slc
logo
Home   |    News
මාර්තු 19, 2021
දෙදින පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මාර්තු 21 වැනිදා ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු සහ එකම දෙදින පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 56 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ඇරැඹි ළහිරු තිරිමාන්න ලකුණු 23 ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 27 ක් වශයෙන් ලබා සිටියහ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී සියලු දෙනා ලකුණු 170 කට සීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 47 ක් රැස් කළේ පන්දු 90 කට මුහුණ දෙමිනි. ඔහුට අමතරව දිනේෂ් චන්දිමාල් ද  ලකුණු 40 සීමාව ඉක්මවා ගිය අනෙක් පිතිකරුවා බවට පත්විය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලබා දුන් ඉලක්කය හඹා ගිය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම ලකුණු 294 ක් ලබා ගත්තේය. එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ලද ෂායි හෝප් මෙම තරගයටද ක්‍රීඩා කරමින් පන්දු 89 කදී ලකුණු 68 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව කයිල් මේයර් සහ නායක රොස්ටන් චේස් අර්ධ ශතක රැස් කළහ.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් බිඳ දමද්දී සුරංග ලක්මාල් කඩුඅලු 2 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 172 යි – (ඕෂද ප්‍රනාන්දු 47, දිනේෂ් චන්දිමාල් 40, පැතුම් නිස්සංක 23, ධනංජය ද සිල්වා 17, දසුන් ශානක 13, නිරෝෂන් දික්වැල්ල 13, රොස්ටන් චේස් 12/4, ඇන්ඩර්සන් පිලිප් 47/3, කෙමාර් රෝච් 41/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 13 කදී කිසිවකු නොදැවී ලකුණු 56 යි – (ළහිරු තිරිමාන්න 23*, දිමුත් කරුණාරත්න 27*)

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ පිල පන්දුවාර 81.2 කදී සියලු දෙනා දැවී ලකුණු 294 යි – (ෂායි හෝප් 68, කයිල් මේයර්ස් 57, රොස්ටෙන් චේස් 52, ඩැරන් බ්‍රාවෝ 30, කෙවෙන් හොජ් 13, ධනංජය ද සිල්වා 26/3, ලසිත් ඇඹුල්දෙණිය 69/3, සුරංග ලක්මාල් 14/2)

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee