slc
Home   |    News
මාර්තු 29, 2021
ශෂිකලා, චමරි, නිලක්ෂි දක්ෂතා දක්වති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (27) පැවැති තරග හතරේදී මේරියන්ස් නායිකා චමරි අතපත්තු (96) නාවික හමුදාවේ ශෂිකලා සිරිවර්ධන (නොදැවී 30 සහ 10/3යි) යුද හමුදා ඒ කණ්ඩායමේ නායිකාව නිලක්ෂි ද සිල්වා (නොදැවී 69)  සහ ගුවන් හමුදා ඒ කණ්ඩායමේ චමරි පොල්ගම්පල (17/3යි සහ 11යි) කැපී පෙනෙන දක්ෂතා පෙන්වූහ. මොවුන් සියල්ල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන්ය.

මෙදින පැවැති තරග අතුරින් හලාවත මේරියන්ස් ලකුණු 49කින් යුද හමුදා බී ද නාවික හමුදාව ලකුණු 104කින් සීනිගම ක්‍රිකට් සමාජයද යුද හමුදා ඒ ලකුනු 38කින් ගුවන් හමුදා බී ද ගුවන් හමුදා ඒ කඩුලු හයකින් කෝල්ට්ස් ද පරාජය කළහ. එකම ක්‍රීඩිකාවකට හෝ ශතකයක් ලබාගත හැකිනොවු අතර චමරි අතපත්තුට එය අහිමි වූයේ ලකුණු හතරකිනි. අයහපත් කාලගුණය මෙදින තරගාවලියට බාධාවක් නොවීය.

හලාවත මේරියන්ස් – යුද හමුදා “බී”

හලාවත මේරියන්ස්ට ලකුණු 49 ක ජයක්

කටුනායක පැවැති මේ තරගයේදී හලාවත මේරියන්ස් නායිකාව චමරි අතපත්තු ලකුණු 96ක් රැස් කිරීමෙන් සහ එම කණ්ඩායමේ ජනාදි අමාලි ලකුණු 19කට කඩුලු තුනක් දවාලී මත මේරියන්ස් කණ්ඩායම පහසු ජයක් අත්කර ගත්තේ ලකුණු 49කි.

මීට දින දෙකකට පෙර මේරියන්ස් නායිකාව චමරි අතපත්තු ශතකයක් රැස් කළත් මෙවර ඇයට එය අහිමි වූයේ ලකුණු  හතරකිනි. චමරි මෙදින ලකුණු 96ක් ලබාගත්තේ පන්දු 70කට මුහුණදී හතරේ 12ක් සහ හයේ පහර හතරක් සමගය.

හලාවත මේරියන්ස් පන්දු 48.4කදී සියල්ල දැවී 166යි – (චමරි අතපත්තු 96, දෙව්නි විහංගා 18, සදුනි නිසංසලා 11,අයේෂා සදමාලි 32/2යි, හර්ෂ ගුණරත්න 36/2)

යුද හමුදා “බී” පන්දු වාර 42.3කදී සියල්ල දැවී 117යි – (ඉරේෂා දමයන්ති 32, අයේෂා සදමාලි 37, ගයානි බණ්ඩාර 10, ජනාදි අමාලි 19/3යි, දෙව්නි විහංගා 15/2)

නාවික හමුදා – සීනිගම

නාවික හමුදාවට ලකුණු 104 ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකාවක වන නාවික හමුදාවේ ශෂිකලා සිරිවර්ධන පන්දු 43කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 30ක් ලබා පසුව ලකුණු 10කට කඩුලු තුනක්ම දවා මේ තරගයේදී  තුන් ඉරියව්වේම දස්කම් පෑවාය. මීට අමතරව ඉනෝකා රණවීර ලකුණු 21කට කඩුලු 4ක් බිදදැමුවාය.

නාවික හමුදාව පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී 152යි – (ශෂිකලා සිරිවර්ධන නොදැවී 30, සත්‍යා සංදීපනි 23, ප්‍රසාදිනි වීරක්කොඩි 19, හර්ෂිතා සමරවික්‍රම 17, හංසිමා කරුණාරත්න 14, ඉමේෂා දුලානි 29/2, කවීෂා දිල්හාරි 21/2, සචිනි නිසංසලා 18/2)

සීනිගම පන්දුවාර 17.3කදී  සියල්ල  දැවී 48යි – (නෙත්මි පූර්ණා 11,ඉමේෂා දුලානි 09, ඉනෝකා රණවීර 21/4, ශෂිකලා සිරිවර්ධන 10/3)

යුද හමුදාව “ඒ” – ගුවන් හමුදාව “බී”

යුද හමුදා “ඒ” ලකුණු 38කින් ජයගනියි

යුද හමුදා නායිකාව නිලක්ෂි ද සිල්වා පන්දු 93කදී හතරේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 69ක් ලබා තම කණ්ඩායමේ ජයග්‍රහණයට මුල්වූවාය. යුද හමුදා කණ්ඩායමේ ගනේෂා චමරි, අචිනි කුලසූරිය සහ සුගන්ධිකා කුමාරි පන්දු යැවීමේදී විශේෂ දක්ෂතා දැක්වූහ.

යුද හමුදා “ඒ” පන්දු වාර 50දී කඩුලු 7ට 148යි – (නිලක්ෂි ද සිල්වා නොදැවී 69, අනුෂ්කා සංජීවනි 22, ඉමල්කා මෙන්ඩිස් 12, චතුරානි ගුණවර්ධන 31/3යි, ලංකා මෙන්ඩිස් 27/2)

ගුවන් හමුදා “බී” පන්දුවාර 47.1කදී  සියලුදෙනා දැවී 70යි – (හර්ෂනී විජේසූරිය 25, චතුරානි ගුණවර්ධන 11, ගනේෂා චමරි 16/3, අචිනි කුලසූරිය 10/2, සුගන්ධිකා කුමාරි 10/2)

ගුවන් හමුදාව “ඒ” – කෝල්ට්ස්

ගුවන් හමුදා “ඒ” කඩුලු හයකින් ජයගනියි

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී යුද හමුදා ක්‍රීඩිකාවෝ පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත් පන්දු වාර 23.3ක් ඉතිරිව තිබියදීය.

මේ තරගයේදි චමරි පොල්ගම්පල තුන් ඉරියව්වේම දස්කම් පෑවාය. චමරි සහ ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු තුන බැගින් දවාලූහ.

කෝල්ට්ස් පන්දු වාර 38.5කදී සියලු දෙනා දැවී 85යි – (අමාදි විජේසිහ 14,ගයානි සිල්වා 12, ඉමේෂි සේනානායක 09, චමරි පොල්ගම්පොල 17/3, ඉනෝෂි ප්‍රනාන්දු 17/3, අමා කාංචනා 15/1)

ගුවන් හමුදා “ඒ” පන්දු වාර 26.3කදී  කඩුලු 4ට 86යි – (ළිහිණි අප්සරා 31, ඕෂනී රණසිංහ 15, චමරි පොල්ගම්පොල 11, යශෝධා මෙන්ඩිස් 10,අමාදි විජේසිංහ 20/2යි, සදලි වීරසිංහ 15/1)

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest