slc
logo
Home   |    News
මාර්තු 29, 2021
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගනියි

sinhala editor

නෝර්ත් සවුන්ඩ්හි අද (29 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබීය. පළමු තරගය පැවැති නෝර්ත් සවුන්ඩ්හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන මෙම තරගයේදී පෙර තරගයට ලැබුණු තණතීරුවට වඩා අද තරගය පැවැත්තවෙන ණතීරුවේ තණකොල සහ තෙතමනය තරමක් වැඩි වශයෙන් පැවැතීම ශ්‍රී ලංකා නායකයාට එම තීරණය ගැනීමට වූ හේතු සාධක බවට පත්විය.

තණතීරුවේ හැසිරීම පිළිබඳව වාර්තාවේදී එය අවසන් දින දෙකේදී බොහෝ විට දඟ පන්දු යවන්නන්ට වාසි දායක වන අයුරින් හැසිරෙනු ඇති බවට අනුමාන කෙරිණ. එය එසේ වුවත් කණ්ඩායම් දෙකම මෙම තරගයට අවතීර්ණව සිටින්නේ කණ්ඩායමට එක් ප්‍රධාන දඟ පන්දු යවන්නකු බැගින් ඇතුළත් කරමිනි. එහිදී බටහිර ඉන්දීය කොදෙව් පිල රකීම් කෝන්වෙල් පිළිබඳව ශ්‍රී ලංකාව ලසිත් ඇඹුල්දෙණිය පිළිබඳවද විශ්වාසය තබමින් අවතීර්ණ වී සිටිති. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද කණ්ඩායම් වල කිසිම වෙනසක් සිදු නොකරමින් දෙපිළම අද තරගයට අවතීර්ණ වී සිටීම කැපී පෙනෙයි.

බටහිර ඉන්දීය කොදෙව් පිල – 1. ක්‍රෙග් බ්‍රැත්වයිට් (නායක), 2. ජෝන් කැම්බෙල්, 3. න්කෘමා බෝනර්, 4. කයිල් මේයර්ස්, 5. ජරමයින් බ්ලැක්වුඩ්, 6. ජොෂුවා ද සිල්වා, 7. ජේසන් හෝල්ඩර්, 8. රකීම් කෝන්වෝල්, 9. අල්සාරි ජෝසප්, 10. කෙමාර් රෝච්, 11. ෂෙනන් ගේබ්‍රියල්.

ශ්‍රී ලංකා පිල – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. ළහිරු තිරිමාන්න, 3. ඕෂද ප්‍රනාන්දු, 4. දිනේෂ් චන්දිමාල්, 5. ධනංජය ද සිල්වා, 6. පැතුම් නිස්සංක, 7. නිරෝෂන් දික්වැල්ල, 8. සුරංග ලක්මාල්, 9. දුෂ්මන්ත චමීර, 10. ලසිත් ඇඹුල්දෙණිය, 11. විශ්ව ප්‍රනාන්දු.

Active filters

Recent Posts

  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
  • සධීර, කුසල් සහ ධනංජයගෙන් කැපී පෙනන දස්කම්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ […]
USD United States (US) dollar

Pin It on Pinterest