slc
Home   |    News
මාර්තු 27, 2021
කමිල් – අරුණ – දමිතසහ සදුන් ශතක වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ සිකුරාදා (26) පැවැති තරග 12 අතුරෙන් එන්.සී.සී සහ කලුතර නාගරික අතර තරගයේදී එන්.සී.සී කණ්ඩායමේ කමිල් මිෂාර නොදැවී ලකුණු 102ක් රැස් කරමින්ද  පානදුර සහ ගාල්ල තරගයේදී පානදුර කණ්ඩායමේ අරුණ ධර්මසේන නොදැවී ලකුණු 112ක් ලබා ගනිමින්ද ශතක වාර්තා කළහ. මීට අමතරව බදුරලිය කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි 121ක්ද ලන්කන් කණ්ඩායමේ දුනිත් සිල්වා 118 ක්ද ලබා පිත්තෙන් දස්කම් පෑහ.

මෙදින තරග ජය ගනු ලැබුවේ යුද හමුදාව, කැන්ඩි කස්ටම්, එන්.සී.සී, පොලීසිය, එස්.එස්.සී, කුරුණෑගල යූත්, නිගම්බු, පානදුර, රාගම, ටැමිල් යූනියන්, බදුරලිය සහ ලන්කන් කණ්ඩායම්ය. තරග 12න් තරග පහක්ම ජයග්‍රහණ අත්වූයේ ඇදිරි කාලගුණය මත ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. ඩක්වර්ත් ක්‍රමයට ජයග්‍රහණ අත්වූයේ එස්.එස්.සී, නිගම්බු, පානදුර, ටැමිල් යූනියන් සහ බදුරලිය කණ්ඩායම්වලටය.

යුධ හමුදාව -බී.ආර්.සී

යුධ හමුදාවට ලකුණු 81ක ජයක්

යුධ හමුදාව පන්දුවට පහර දෙන අවස්ථාවේ ලකුණු 22කට කඩුලු හතරක් දැවී සිටියද නායක තිසර පෙරේරා අර්ධ ශතකයක් (58) ලබා ගනිමින් කණ්ඩායමට ප්‍රමාණවත් (ලකුණු 175) යාමට අවස්ථාව උදාකර දීමෙන් යුධ හමුදා කණ්ඩායමට ජය මාවත විවෘත විණි.

යුධ හමුදාව පන්දුවාර 46.4කදී 175 යි – (තිසර පෙරේරා 58, හිමේෂ් ලියනගේ 47, දුෂාන් විමුක්ති 16, චාමර දිසානායක 23/3, ළහිරු සමරකෝන් 30/2)

බී.ආර්.සී පන්දුවාර 34.1කදී 94 – (නිමේෂ් ගුණසිංහ 38 ,දුෂාන් හේමන්ත 19, දුෂාන් විමුක්ති 27/3 , සුමිඳු ලක්ෂාන් 22/2)

ගුවන් හමුදාව – කැන්ඩි කස්ටම්

කැන්ඩි කස්ටම් කඩුලු පහක ජයක්

කැන්ඩි කස්ටම් කණ්ඩායමේ චානක විජේසිහ නොදැවී ලකුණු76ක් සහ උමේග චතුරංග ලකුණු 33 කට කඩුලු හතරක් දවාලමින් කැන්ඩි කස්ටම් කණ්ඩායමේ ජයග්‍රහණයට මුල්විණි.

ගුවන් හමුදාව පන්දුවාර 44.4කදී සියල්ල දැවී 161 යි – (රවිඳු සෙම්බුකුට්ටිගේ 37, අසංග සිංගපුලි 19,  චාමර ප්‍රනාන්දු 18, උමංග චතුරංග 33/4, සචිත්‍ර පෙරේරා 37/2)

කැන්ඩි කස්ටම් පන්දුවාර 31.2කදී කඩුලු 5ට 163 යි – (චානක විජේසිංහ නොදැවී 76, අකෙල් ඉන්ගම් 22, සජිත් ප්‍රියාල් 17, අසංග සිංගපුලි 36/2, සඳරුවන් චින්තක 37/2)

එන්.සී.සී -කලුතර නාගරික

එන්.සී.සී පිලට ලකුණු 159 ක ජයක්

එන්.සී.සී. වෙනුවෙන් කමිල් මිෂාර නොදැවී 102 ක්ද චතුරංග ද සිල්වා ලකුණු 59ක්ද ලැබූ අතර පන්දු යැවීමේදි එම කණ්ඩායමේ අෂේන් ඩැනියල් සහ චතුරංග ද සිල්වා කඩුලු තුන බැගින් දවාලුහ.

එන් සී.සී. පන්දුවාර 49කදී කඩුලු 6ට 269 යි – (කමිල් මිෂාර නොදැවී 102 , චතුරංග ද සිල්වා 59, සහන් ආරච්චිගේ 51, ඉන්ංක සිරිවර්ධන 54/3 ,මිතුන් ජයවික්‍රම 35/2)

කලුතර නාගරික කණ්ඩායම පන්දුවාර 28 කදී සියල්ල දැවී 110 යි – (ළහිරු හිරන්‍ය නොදැවී 50, හෙෂාන් විමළ ධර්ම 13,  චතුරංග ද සිලවා 22/3, අෂේන් ඩැනියල් 19/3)

සැරසන්ස් – පොලිසීය

සැරසන්ස් පිලට ලකුණු 68 ක ජයක්

සැරසන්ස් වෙනුවෙන් ආරම්භක පිතිකරු චරිත් කුමාරසිංහ ලකුණු 76ක්ද ප්‍රමෝද් මධුවන්ත ලකුණු 69ක්ද ලබා ගත්හ. එම කණ්ඩායමේ චමින්ද බණ්ඩාර ලකුණු 34කට කඩුලු 4ක් දවාලීය.

සරසන්ස් පන්දු වාර 50දී කඩුලු 5ට 287යි – (චරිත් කුමාරසිංහ 76, ප්‍රමෝද් මධුවන්ත 69, හෂේන් රාමනායක නොදැවී 46)

පොලීසිය පන්දුවාර 44කදී 219යි – (මදුරංග සොයිසා 62, සමන්කුමාර 33, ලක්ෂාන් රුද්‍රිගෝ 25, චමින්ද බණ්ඩාර 34/4, උදිත් මධුෂාන් 44/2යි)

එස්.එස්.සී. – සෙබස්තියනයිට්ස්

එස්.එස්.සී ලකුණු 95ක ජයක්

එස්.එස්.සී ආරම්භක පිතිකරු නිපුන් ධනංජය නැවත ලකුණු අතරට පිවිසෙමින් ලකුණු 76ක් ලැබීය. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 68ක්ද ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 64ක්ද ලැබූහ.

එස්.එස්.සී පන්දු වාර 50දී කඩුලු 9ට 295යි – (නිපුන් ධනංජය 76, නුවනිදු ප්‍රනාන්දු 68, ජෙෆ්රි වැන්ඩසේ 64, ක්‍රිෂාන් සංජුල 37, චරිත් රාජපක්ෂ 48/3, සචිත් ජයතිලක 64/3)

සෙබස්තියනයිට්ස් පන්දු වාර 39කදි කඩුලු 7ට 148යි – (සුචිර පරනාතල 31, සචිත්‍ර ජයතිලක නොදැවී 31, ප්‍රභාත් ජයසූරිය 23/3, හිමේෂ් රාමනායක 35/2)

කෝල්ට්ස් – කුරුණෑගල යූත්

කුරුණෑගල යූත් කඩුලු 5කින් ජයගනියි

කුරුණෑගල කණ්ඩායම ලකුණු 228 ක ඉලක්කයක් කරා යද්දී ආරම්භක පිතිකරු ගයාන් මනීෂාන් ලකුණු 79ක් ලබා (ආබාධ වී ඉවත්වූවා) ජයග්‍රහයට මුල්විණි. නායක සමීර සදමාල් ද ලකුණු 56ක් ලැබීය.

කොල්ට්ස් පන්දු වාර 49.1කදී සියල්ල දැවී 227යි – (හර්ෂ රාජපක්ෂ 41, සංතූෂ් ගුණතිලක 26, නවීන් ගුණවර්ධන 30/3, ළහිරු ජයරත්න 38/2)

කුරුණෑගල යූත් පන්දු වාර 43.4කදී කඩුලු 5ට 228යි – (ගයාන් මනීෂාන් 79, සමීර සදමාල් 56, රවිඳු කරුණාරත්න නොදැවී 26, අකිල ධනංජය 42/2, ජෙහාන් ඩැනියෙල් 23/1)

නිගම්බු – නුගේගොඩ

නිගම්බු ලකුණු 25ක ජයක් ලබයි

නිගම්බු කණ්ඩායමේ අෂාන් සිල්වා ලකුණු 53ක්ද උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 46ක්ද ලැබූහ.

නිගම්බු පන්දු වාර 50දී කඩුලු 9ට 214යි – (අෂේන් සිල්වා 53, උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 46, ළහිරු මිලන්ත 29, විමුක්ති කුලතුංග 22/2යි, ළහිරු ජයකොඩි 17/2යි)

නුගේගොඩ පන්දු වාර 28කදී කඩුලු 4ට 140යි – (හර්ෂ පෙරේරා 42, මාලින්ද මලිගස්පෙ 30,  මුදිත් ලක්ෂාන් නොදැවී 30, මාධව වර්ණපුර 12/2යි, දිල්ෂාන් මුනවීර 34/1යි)

ගාල්ල – පානදුර

ඩක්වර්ත් ක්‍රමයට පානදුරට ලකුණු 55ක ජය

පානදුර කණ්ඩායමේ අරුණ ධර්මසේන මේ තරගයේදී නොදැවී 112ක් ලබා දස්කම් දැක්වීය. පන්දු යැවීමේදී චරිත් ජයම්පති ලකුණු 24කට කඩුලු තුනක් දවාලූවේය.

ගාල්ල පන්දු වාර 46.4කදී 218යි – (ඉමේෂ් උදයංග 40, රජිත් ප්‍රියාන් නොදැවී 34, රාජු ගයාෂාන් 37, කවිදු එදිරිවීර 19, චරිත් ජයම්පති 24/3, කොසාන් ධනුෂ්ක 38/3)

පානදුර පන්දු වාර 39කදී කඩුලු 4ට 209යි – (අරුණ ධර්මසේන නොදැවී 112, අමන්ත පීරිස් 31, කවිදු අෂාන් 27, චලන ද සිල්වා 18/2)

ටැමිල් යූනියන් – වරාය අධිකාරිය

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ටැමිල් යූනියන්ට ලකුණු 109 ක ජයක්

ටැමිල් යූනියන් කණ්ඩායමේ නායක ඉසුරු උදාන ලකුණු 51ක් ද වරාය කණඩායමේ ඉරෝෂ් සමරසූරිය ලකුණු 44ක් ද ලබා කණ්ඩායම් දෙක වෙනුවෙන් වැඩිම ලකුණු රැසකළහ.

ටැමිල් යූනියන් පන්දුවාර 47දී කඩුලු 9ට 283යි – (ඉසුරු උදාන 51, සධීර සමරවික්‍රම 40, සුපුන් කවිදු 40, රවිඳු රසාන්ත 34, දිල්රුවන් පෙරේරා 32, මධුක ලියනපතිරගේ 22, කවිදු රිද්ම 80/3, ශෂික පුස්සේගොඩ 44/3)

වරාය පන්දු වාර 26කදී කඩුලු 6ට 92යි – (ඉරෝෂ් සමරසූරිය 44, ඉෂාන් රංගන 20, ශිරාන් ප්‍රනාන්දු 23/2, මධුක ලියනපතිරගේ 22/2, සචිදු කොළඹගේ 15/2)

රාගම – නාවික හමුදාව‍

රාගමට කඩුලු 2ක ජයක්

රාගම කණ්ඩායමේ දිනෙත් තිමෝද්‍ය (51) සහ ශෂික දුෂාන් (28/3යි) මේ තරගයේදී පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් පෑහ.

නාවික හමුදාව පන්දු වාර 50කදී කඩුලු 9ට 208යි – (බුද්ධික මධුෂාන් 67, තුෂාර සමරකෝන් 36, ශලිත් ප්‍රනාන්දු 36, ශෂික දුෂාන් 28/3, බිනුර ප්‍රනාන්දු 17/2)

රාගම පන්දු වාර 48.1කදී කඩුලු 8ට සියල්ල දැවී 212 – (දිනෙත් තිමෝද්‍ය 51, නිෂාන් මධුෂ්ක 44, ජනිත් ලියනගේ 44, චමෝද් බැට්ටගේ 28/3, චානක රුවන්සිරි 22/1)

සී.සී.සී – බදුරලිය

ඩක්වර්ත් ලුවිස්ට අනුව බදුරලියට ලකුණු 10 ක ජයක්

සී.සී.සී කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත (96) පවන් රත්නායක (78) බදුරලිය කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි (121) මේ තරගයේදී පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

සී.සී.සී පන්දුවාර 49.2කදී සියල්ල දැවී 255යි – (රොන් චන්ද්‍රගුප්ත 96, පවන් රත්නායක 78, බුද්ධික සංජීව 51/3, චාමිකර එදිරිසිංහ 52/3)

බදුරලිය පන්දු වාර 38කදී කඩුලු 4ට 181යි – (සඳුන් වීරක්කොඩි 121, දිල්ෂාන් ද සොයිසා 26, අෂාන් ප්‍රියංජන් 33/2)

හලාවත මේරියන්ස් – ලන්කන්

හලාවත මේරියන්ස් ලකුණු හතරකින් ජයගනී

ලන්කන් කණ්ඩායමේ දුනිත් සිල්වා පන්දු 135කදී හතරේ හයක් සහ හයේ පහක් සමග ලබාගත් ලකුණු 118 මත ඔවුනට මේරියන්ස්ට ප්‍රබල සටනක් ලබාදීමට අවස්ථාව උදාවිණි.

මේරියන්ස් පන්දු වාර 50දී කඩුලු 9ට 271යි – (තීක්ෂණ ද සිල්වා 51, රුමේෂ් බුද්ධික 54, පුලින තරංග  46, රවීන් යසස් 35, කෙෂාන් විජේරත්න 57/2, දමිත සිල්වා 43/2)

ලන්කන් පන්දුවාර 49.3කදී සියල්ල දැවී 267යි – (දුනිත් සිල්වා 118, රුසිත් උපමාල් 37, කසුන් අබේරත්න 34, තීක්ෂණ ද සිල්වා 59/3, කමිදු මෙන්ඩිස් 34/2, ලසිත් කෲස්පුල්ලේ 52/2)

  • බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest