slc
logo
Home   |    News
මාර්තු 19, 2021
බංග්ලාදේශ පිල අප්‍රේල් 12 ශ්‍රී ලංකාවට

sinhala editor

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

මෙම තරගාවලිය මීට පෙර ඉකුත් 2020 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාස වලදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ නමුත්, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය.

තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 ම මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට පෙර බංග්ලාදේශ කණ්ඩායම, ඔවුන් නොවුන් අතර වූ දෙදින පුහුණු තරගයකට අප්‍රේල් මස 17 සහ 18 යන දෙදින කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee