා කර ඇති රමේෂ්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 43.46 ක් ලෙස සටහන් වේ. ශතක 5 ක් සහ අර්ධ ශතක 11 කට හිමිකම් කියන දකුණත් පිතිකරුවා, පන්දු යවමින් කඩුලු 83 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 38.26 ක් වේ.

රමේෂ්ට අමතරව පළපුරුදු ඩිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණියද දඟ පන්දුවෙන් කණ්ඩායම ශක්තිමත් කරති. ශ්‍රී ලංකා පිල මෙම තරගය සඳහා ප්‍රධාන පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විතව ක්‍රීඩා කිරීමට තීරණය කළ ඇති බැවින් සුරංග ලක්මාල් සහ අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට ක්‍රීඩා කරති.

පළමු තරගයට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් දෙවැනි තරගය සඳහා නම් කරන ලද සංචිතයට ඇතුළත් නොවුණු අතර ඔහුට අමතරව පළමු තරගය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතුරින් දසුන් ශානක සහ වනිඳු හසරංගට සිය ස්ථානය අහිමිව තිබේ.

එංගලන්තය කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් අද තරගයට අවතීර්ණව සිටින අතර පළමු තරගයට ක්‍රීඩා කල ස්ටුවර්ට් බ්‍රෝඩ් වෙනුවට ජේම්ස් ඇන්ඩර්සන් කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව – 1. ළහිරු තිරිමාන්න, 2. කුසල් පෙරේරා, 3. ඕෂද ප්‍රනාන්දු, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල් (නායක), 6. නිරෝෂන් දික්වැල්ල, 7. රමේෂ් මෙන්ඩිස්, 8. ඩිල්රුවන් පෙරේරා, 9. ලසිත් ඇඹුල්දෙණිය, 10. සුරංග ලක්මාල්, 11. අසිත ප්‍රනාන්දු

එංගලන්තය. – 1. ඩොම් සිබ්ලේ, 2. සැක් ක්‍රෝලි, 3. ජොනී බෙයාර්ස්ටෝ, 4. ජෝ රූට්, 5. ඩෑන් ලෝරන්ස්, 6. ජොස් බට්ලර්, 7. සෑම් කරන්, 9. ඩොම් බෙස්, 9. මාක් වුඩ්, 10. ජැක් ලීච්, 11. ජේම්ස් ඇන්ඩර්සන්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest