slc
Home   |    News
පෙබරවාරි 16, 2021
ක්‍රිකට් ආයතනයේ මූලිකත්වයෙන් නවීකරණය වුණු අම්බලන්ගොඩ නගර සභා පිටිය ක්‍රීඩක අයිතියට

sinhala editor

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන ‘ක්‍රිකට් ගමට’ වැඩපිළිවෙළ යටතේ නැවත සංවර්ධනය කරන ලද අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය ක්‍රීඩක අයිතියට පැවැරීම ඉකුත් සති අන්ත ඉරිදා (14 දා) දිනයේදී සිදුකෙරිණ.

මුළු ක්‍රීඩාංගණයම ආවරණය පරිදි තණ කොළ එළීම, තීරු 3 කින් සමන්විත තණතීරුවක්, මැටින් විකට්ටුවක්, පුහුණු පැති විකට්ටු 5 ක් සහ චලනය කළ හැකි ආකාරයේ දර්ශන තිර 2 ක් , එම ප්‍රති නිර්මාණය සැලසුමට ඇතුළත් විය.

ඊට අමතරව ක්‍රීඩාංගණය සහ තණතීරුව නඩත්තුව සදහා යොදා ගනු ලබන නඩත්තු උපකරණ තොගයක්ද එදින ක්‍රීඩාංගණ භාරකරුවන්ට ලබා දීම විශේෂත්වයක් විය. ඒ අතරට තලන යන්ත්‍ර, තණ කොළ කපන යන්ත්‍ර, හතරේ සීමාව ආසන්නයේ තණ කොල කැපීමට භාවිතා කරන යන්ත්‍ර සහ ට්‍රැක්ටර්ද ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන ලදී.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ක්‍රීඩාංගණය ජනතා අයිතියට පැවැරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ ආචාර්ය ජයන්ත ධර්මදාස, ජාතික ක්‍රිකට් සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි, අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් සහ ගාලු ක්‍රීඩා සමාජයේ සභාපති සහ ලලිත් හැළඹගේ සහ සහ එහි ලේකම් ජයන්ත ජයවීර යන මහත්වරු සහභාගිවූහ. මෙම පිරිසට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන අජිත් ද සිල්වා සහ උපුල් තරංග යන මහත්වරුද සහභාගිවූහ.

කාණ්ඩ දෙකක් යටතේ සිදුකෙරුණු මෙම ක්‍රීඩාංණ විවෘත කිරීමේදී ප්‍රථමයෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ක්‍රීඩාංගණය විවෘත කෙරිණ. මේ අතර 2014 වසරේදී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය වෙත ලබා දී තිබුණු ගෘහස්ත දැල් සංකීර්ණයද ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීම, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

මෙම විවෘත කිරීමට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ දෙකක් වන අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය සහ රියෝ ක්‍රීඩා සමාජ අතර ප්‍රදර්ශන තරගයක්ද පැවැත්වීම කැපී පෙනුණි.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest