slc
Home   |    News
පෙබරවාරි 25, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කාන්තා ක්‍රීඩිකාවන්ට කාර්ය සාධන මධ්‍යස්ථානයක්

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනය

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට අනුකූලවන පරිදි තවදුරටත් සංවර්ධනය කිරීමේ අභිලාෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සමඟින් වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව එම ඉහල කාර්යය සාධන මධ්‍යස්ථානය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර තිබේ.

එම අවබෝධතා ගිවිසුම යටතේ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ඇති පැති පුහුණුතීරු, ගෘහස්ථ දැල් පුහුණු, කායවර්ධන මධ්‍යස්ථානය, පිහිනුම් තටාකය සහ සහ එම ක්‍රීඩා සමාජ නේවාසිකාගාර පහසුකම්ද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා, ” ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය හරහා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළ මට්ටමේ දක්ෂතාවයින් යුතු ක්‍රීඩිකාවන් බිහි කිරීමේ වැඩි ඉඩ කඩක් විවර වනවා”යනුවෙන් සඳහන් කර සිටියේය.

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සමඟ ඇතිකරගත් එම ගිවිසුම අනුව 2021 වසරේ ජනවාරි 01 වැනිදා සිට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට, සංවර්ධන සංචිතයේ පසුවන ක්‍රීඩිකාවන්ට සහ වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන්ට සිය පුහුණුවීම් කටයුතු වල නියැළීමේ අවස්ථාව උදාවී තිබේ.

“ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සමගාමීව අපගේ ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක අවශ්‍යතාවය අත්‍යවශව තිබෙනවා. ඒ අනුව මෙම ගිවිසුම යටතේ අපේ කාන්තා ක්‍රීඩාව ඉහළ තලයකට පැමිණේවි” යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉදිරි කාල සීමාව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා කාර්යය බහුල සීමාවක් වන බැවින් එම තරග සඳහා ක්‍රීඩිකාවන්ට සූදානම්වීමේදී  අලුතින් පිහිටුවන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වැඩි දායකත්වයක් ලබා දෙනු ඇත.

මේ අතර මේ පිළිබඳව අදහස් දක්වා සිටින කාන්තා ක්‍රිකට් මෙහෙයුම් සහ සංවර්ධන උපදේශක මනුජ කාරියප්පෙරුම මහතා, “නව පහසුකම හඳුන්වාදීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ ක්‍රීඩිකාවන්ගේ ශාරීරික පුහුණුව මෙන්ම නිපුණතා පුහුණුව කාලය විශාල ලෙස වැඩිවී තිබෙන බවයි. එය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි අනාගතයට බෙහෙවින් ඉවහල් වනු ඇත” යි යනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට්

මාධ්‍ය අංශය

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest