slc
Home   |    News
මාර්තු 31, 2021
එකම තරගයකදී ශතක තුනක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම  එක්දින ක්‍රිකට් තරගාවලියේ අගහරුවාදා (30) පැවැති තරග අතුරින් එස්.එස්.සී – මුවර්ස් තරගයේදී පිතිකරුවන් තිදෙනෙකුම ශතක රැස්කළ අතර එම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 585ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කළහ. කෙසේවුවද මේ තරගයේදී ප්‍රබල එස්.එස්.සී. ලකුණු 5කින් පරාදා තියුණු ජයක් අත්කර ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත්වූහ.

මෙදින දක්ෂතම පන්දු යැවීම සටහන් වූයේ රාගම කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු ලකුණු 28කට කඩුලු හයක් දවාලීමය.

කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රියමල් පෙරේරා (101) කලුතර කණ්ඩායමේ ගිහාන් රූපසිංහ (නොදැවී 117) මුවර්ස් කණ්ඩායමේ මහේල උඩවත්ත (116) මොහොමඩ් ශිරාෂ් (111) එස්.එස්.සී.කණ්ඩායමේ ෂම්මු අෂාන් (102) ටැමිල් කණ්ඩායමේ සධීර සමරවික්‍රම (නොදැවී 92) සහ රාගම කණ්ඩායමේ නිශාන් මධුශංඛ (82) මෙදින ලකුණු අතර සිටි පිතිකරුවෝය.

ජයග්‍රහණයන් අතර නොසිටි කලුතර සහ ගාල්ල කණ්ඩායම් මෙදින ජයග්‍රහණ වාර්තා කිරීමටද සමත්විය. නාවික හමුදාවේ චානක රුවන්සිරි ලකුණු 44කට කඩුලු තුනක් දවා පසුව ලකුණු 51ක් රැස්කර ප්‍රබල හලාවත මේරියන්ස් පරාජයට පත්කිරීමට මූලික විණි. මෙදින ජයග්‍රහණ අත්කර ගත් කණ්ඩායම් වූයේ සී.සී.සී, යුද හමුදාව, ගාල්ල, රාගම, ටැමිල්, කෝල්ට්ස්, එන්.සී.සී, කලුතර,බ්ලූම්ෆීල්ඩ්,මුවර්ස්, සැරසන්ස් සහ නාවික හමුදාවය

සී.සී.සී පිලට කඩුලු 6 ක ජයක්

සී.සී.සී. පිල මේ තරගයෙන් ජය ගත්තේ පන්දුවාර 32.4ක් ඉතිරිව තිබියදී ය. සී.සී.සී කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ සහ වනිඳු හසරංග ද සිල්වාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බී.ආර්.සී ඉනිම ලකුණු 119කට සීමා විණි. දක්ෂ පිතිහරඹයක නියැලුණු බී.ආර්.සී කණ්ඩායමේ ළහිරු සමරකෝන් පන්දු 27කදී ලකුණු 50ක් රැස් කළේ හතරේ පහරක් සහ හයේ 7ක් සමගිනි.

බී.ආර්.සී. පන්දුවාර 30.5කදී සියල්ල දැවී 119 යි – ( ළහිරු සමරකෝන් 50, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 17, රමිඳු විජේසූරිය 17, මාලින්ද පුෂ්පකුමාර 21/3, ළහිරු ගමගේ 12/2, වනිඳු හසරංග 34/2)

සී.සී.සී පන්දුවාර 17.2කදී කඩුලු 4ට 122 යි – (රොන් චන්ද්‍රගුප්ත 44, මිනෝද් භානුක 33, අශාන් ප්‍රියන්ජන් 32, උමේෂ් මොරායස් 11/1, දුෂාන් හේමන්ත 24/1, ශානුක දුලාජ් 13/1)

යුධ හමුදාවට කඩුලු 7ක ජයක්

යුධ හමුදාවේ හිමාෂ ලියන්ගේ පන්දු 48 කදී හතරේ හතරක් හයේ දෙකක් සමග නොදැවී ලකුණු 52ක් රැස් කරමින් සහ මහීන් තීක්ෂණ, දුෂාන් විමුක්ති, ප්‍රසන්න සීක්කුගේ ප්‍රසන්න කඩුලු 3 බැගින් දවාලමින් දස්කම් දැක්වූහ.

කැන්ඩි කස්ටම් පන්දුවාර 33.2කදී සියල්ල දැවී 116 යි – (දුලාශ්‍රී ලොකුබණ්ඩාර 23, සජිත් ද සිල්වා 28, හසික නිර්මාල් 20, මහීෂ් තීක්ෂණ 16/3, දුෂාන් විමුක්ති 23/3, සීක්කුගේ ප්‍රසන්න 43/3)

යුධ හමුදා පන්දුවාර 21.5 කදී කඩුලු 3ට 117 යි – (සමිත දිල්ෂාන් 30, හිමාෂ ලියනගේ නොදැවී 52, අසේල ගුණරත්න නොදැවී 15, සම්පත් පෙරේරා 35/2, සචිත්‍ර පෙරේරා 42/1)

ගාල්ල පළමු ජය ලබයි

ගාල්ල කණ්ඩායමේ මේ තරගාවලියේ හොඳම දස්කම් දැක්වූ තරගයක් ලෙස මෙය නම් කල හැකිය. ගාල්ලේ රාජු ගයාෂාන් (52) සහ චතුර ලක්ෂාන් පන්දුවට පහර දීමේදී සහ පන්දු යැවීමේදී කැපී පෙනිණි.

ලන්කන් පන්දුවාර 49.3කදී සියල්ල දැවී 192 යි – (රසික උපමල් 41, දමිත සිල්වා 40, සවන් කංකානම්ගේ 24, කෙෂාන් විජේරත්න 25, චතුර ලක්ෂාන් 24/3, එරංග රත්නායක 41/2, චලන ද සිල්වා 34/2)

ගෝල් පන්දුවාර 44.4 කදී කඩුලු 6ට 193 යි – (රාජු ගයාෂාන් 52, ඉමේෂ් උදයංග 38, දිල්ෂාන් කාංචන නොදැවී 34, අචිත සිල්වා 35/2, කේෂාන් විජේරත්න 29/1)

රාගම කඩුලු 3ක ජයක්

රාගම කණ්ඩායමේ නිශාන් මදුශංඛ පන්දු 102කදී හතරේ හයක් හයේ දෙකක් සමග ලකුණු 82ක් ලබා ගැනීමත් වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු  ලකුණු 28 කට කඩුලු හයක් දවාලීමත් මත රාගමට කඩුලු7ක පහසු ජයක්  අත්විය. රාගම ජය ලැබුවේ පන්දුවාර 12.2ක් ඉතිරිව තිබියදීය .

පානදුර පන්දුවාර 38.4කදී සියල්ල දැවී 208 යි – (කෙෂාන් ධනුෂ්ක 67, චරිත් ජයම්පති 53, නිමේෂ් විමුක්ති 24, බිනුර ප්‍රනාන්දු 28/6, ජනක සම්පත් 26/2)

රාගම පන්දුවාර 37.4 කදී කඩුලු තුනට 211යි – (නිශාන් මධුශංඛ 82, සමින්ද ප්‍රනාන්දු 43, ජනිත් ලියනගේ නොදැවී 35, ඉවංක සංජුල 53/2)

ටැමිල් යුනියන් කඩුලු 7කින් ජයගනියි

ටැමිල් යුනියන් කණ්ඩායමේ සධීර සමරවික්‍රම පන්දු 110කදී හතරේ නවයක් සමග නොදැවී ලකුණු 92ක් රැස්කළ අතර ඉසුරු උදාන ලකුණු 16කට කඩුලු 2ක් ද ශිරාන් ප්‍රනාන්දු 41කට කඩුලු 3ක් ද දවාලූහ.

නුගේගොඩ කණ්ඩායමේ ළහිරු ජයකොඩි සහ මුදිත ලක්ෂාන් පන්දුවට පහර දීමේන් දක්ෂතා දැක්වූහ.

නුගේගොඩ පන්දුවාර 50කදී කඩුලු 7ට 209 යි -(ළහිරු ජයකොඩි 65, මුදිත ලක්ෂාන් 45, මාලිංග මලිගස්පෙ 30, ප්‍රමුත් හෙට්ටිවත්ත 20, ශිරාන් ප්‍රනාන්දු 41/3, ඉසුරු උදාන 16/2)

ටැමිල් යුනියන්ස් පන්දුවාර 36.4 කදී කඩුලු 3ට 210 යි – (සධීර සමර වික්‍රම 92, මනෝජ් සරත් චන්ද්‍ර 50, රන්මිත් ජයසේන නොදැවී 28, නිපුන් ලක්ෂාන් 55/2)

කොල්ට්ස් පිලට දැවැන්ත ජයක්

කොල්ට්ස් කණ්ඩායමේ ප්‍රියමල් පෙරේරා පන්දු 95කදී හතරේ අටක් සමග ලකුණු 101ක් රැස් කිරීමෙන් ද අකිල ධනංජය ලකුණු 22කට කඩුලු 4ක් දවාලීමෙන්ද කොල්ට්ස් කණ්ඩායමට පහසු ජයග්‍රහණයකට මාවත විවෘත විණි. පොලීසියේ සුජාන් මයුර තුන් ඉරියව්වේම කැපී පෙනුණි.

කොල්ට්ස් පන්දුවාර 50කදී කඩුලු 7ට 313 යි – (ප්‍රියමල් පෙරේරා 101, විෂාඩ් රන්දික 69, සංගීත් කුරේ 40, කිත්රුවන් විතානගේ 37, සුජාන් මයුර 35/3, මලිත් ද සිල්වා 54/2)

පොලීසිය පන්දුවාර 26.1කදී 116 යි – (සුජාන් මයුර 14, මධුරංග සොයිසා 12, සුපුන් මදුශංඛ 12, අකිල ධනංජය 22/4, සංතූෂ් ගණතිලක 28/3, ධනංජය ලක්ෂාන් 22/2)

එන්.සී.සී පිලට ලකුණු 14 ක ජයක්

මේ තරගය ඉතා තියුණු මුහුණුවරක් ඉසිදු අතර අවාසනයේ එන්.සී.සී ජය ලැබුවේ ලකුණු 14කිනි. එන්.සී.සී කණ්ඩායමේ සුගීෂ දිල්ෂාන් ලකුණු 21ක් රැස්කර පසුව ලකුණු 25කට කඩුලු 4ක් දවා තුන් ඉරියව්වේම කැපීපෙනිණි. චතුරංග ද සිල්වා සහ චාමික කරුණාරත්න ලකුණු රැස් කිරීමේදී කැපීපෙනුණි.

එන්.සී.සී පන්දු වාර 48.3කදී 177 යි – (චතුරංග ද සිල්වා 54, චාමික කරුණාරත්න නොදැවී 48, සුගීෂ දිල්ෂාන් 21, නිශාන් පීරිස් 32/3යි, දිල්ෂාන් මුනවීර 37/2, නිසල තාරක 33/2)

නිගම්බු පන්දු වාර 47.1කදී සියල්ල දැවී 163යි – (අෂේන් සිල්වා 54, ළහිරු මිලන්ත 23, මාධව වර්ණපුර 20, යුගීෂ දිල්ෂාන් 25/4, අෂේන් ඩැනියෙල් 24/2)

කලුතර නාගරික පිලට කඩුලු 6 ක ජයක්

මේ තරගාවලියේදී කලුතර කණ්ඩායම විශේෂ දක්ෂතා පෙන්වූ තරගයක් ලෙස මෙය හැදින්විය හැකිය. කලුතර කණ්ඩායමේ ගිහාන් රූපසිංහ නොදැවී ලකුණු 117ක් ලබා තම කණ්ඩායමේ ජයග්‍රහණයට මූලිකව ක්‍රියා කළේය.

ඒස් කැපිටල් පන්දු වාර 50දී කඩුලු 5ට 214යි – (ඉෂාන් රංගල නොදැවී 68, අදීෂ නානායක්කාර 38, ශෂිරුක පුස්සගොල්ල 35, ඉරෝෂ් සමරසූරිය 24, ආර්.පුංචිහේවා 51/2, ඉන්සක සිරිවර්ධන 32/1)

කලුතර පන්දු වාර 43.2කදී කඩුලු 4ට 215 යි – (ගිහාන් රූපසිංහ නොදැවී 117, ළහිරු අත්තනායක 34, ගනේෂාන් විමලධර්ම 31, චානක කොමසාරු 16/1)

බ්ලූම්ෆීල්ඩ් පිලට ලකුණු 34ක ජයක්

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ සචින් ජයවර්ධන රැස්කළ ලකුණු 85 මත ඔවුනට ජයග්‍රාහි ලකුණු සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවිණි. පන්දු යැවීමේදී ගයාන් සිරිසෝම සහ දිලීප ජයලත් කැපීපෙනුණි.

බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 50දී කඩුලු 8ට 205 – (සචින් ජයවර්ධන 85, දේෂාන් ප්‍රනාන්දු නොදැවී 35, ඉයන් ඩැනියෙල් 30, නිපුන් හග්ගල්ල 24, ළසඳ රුක්මාල් 51/2, අනුක් ද අල්විස් 23/2)

ගුවන් හමුදාව පන්දු වාර 43.1කදී සියල්ල දැවී 171යි – (අසන්ත සංගප්පුලි 69, මොවින් සුබසිංහ 42, සමීර ද සොයිසා 14, ගයාන් සිරිසෝම 15/3, දිලීප ජයලත් 90/3, දේෂාන් ප්‍රනාන්දු 24/2)

මුවර්ස්ට ලකුණු පහක තියුණු ජයක්

ඉතාමත් තියුණු තරගයකින් පසුව එස්.එස්.සී පරදා මුවර්ස් ජය ගත්තේ ලකුණු පහකිනි. මහේල උඩවත්ත මොහොමඩ් ශිරාස් (මුවර්ස්) සහ ෂම්මු අෂාන් (එස්.එස්.සී) පිතිකරුවන් තිදෙනෙකු ශතක ලැබීම මේ තරගයේ විශේෂත්වයකි.

මුවර්ස් පන්දු වාර 50දී කඩුලු 7ට 295 – (මහේල උඩවත්ත නොදැවී 116, මොහොමඩ් ශිරාස් 111, ජීවන් මෙන්ඩිස් 13, කළණ පෙරේරා 49/4, හිමේෂ් රාමනායක 46/1, ප්‍රභාත් ජයසූරිය 66/2)

එස්.එස්.සී පන්දු වාර 50දී කඩුලු 9ට 290 යි – (ෂම්මු අෂාන් 102, ක්‍රිෂාන් සංජුල 77, චරිත් අසලංක 38, ප්‍රවීන් ජයවික්‍රම 65/3, දිල්ෂාන් ගුණරත්න 75/2, අදීෂ් තිලංචන 36/2)

සැරසන්ස් ලකුණු 98කින් ජයගනියි

සැරසන්ස් කණ්ඩායමේ හෂාන් දුමින්ද, ප්‍රමුද් මධුවන්ත සහ චරිත් කුමාරසිංහ අර්ධ ශතක රැස්කළ අතර චමින්ද බණ්ඩාර අකාෂ් සේනාරත්න සහ අයන සිරිවර්ධන කඩුලු දෙක බැගින් දවාලූහ. සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ මනෙල්ක ද සිල්වා අර්ධ ශතකයක් ලැබීය.

සැරසන්ස් පන්දු වාර 50දී කඩුලු 5ට 276යි– (හෂාන් දුමිදු 73, ප්‍රමුද් මධුවන්ත 60, චරිත කුමාරසිංහ 51, සංජය චතුරංග නොදැවී 30, චරිත් රාජපක්ෂ 55/2, මතීෂ පෙරේරා 51/2)

සෙබස්තියනයිට්ස් පන්දු වාර 50දී කඩුලු 9ට 178 යි – (මනෙල්ක ද සිල්වා නොදැවී 58, හසන්ත ප්‍රනාන්දු 37, සුචීර පරනාතල 26, චමින්ද බණ්ඩාර 33/2, අකාෂ් සේනාරත්න 20/2, අයන සිරිවර්ධන 32/2)

නාවික හමුදාවට කඩුලු 3ක ජයක්

නාවික හමුදා ජයග්‍රහණයට චානක රුවන්සිරි තුන් ඉරියව්වේම දැක්වු දක්ෂතා  දායකවිණි. මේරියන්ස් වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 167ක් ලැබීය.

හලාවත මේරියන්ස් පන්දු වාර 50දී කඩුලු 8ට 240 යි – (කමිදු මෙන්ඩිස් 67, කසුන් විදුර 38, රවින් යසස් නොදැවි38, රුමේෂ් 30, ලසිත් කෲස්පුල්ලේ 29, බුද්ධික මධුෂාන් 39/4, චානක රුවන්සිරි 44/3)

නාවික හමුදාව පන්දු වාර 49.2කදී කඩුලු 7ට 241 – (චමෝද් සඳරු 42, චානක රුවන්සිරි 51, බුද්ධික මධුෂාන් 32, තරුෂාන් ඉද්දමල්ගොඩ නොදැවී 33, අවිදු තීක්ෂණ 43/2, ලසිත් කෲස්පුල්ලේ 24/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest