slc
Home   |    News
පෙබරවාරි 25, 2021
දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් සෙවීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්

Sri Lanka Cricket

ගමෙන් ගමට ගොස් දක්ෂතා ඇති පාසල් සහ තරුණ ක්‍රිකට් ක්‍රීඩිකාවන් හදුනාගෙන (TALENT SEARCH PROGRAMME) ඔවුනගේ දක්ෂතා ප්‍රගුණ කර ජාතික මට්ටමට ගෙන යාමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල ක්‍රියාත්මක කර තිබේ.

විශේෂයෙන්ම පාසල් ක්‍රීඩිකාවනගේ කුසලතා හදුනාගෙන ඔවුන්ට දිස්ත්‍රික්ක, පළාත් හා ජාතික මට්ටමේ පුහුණුකරුවනගේ සේවය සපයා ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙලෙහි අරමුණයි.

ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධන නිලධාරිනිය සහ කැදවුම්කාරිණිය වන අප්සාරි තිලකරත්න මහත්මිය පසුගිය සතියේදී රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හිදීත් මේ දිනවල බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයන්ද ආවරණය වන පරිදි අදාළ දිස්ත්‍රික්ක පුහුණුකරුවන් සමග පාසල් කරා ගොස් දක්ෂතා හදුනා ගැනීමේ වැඩසටහනට සහභාගිවේ.

මෙහි ප්‍රධානතම කාර්යය වී ඇත්තේ එම පාසල්වලදී දෙමාපියන් විදුහල්පතිවරුන් සහ ගුරුවර ගුරුවරියන් මුණගැසී අදාළ ක්‍රීඩිකාවන්ගේ අනාගත සුරක්ෂිත භාවය සහ ආරක්ෂාව තහවුරු කරදී ක්‍රීඩිකාවට අවශ්‍ය පහසුකම් සපයන ආකාරය පිළිබදව ඔවුන් දැනුවත් කිරීම බව අප්සාරි තිලකරත්ව මහත්මිය ප්‍රකාශ කරයි.

දිස්ත්‍රික්ක පුහුණුකරුවන් මාර්ගයෙන් හදුනාගන්නා මේ ක්‍රීඩිකාවනට අවශ්‍ය පුහුණුව සපයා එම දිස්ත්‍රික්කයේම කාන්තා තරගාවලියන්ට සහභාගි කරවා දක්ෂ ක්‍රීඩිකාවන් ජාතික මට්ටමට ගෙන යාමට අදහස් කරන අතර අඩුම ගණනේ මෙයින් ක්‍රීඩිකාවක හෝ දෙදෙනෙකුවත් ලබන වසරේ බංග්ලාදේශයේදී ප්‍රථම වරට පැවැත්වෙන බාලිකා අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට යාමට සුදුසුකම් ලබනු ඇතැයි තමා තුළ විශ්වාසයක් ඇතැයි තිලකරත්ව මහත්මිය ප්‍රකාශ කරයි.

ක්‍රීඩිකාවනට පුහුණුකරුවන් සමග එක්ව පුහුණුව ලබා දීර්ඝ ගමනක් යාමට ඇති හැකියාව පිළිබදව බොහෝ දෙමාපියන් සහ පාසල් ප්‍රධානීන් තුළ පවතින්නේ අනියත බියකි. ඔවුනගේ පාසලටම හෝ නිවසටම ගොස් කරුණු පැහැදිලි කර දීමෙන් පසුව බොහෝදෙනෙකු යථාර්ථය අවබෝධ කරගෙන මීට එක්වීමට කැමැත්ත පළ කළ බවද තිලකරත්න මහත්මිය කියයි.

දක්ෂතා සෙවීමේ මේ වැඩසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දීප ව්‍යාප්තව සිදුකිරීමට තීරණය කර ඇති අතර හදුනාගන්නා ක්‍රීඩිකාවන් ජාතික සංචිතයකට එක්කිරීමට අපේක්ෂා කරන බවද ඇය කීවාය.

මොවුනට දක්ෂතා පෙන්වීමෙන් ජාතික 19න් පහළ 23න් පහළ හා නැගී එන කාන්තා කණ්ඩායම් වලටද ඇතුළත්විය හැකි යැයිද ඇය පවසයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest