slc
logo
Home   |    News
ජනවාරි 21, 2021
සත්‍යතා වාර්තාවක් දෙන ලෙස කණ්ඩායම් කළමනාකරුට ක්‍රිකට් ආයතනයෙන් උපදෙස්

sinhala editor

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෙක් සහ එම කණ්ඩායමට අනුයුක්ත කොට ඇති සෞඛ්‍ය අංශ නිලධාරිනියක් අතර විනය කඩවන අයුරින් හැසිරී ඇති බවට පැතිර යන මාධ්‍ය වාර්තාවල සඳහන් තොරතුරුවල සත්‍යතාවය සම්බන්ධයෙන් සොයා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තාවක් ලබා දෙන ලෙස වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කරන අසන්ත ද මෙල් මහතාට උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව කළමනාකරු විසින් ලබා දෙන වාර්තාවේ සඳහන් වන ආකාරයට අදාළ පාර්ශ්ව වලට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය වන්නේ නම් ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවත්, එහිදී ඔවුන්ගේ නිවරද්‍යභාවය සනාථ කිරීමට ඔවුන් අසමත් වුවහොත් තරාතිරම නොලබා ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසි විටෙකත් නොපැකිළෙන බව සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest