slc
Home   |    News
මාර්තු 23, 2021
කාන්තා එක්දින තරගාවලියේ සමාරම්භයේදීම කැපී පෙනෙන දක්ෂතා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී (මාර්තු 21) පැවැති තරගවලදී යුද හමුදාව නියෝජනය කරමින් තරගාවලියට අවතීර්ණ වී සිටින කණ්ඩායම් ද්විත්ව ජයවාර්තා කිරීමට සමත්වූහ.

‘ඒ’ සහ ‘බී’ වශයෙන් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින යුද හමුදා කණ්ඩායම් අතරින් ‘ඒ’ කණ්ඩායම හළාවත මේරියන්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක්ද, සීනිගම ක්‍රිකට් සමාජයට එරෙහි තරගයෙන් බී කණ්ඩායම ලකුණු 17 ක ජයක් ද අත්කර ගත්තේය. එම තරගයේ ප්‍රතිඵලය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම් විය.

ඊභට අමතරව යුද හමුදාව මෙන්ම කණ්ඩායම් 2 ක් නියෝජනය කරනු ලබන ගුවන් හමුදා කණ්ඩායමේ ‘ඒ’ කණ්ඩායම විසින් ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම හමුවේ ලකුණු 115 ක දැවැන්ත ජයක් වාර්තා කිරීම කැපී පෙනුණි.  සෙසු තරගයේදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදා පිල කඩුලු 10 ක පහසු ජයක් ලැබීය.

ගුවන් හමුදාව “ඒ” – ගුවන් හමුදාව “බී”

ගුවන් හමුදාව “ඒ” පිලට ලකුණු 115 ක ජයක්

කටුනායක පැවති මේ තරගයෙන් ගුවන් හමුදා “ඒ” කණ්ඩායමේ අමා කාංචනා (60) සඳුනි අබේවික්‍රම (49) සහ ඕෂානි රණසිංහ දැක්වූ විශිෂ්ඨ දක්ෂතා මත ගුවන් හමුදා “ඒ” කණ්ඩායම පහසුවෙන් ජය ලැබුවේ ලකුණු 115කිනි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකා අමා කාංචනා පන්දු 70කදී හතරේ හතක් සමග ලකුණු 60ක් ද සඳුනි අබේවික්‍රම පන්දු 96කදී හතරේ දෙකක් සමග ලකුණු 49ක්ද රැස් කළහ.

ගුවන් හමුදාව “ඒ” පන්දුවාර 50කදී කඩුලු 6ට 189 යි – (අමා කාංචනා 60, සඳනි අබේවික්‍රම 49, යශෝධා මෙන්ඩිස් 23, මල්ෂා ෂේෂානි නොදැවි 19 , හර්ෂනි මදුවන්ති 24/2, රිඩී සමරසිංහ 47/2)

ගුවන් හමුදා “බී” කණ්ඩායම පන්දුවාර 33.3 කදී සියල්ලන් දැවී 74 යි – (සකුනි විජේසිංහ 14,චතුරානි ගුණවර්ධන 12,කේ.සුරන්ති 12,ඕෂනි රණසිංහ 10/5,ඉනෝකා ප්‍රනාන්දු 10/2)

නාවික හමුදාව – කොල්ට්ස්

නාවික හමුදාවට කඩුලු 10ක ජයක්

වැලිසර පැවති මේ තරගයේදී නාවික හමුදාවේ ඉනෝකා රණවීර (18/4 යි) හෂිනි පෙරේරා (39)විශේෂ දක්ෂතා දැක්විය. හෂිනි පෙරේරා පන්දු 39කදී හතරේ නවයක් සමග ලකුණු 48 ක්ද සත්‍යා සංදීපනී පන්දු 36කදී හතරේ තුනක් සමග නොදැවී ලකුණු 26ක් ද ලබා ගත්හ.

කොල්ට්ස් පන්දුවාර 41.2කදී සියල්ලන් දැවී 82 යි – (දුලංගා දිසානායක 11,කෞෂානි සෙනවිරත්න 14,ශිරෝමා අතුකෝරල 10,හසිනි ලියනගේ 18,ඉනෝකා රණවීර 18/4,ශෂිකලා සිල්වා 7/1)

නාවික හමුදාව පන්දුවාර 12.1කදී කිසිවෙකු නොදැවි 83යි – (හෂිනි පෙරේරා 48,සත්‍යා සංදීපනි නොදැවී 26  

යුධ හමුදාව “ඒ” – හලාවත මේරියන්ස්

යුධ හමුදා “ඒ” පිලට කඩුලු 8ක ජයක්

පනාගොඩදි පැවති මේ තරගයෙන් යුධ හමුදා “ඒ” පිල කඩුලු 8කින් ජය ගත්තේ පහසු අයුරිනි. යුධ හමුදා “ඒ” කණ්ඩායමේ ගනේෂා චමරි ලකුණු 14කට කඩුලු 5ක් දවාලු අතර එම කන්ඩායමේ ඉමල්කා මෙන්ඩිස් පන්දු 39කදී හතරේ තුනක් සමග  ලකුණු 31ක්ද ක්‍රීෂාන්ති සඳමාලි පන්දු  65කදී හතරේ හතරක් සමග ලකුණු 37ක්ද  රැස් කළහ. මේරියන්ස් නායිකාව චමරි අතපත්තු පන්දු 44කදී හතරේ පහක් සහ හයේ තුනක් සමග ලකුණු 53ක් ලබා ගත්තාය.

හලාවත මේරියන්ස් පන්දුවාර 31කදී සියල්ල දැවී 86 යි – (චමරි අතපත්තු 53,පබසර රණබාහු 12,තෙලිෂියා චතුරංගි 10,ගනේෂා චමරි 14/5 , යුගන්ධිකා කුමාරි 28/2)

යුධ හමුදා “ඒ” පන්දුවාර 21.5කදී කඩුලු 2ට 87 යි – ( ඉමල්කා මෙන්ඩිස් 31 ,ක්‍රිෂාන්ති සඳමාලී 37 යි, සදුනි නිසංසලා 15/1)

යුධ හමුදාව “බී” – සීනිගම

යුධ හමුදාව “බී” කණ්ඩායමට ලකුණු 17ක ජය

හික්කඩුවේ පැවති මේ තරගයට වර්ෂාවෙන් බධා ඇති වූ අතර යුධ හමුදා “බී” ලකුණු 17කින් ජය ලැබුවේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ය. සීනිගම කණ්ඩායමේ කවීෂා දිල්හාරි ලකුණු 81ක් ලබා මෙදින තරග අතරින වැඩිම ලකුණු  ලැබුවේ පන්දු 106කට මුහුණ දී හතරේ තුනක් හා හයේ තුනක් සමඟය.

සීනිගම ක්‍රිකට් සමාජය පන්දුවාර 46.4කදි සියල්ල දැවී 136 යි – (කවිෂා දිල්හාරි 81, මදාරා සමරකෝන් 24/2 යි, සුදර්ශනි බණ්ඩාර 23/2)

යුධ හමුදා “බී”  පන්දුවාර 23කදී කඩුලු 5ට 97 යි – (ඉරේෂා දමයන්ති 33, සචිනි ද සිල්වා 18 සකුන්තලා ද සිල්වා 10, සචිනි නිසංසලා 33/3 යි)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest