slc
Home   |    News
මාර්තු 10, 2021
කොදෙව්වන්ට එරෙහි අපරාජිතත්වය රැක ගැනීමේ වැඩි වගකීම වනිඳුගේ කර මතට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් පසු දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 10 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. එහෙත් 2016 වසරේ සිට මේ දක්වා දෙරට අවස්ථා 5 කදී මුණ ගැසී තිබෙන අතර ඒ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත්ව සිටියි. දෙරට අතර ආරම්භ වන මෙම ද්වී පාර්ශ්වික තරගාවලියේ සත්කාරක වාසිය භාවිතයට ගනිමින් එම පරාජිත ගමනට තිත තැබීමේ අටියෙන් කොදෙව්වන් තරග බිමට අවතීර්ණ වනු ඇත.

එමෙන්ම පෙර පැවැති විස්සයි-20 තරගාවලිය ජය ගැනීමට සමත්ව සිටීම කොදෙව් කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ නංවන්නක් බවට පත්ව තිබෙන අතර එය ඔවුන්ට හිමි අමතර වාසියකි. තත්ත්වය එවන් තලයක පවතිද්දී කොදෙව්වන්ගේ හිසරදය බවට පත්ව සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වේ. අවසන් වුණු විස්සයි-20 තරගාවලියේදී පමණක් නොව මීට වසරකට පමණ ඉහත කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග වැදි එක්දින තරගාවලියේදීද වැඩි දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක තරගාවලි ජයක් කරා රැගෙන යෑමට වනිඳු හසරංග සමත්වූවේය.

අන්තර්ජාතක ශ්‍රේණිගත කිරීමේ තමන් රැඳී සිටින ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තරගාවලියේ ජය පරාජය බලපෑමක් සිදුනොකරන නමුත් දෙරට අතර පවතින ප්‍රසාද ලකුණු පරතරයේ වෙනසක් පමණක් සිදුවනු ඇත. අදාළ ශ්‍රේණිගත කිරීමේදී ප්‍රසාද ලකුණු 85 ක් ලබා සිටින ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටද ප්‍රසාද ලකුණු 74 ක් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 9 වැනි ස්ථානයේ සිටද අද තරගයට අවතීර්ණ වනු ලබති.

ප්‍රසාද ලකුණු 11 ක පරතරයක් සහිතව ආරම්භ වන තරගාවලියේ සියළුම තරග ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 87 දක්වා ඉහළ යනු ඇත. එසේ වුවහොත් කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව 74 සිට 72 දක්වා පහළ යනු ඇත. තත්ත්වය ඊට හාත්පසින්ම හෙවත් තරාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට කොදෙව්වෝ සමත්වුවහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 78 දක්වා ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 දක්වා පහළ බසිනු ඇත.

විස්සයි-20 තරගාවලිය මඟ හැරුණු දසුන් ශානකද මේ වන විටත් කණ්ඩායම සමඟ එකතු වී සිටියද පළමු තරගය සඳහා සහභාගිවීමේ අවස්ථාව ඔහුට අහිමිවනු ඇත. පළමු තරගයේදී දිමුත් කරුණාරත්න නායකත්වය දරමින් කණ්ඩායම හා එක්වනු ලබන නමුත් දෙපිළේ පිතිකරණ ශක්තිය සංසන්දනයේදී කොදෙව් පිල ඉදිරියෙන් සිටීම පිළිගත යුතුය. එහෙත් විස්සයි-20 තරගාවලියේදී ජාත්‍යන්තර වරම් දිනාගත් පැතුම් නිස්සංක සහ අෂේන් බණ්ඩාර ද පිතිකරුවන් වශයෙන් දක්ෂතා දැක්වීමට සමත්වීම, ශ්‍රී ලංකා කඳවුරෙන් සුභදායක ලකුණකි.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, වනිඳු හසරංග, නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඕෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ඩිල්ෂාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – කිරන් පොලාර්ඩ් (නායක), ඩැරන් බ්‍රාවෝ, ෂායි හෝප්, ෆේබියන් ඇලන්, ජේසන් හෝල්ඩර්, අකීල් හොාසේන්, අල්සාරි ජෝෂප්, එවින් ලුවිස්, කයිල් මේයර්ස්, ජේසන් මොහොමඩ්, නිකොලස් පූරාන්, රොමාරියෝ ෂෙපර්ඩ්, කෙවින් සින්ක්ලෙයාර්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest