slc
logo
Home   |    News
මාර්තු 15, 2021
සධීරගේ ඉනිමෙන් ටැමිල් යුනියන් 200 සීමාව ඉක්මවාලයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් 20-20 තරගාවලියේ මූලික වටයේ අවසාන දිනය වූ ඉරිදා (14) තරග තුනක් තියුණු මුහුණුවරක් ඉසිලීය. මෙයින් කණ්ඩායමක් ලකුණකින් ජයගත් අතර අනෙක් කණ්ඩායම ජය ලැබුවේ ලකුණු අටකිනි. තවත් කණ්ඩායමක් පන්දුවක් පමණක් ඉතිරිය තිබියදී ජය ලැබීය.

කෝල්ට්ස් පිටියේ පැවැති යුද හමුදා – සැරසන්ස් තරගයෙන් යුද හමුදාව ලකුණක ජයක් අත්කර ගත් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති නුගේගොඩ – ගාල්ල තරගය නිමවීමට පන්දුවක් ඉතිරිව තිබියදී ගාල්ලට ජය අත්විය. කෝල්ට්ස් පිටියේ පැවැති පානදුර සෙබස්ටියනයිට්ස් තරගයද උණුසුම් මුහුණුවරක් ඉසිලූ අතර පානදුර ලකුණු අටකින් ජය අත්කර ගත්තේය.

මීගමුව – කැන්ඩි කස්ටම් තරගයට වරින්වර අයහපත් කාලගුණයෙන් බාධා ඇතිවූ අතර මීගමුව කණ්ඩායමට අවසානයේ ලකුණු 16ක ජයක් හිමිවූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය.

කටුනායක පැවැති සී.සී.සී – බී.ආර්.සී තරගයේදී බී.ආර්.සී ලබාගත් ලකුණු 114 හඹාගිය සී.සී.සී පිතිකරුවෝ කඩුලු හතක පහසු ජයක් ලබාගත්තේ පන්දු 50ක් (පන්දුවාර 8.2ක්) ඉතිරිව තිබියදී පහසු ආකාරයකිනි. මෙදින සී.සී.සී පිතිකරුවන් සියල්ලම ආක්‍රමණශීලි පිතිහරඹයක නියැළිණි.

ටැමිල් – නාවික තරගයේදී ටැමිල් පන්දුවාර 20දී කඩුලු 4කට ලකුණු 215ක් ලැබූ අතර එය මෙවර කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ටැමිල් ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ලබාගත් ලකුණු 93 පිතිකරුවකු මෙවර රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණයයි.

නුගේගොඩ – ගාල්ල තරගයේදී ගාල්ල කණ්ඩායමේ දිල්ෂාන් කාංචන ලකුණු 20කට කඩුලු දෙකක් දවා පසුව නොදැවී ලකුණු 56ක් රැස්කර තම කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා මෙන් ක්‍රියාකළේය.

සී.සී.සී.- බි.ආර්.සී

සී.සී.සී කඩුලු 7 ක ජයක්

සී.සී.සී කණ්ඩායම මේ තරගය ජය ගත්තේ පන්දු 74ක් (පන්දු වාර 8.2ක්) ඉතිරිව තිබියදීය. සී.සී.සී කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන ළහිරු මධුශංඛ ලකුණු 15කට කඩුලු හතරක් දවාලමින් පෙන්වූ දක්ෂතා මත ප්‍රබල බී.ආර්.සී ඉනිම ලකුණු 114කට සීමාවිණි.

සී.සී.සී පන්දුවට පහර දෙද්දී රොන් චන්ද්‍රගුප්ත පන්දු 24කදී හතරේ අටක් සමඟ ලකුණු 38ක්ද නායක අෂාන් ප්‍රියංජන් පන්දු 11කදී හයේ තුනක් හතරේ දෙකක් සමග නොදැවී ලකුණු 29ක්ද ලසිත් අබේරත්න පන්දු 17කදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 26ක්ද මිනෝද් භානුක පන්දු 16කදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ ලකුණු 20ක්ද රැස්කළහ.

අෂාන් ප්‍රියංජන් සහ ලසිත් අබේරත්න සිව්වන කඩුල්ලට ලකුණු 30ක් නොදැවී රැස්කළේ පන්දු 12කදීය.

බී.ආර්.සී පන්දු වාර 20කදී කඩුලු 8කට 114යි – (ෂානුක දුලාජ්50, දුෂාන් හේමන්ත 16, ළහිරු මධුශංඛ 15/4යි, ළහිරු ගමගේ 12/1)

සී.සී.සී පන්දු වාර 11.4කදී කඩුලු 3ට 118යි – (රොන් චන්ද්‍රගුප්ත 38, අෂාන් ප්‍රියංජන් නොදැවී 29, ලසිත් අබේරත්න නොදැවී 26, මිනෝද් භානුක 20, සචිත් පීරිස් 21/3)

යුද හමුදාව – සරසන්ස්

යුද හමුදාවට ලකුණක ජයක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති “ඩී” කොටසට අයත් වූ මේ තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගෙන අවසාන පන්දු වාරයේදී යුද හමුදාව ජය ලැබුවේ ලකුණකිනි.

වෙනදා ලකුණු අතර සිටි යුද හමුදා නායක අසේල ගුණරත්න මෙදින ප්‍රථම පන්දුවේම (00) දැවී යාමෙන් පසු යුද හමුදා ඉනිම ලකුණු 105කට සීමාවිණි. එහිදී දක්ෂ පිතිහරඹයක නියැලුණු ජනිත් සිල්වා පන්දු 35කට මුහුණදී හතරේ පහරක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 34ක් ලැබීය.

යුද හමුදාව පන්දු වාර 20කදී කඩුලු 8කට 105යි – (ජනිත් සිල්වා නොදැවී 34යි, හිමේෂ ලියනගේ 18, අසන්ත බස්නායක 11, හෙෂාන් හෙට්ටිආරච්චි 14, උදිත් මධුෂාන් 19/2)

සැරසන්ස් පන්දු වාර 20කදී කඩුලු 9කට 104යි – (හෂාන් දුමිඳු 21, අයන සිරිවර්ධන 15, ආකාෂ් සේනාරත් නොදැවී 14, මහීෂ් තීක්ෂණ 12/2, ශෂික දිල්ෂාන් 27/2, දුෂාන් විමුක්ති 11/2)

ටැමිල් යුනියන් – නාවික හමුදාව

ටැමිල් යුනියන්ට ලකුණු 69 ක ජයක්

එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති “ඩී” කොටසට අයත් වූ මේ තරගයේදී ටැමිල් යූනියන් කණ්ඩායම පන්දු වාර 20කදී කඩුලු 4කට ලබාගත් ලකුණු 215 මෙතෙක් මේ තරගාවලියේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම පන්දු 50කදී හතරේ හයක් හයේ හතරක් සමඟ ලබාගත් ලකුණු 93 පිතිකරුවකු මෙතෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ. මීට අමතරව සුපුන් කාවින්ද පන්දු 29කදී හතරේ තුනක් හයේ තුනක් සමඟ ලකුණු 52ක්ද සිතාර ගිම්හාන් පන්දු 23කදී හතරේ හතරක් හයේ දෙකක් සමඟ ලකුණු 39ක්ද ලබාගත්හ.

ටැමිල් පළමු කඩුල්ලට සධීර සමරවික්‍රම සහ සිතාර ගිම්හාන් ලකුණු 72ක්ද (පන්දු වාර 6.5යි) දෙවන කඩුල්ලට සධීර සමඟ සුපුන් කාවින්ද ලකුණු 85ක් ද (පන්දු වාර 8.1යි) රැස්කළේ වේගවත් අයුරකිනි.

ටැමිල් පන්දු වාර 20කදී කඩුලු 4ට 215යි – (සධීර සමරවික්‍රම 93, සුපුන් කාවින්ද 52, සිතාර ගිම්හාන් 39, දිල්රුවන් පෙරේරා නොදැවී 18, දිල්ෂාන් ලේකම්ගේ 19/1යි, සුරංග පරණවිතාන 18/1)

නාවික හමුදාව පන්දුවාර 20කදී කඩුලු 6ට 146යි – (ඩබ්ලිව්.මයන්ත 33, චානක රුවන්සිරි 37, බුද්ධික මධුශාන් 20, ප්‍රමෝද් මධුෂාන් 39/3යි, සවිඳු කොළඹගේ 14/2)

නුගේගොඩ – ගාල්ල

ගාල්ලට කඩුලු 5ක ජයක්

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති “ඒ” කොටසට අයත්වූ මේ තරගය අවසාන ඕවරයේ අවසාන පන්දු දෙක දක්වා තියුණු මුහුණුවරක් ගත් අතර ගාල්ල පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු පහක ජයක් අත්කර ගත්තේය.

ගාල්ල කණ්ඩායමේ දිල්ෂාන් කාංචන ලකුණු 20කට කඩුලු 2ක් දවා පසුව පන්දු 55කදී හතරේ තුනක් සමග නොදැවී ලකුණු 56ක් රැස්කර තුන් ඉරියව්වේම දස්කම් පාමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට මුලිකයා විය. ඊට අමතරව ගාල්ල කණ්ඩායමේ රාජිත් ප්‍රියාන් ලකුණු 20කට නුගේගොඩ පිතිකරුවන් සිව්දෙනෙකුම දවාලීය. ගාල්ල කණ්ඩායමේ උදේශ් උදයංග ලකුණු 43ක් ලැබීය.

නුගේගොඩ පන්දු වාර 20කදී සියලුදෙනා දැවී 134යි – (සඳරුවන් ප්‍රනාන්දු 44, මුදිත ලක්ෂාන් 52, මිනෝද් පෙරේරා 18, රාජිත් ප්‍රියාන් 20/4, දිල්ෂාන් කාංචන 20/2, රවිශ්ක විජේසිරි 26/2)

ගාල්ල පන්දු වාර 19.5කදී කඩුලු 5ට 135 – (දිල්ෂාන් කාංචන නොදැවී 56, උමේෂ් උදයංග 43, එරංග රත්නායක 11, විනෝද් පෙරේරා 25/3, විමුක්ති කුලතුංග 20/1)

මීගමුව – කැන්ඩි කස්ටම්

මීගමුවට ලකුණු 16 ක ජයක්

කටුනායක පැවැති “ඒ” කොටසට අයත් වූ මෙම තරගයට ඇදිරි කාලගුණය සහ වර්ෂාව බාධා පැමිණවූ අතර අවසානයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට නිගම්බු කණ්ඩායමට ලකුණු 16ක ජයක් අත්විය.

ඇන්ජලෝ ජයසිංහ, ළහිරු මිලන්ත සහ පසිදු ලක්ශංඛ නිගම්බු වෙනුවෙන් පිත්තෙන් දස්කම් පෑ අතර සචිත්‍ර පෙරේරා ලකුණු 27කට කඩුලු 3 දවාලූවේය.

මීගමුව පන්දු වාර 20කදී කඩුලු 7ට 150යි – (ඇන්ජලෝ ජයසිංහ 37, ළහිරු මිලන්ත 30, පසිදු ලක්ශංඛ 29, මාධව වර්ණපුර 21, සචිත්‍ර පෙරේරා 27/3, තිමිර මල්ෂාන් 18/1යි)

කැන්ඩිකස්ටම් පන්දුවාර 9කදී කඩුලු 8ට 54යි – (අකීල් ඉම්රාන් 26, සම්පත් පෙරේරා 09, රොෂේන් ප්‍රනාන්දු 13ට 3, නිසල තාරක 10/2)

පානදුර – සෙබස්ටියනයිට්ස්

පානදුරට ලකුණු 8ක ජයක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති “ඩී” කොටසට අයත් මෙම තරගයේදී සෙබස්ටියනයිට්ස් ලකුණු 123ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායද්දී පානදුර කණ්ඩායමේ චරිත් ජයම්පති ලකුණු 25කට කඩුලු 4ක් දවාලීමෙන් ජයග්‍රහණය පෙනී පෙනී ඔවුනගේ ඉනිම ලකුණු 114කට සීමාවී ලකුණු 8ක ජයක් පානදුරට අත්විණි.

පානදුර පන්දුවට පහරදෙද්දී හෂාන් චාමර (29) සහ හෑන්ස් ප්‍රනාන්දු පිත්තෙන් දස්කම් පෑ අතර චතුර ඔබේසේකර සහ තරුෂ ප්‍රනාන්දු කඩුලු තුන බැගින් දවා පානදුර ඉනිම 122කට සීමාකළහ. සමීන් කඳනආරච්චි සහ විහාන් ගුණසේකර සෙබස්ටියනයිට්ස් වෙනුවෙන් පිත්තෙන් දස්කම් පෑහ.

පානදුර පන්දු වාර 20කදී කඩුලු 8කට 122යි – (හෂාන් චාමර 29, හැන්ස් ප්‍රනාන්දු 26, දුලාජ් ධනංජය 13, චතුර ඔබේසේකර 17/3යි, තරුෂ ප්‍රනාන්දු 16/3)

සෙබස්ටියනයිට්ස් පන්දු වාර 20කදී කඩුලු 9ට 114යි – (සමීන් කඳනආරච්චි 30, විහාන් ගුණසේකර 26, සචිත් ජයතිලක 15, චරිත් ජයම්පති 25/4, කොෂාන් ධනුෂ්ක 22/3)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest