slc
logo
Home   |    News
මාර්තු 18, 2021
එස්.එස්.සී. – යුද හමුදාව විස්සයි-20 අවසන් සටනට

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාලියේ අද (18 දා) පැවැති අර්ධ අවසන් තරග වලදී ජය වාර්තා කළ එස්. එස්. සී. සහ යුද හමුදා ක්‍රීඩා සමාජ අවසන් මහ තරග වරම් දිනා ගැනීමට සමත්වූහ. ඒ අනුව එම අවසන් මහ තරගය ලබන සෙනසුරාදා (20 දා) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙනු ඇත.

අද දිනයේ පැවැති පළමු තරගයේදී ඉකුත් වසරේ ශූරයන් වුණු සී. සී. සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 32 ක ජයක් වාර්තා කරමින් එස්. එස්. සී. කණ්ඩායමද, දෙවැනි තරගයේදී කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 9 ක ජයක්වාර්තා කළ යුද හමුදා ක්‍රීඩා සමාජ අවසන් මහ තරග වරම දිනාගත්හ.

කොළඹ එන්. සී. සී. පිටියේ පෙරවරුවේ පැවැති තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය එස්. එස්. සී, පිල ලකුණු 127 කදී නිමා කිරීමට එස්. එස්. සී. පන්දු යවන්නෝ සමත්වූහ.

පන්දු යැවීමේදී කැපී පෙනුණු ප්‍රභාත් ජයසූරිය ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගනිද්දී හිමේෂ් රාමනායක, තරිඳු රත්නායක සහ ජෙෆ්රි වැන්ඩර්සි කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

පන්දුවට පහර දීමේදී පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක වුණු අවිෂ්ක ප්‍රනාන්දු හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 48 කදී වේගවත් ලකුණු 65 ක් ලබා ගනිමින් එස්. එස්. සී. ජයග්‍රහණයේ වැඩිම කාර්යය භාරයක් ඉටු කරන ලද පිතිකරුවා බවට පත්විය. නිපුන් ධනංජය සමඟ ඉනිම ඇරැඹි අවිෂ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක් එක් කරන ලද්දේ පන්දු 68 ක් පමණක් වැය කරමිනි. එහිදී නිපුන්ගේ දායකත්වය පන්දු 30 කදී ලකුණු 34 කි. ආරම්භයක් ලබා ගත්තද නිපුන් සහ අවිෂ්ක දෙදෙනාම 15 වැනි පන්දුවාය වන විට දැවී යෑම නිසා මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා එස්. එස්. සී. කණ්ඩායමට යෑමට තිබූ අවස්ථාව අහිමි විය.

අවිෂ්ක ප්‍රනාන්දු

පිළිතුරු ඉනිම හඹා යෑමේදී දෙවැනි පන්දුවාරය අවසන් වන විට සී. සී. සී. කණ්ඩායමේ පළමු කඩුලු 3 ම දැවී යෑම සී. සී. සී. පිලට දැවැන්ත පාඩුවක් විය. දැවී ගිය පිතිකරුවන් අතර වැඩිම වගකීමක් හිමි පිතිකරුවන් වන මිනෝද් භානුක, ලසිත් අබේරත්න සහ මලිඳු මදුරංග ඇතුළත්වූහ. අනතුරුව පිටියට පිවිසි අශාන් ප්‍රියන්ජන් සහ රොන් චන්ද්‍රගුප්ත එක්ව කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ නමුත් අනවශ්‍ය පහරක් යෑම හේතුවෙන් ප්‍රියන්ජන් කඩුල්ල අහිමි කර ගත්තේය. කෙසේ වෙතත් සටන අත් නොහළ රොන් චන්ද්‍රගුප්ත හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 45 කදී හයේ ලකුණු 55 ක් රැස් කළද සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සේවය නොලැබී යෑම පරාජයට හේතු විය.

රොන් චන්ද්‍රගුප්ත

මේ අතර පස්වරුවේ පැවැති තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කුරුණෑගල තරුණ පිල කඩුලු 6 ක් දැවී ලකුණු 114 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුද හමුදා පිල එම ඉලක්කය කඩුල්ලක් දැවී ලබාගත්තේ පන්දු 50 ක් ම ඉතිරිව තබාගෙනය.

ජයග්‍රාහී යුද හමුදා පිල වෙනුවෙන් අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි සික්කුගේ ප්‍රසන්න හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 21 කදී නොදැවී ලකුණු 50 ක් ද අෂාන් රන්දික පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමඟ ලකුණු 54 ක් රැස් කළහ.

කුරුණෑගල තරුණ කණ්ඩායමේ පළමු කඩුලු 6 ම ලකුණු 51 කදී බිඳ වැටී තිබියදී පිටියට එක්වූ රන්දීර රණසිංහ සහ ළහිරු ජයරත්න 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 63 ක සම්බන්ධතාවයක් පවත්වමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළට රැගෙන ගියහ.

සික්කුගේ ප්‍රසන්න සහ අශාන් රන්දික

එස්.එස්.සී. – සී.සී.සී.

එස්.එස්.සී. පන්දුවාර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 159 යි – (අවිෂ්ක ප්‍රනාන්දු 65, නිපුන් ධනංජය 34, සම්මු අශාන් 18*, තරිඳු රත්නායක 15*, මාලින්ද පුෂ්පකුමාර 33/2)

සී.සී.සී. පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 127 යි – (රොන් චන්ද්‍රගුප්ත 55, අශාන් ප්‍රියන්ජන් 21, ළහිරු මදුශංක 10, මාලින්ද පුෂ්පකුමාර 15, ප්‍රභාත් ජයසූරිය 16/3, හිමේෂ් රාමනායක 23/2, තරිඳු රත්නායක 29/2, ජෙෆ්රි වැන්ඩර්සි 17/2)

යුද හමුදාව – කුරුණෑගල තරුණ

කුරුණෑගල තරුණ පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 114 යි – (ළහිරු ජයරත්න 34*, රන්දීර රණසිංහ 28*, සමීර සඳමාල් 29, ජනිත් සිල්වා 15/3)

යුද හමුදාව පන්දුවාර 11.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 120 යි – (සික්කුගේ ප්‍රසන්න 50*, අෂාන් රන්දික 54 *)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee