slc
logo
Home   |    News
අප්‍රේල් 19, 2021
ටෙස්ට් තරගාවලිය ඉලක්ක කොට ශ්‍රී ලංකා පිල තෙවැනි දිනටත් පුහුණුවීම් වල

sinhala editor

Chamila Karawita reporting from Pallekele

බටහිර ඉන්දීය කොදෙව් පිලට රෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් කොට යළිත් සිය මව්බිමට ප්‍රවේශ වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට රෙහි ටෙස්ට් තරගාවලිය සඳහා මේ දින වල සූදානම් වෙමින් සිටියි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනටත් අද (19 වැනිදා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් වලට සහභාගිවූහ.

වසර 2 කුත් මාස 7 කට ආසන් කාලයකට පසු ඒළැඹෙන 21 වැනිදා පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගිවීම සඳහා අද පෙරවරුවේ පැවැති පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා සංචිතයේ සියළුම ක්‍රීඩකයින් පැමිණ සිටියහ. ඒහිදී ඩිල්ෂාන් මධුශංක හැර අනෙක් ක්‍රීඩකයෝ වැඩි වශයෙන් පන්දු යැවීම සහ පන්දුවට පහර දීම ප්‍රගුණ කරගැනීම වෙනුවෙන් වූ පුහුණුවීම් වල නිරත වූහ.

පුහුණුවීම් ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණයට පිවිසි විගසම නායක දිමුත් කරුණාරත්න සහ පුහුණුකරු මිකී ආතර් තරගය සඳහා සූදානම් කෙරෙන තණතීරුව පිළිබඳව නිරීක්ෂණයක නිරතවනු දක්නට ලැබිණ.

බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව පැවැති තරගාවලිය අවසන් කොට යළි මව් බිමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් අප්‍රේල් 15 වැනි දින බංග්ලාදේශ තරගාවලියට කඳවුරු බැඳීම සඳහා මහනුවරට පැමිණියේය. ඒහිදී 16 වැනිදා දින සිට පුහුණුවීම් වල නිරත වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 18 වැනිදා හැරුණු කොට අනෙක් දින 3 දීම සිය දක්ෂතා තියුණු කර ගත්හ.

පුහුණුවීම් අතරතුරදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක සිය පුහුණුවීම් වල නිරත වීම පසෙක තබා කණ්ඩායමේ  භෞත චිකිත්සකවරයා සමඟ වැඩි කාලයක් ගත කරනු දැක ගත හැකි විය. කෙසේ වෙතත් සෙසු සියල්ලෝම පූර්ණ පුහුණු සැසියක නිරත වූහ.

මේ අතර ශ්‍රී ලංකාවට අප්‍රේල් 12 වැනිදා ගොඩ බැසි බංග්ලාදේශ සිය නීරෝධායන කාල සීමාව මීගමුවේදී ගත කරනු ලැබූ අතර ඒහිදී පුහුණුවීම් වලට අමතරව පුහුණු තරගයකටද ඒහිදී සහභාගිවිය. ඒ සියල්ල අවසන් කොට බංග්ලාදේශ කණ්ඩායම අද දිනයේදී මහනුවරට ළඟා විය. සවස් කාලයේදී බංග්ලාදේශ කණ්ඩායමට අවශ්‍ය  පුහුණුවීම් සඳහා පල්ලකැලේ ක්‍රීඩාංගණය සූදානම් කර තැබීමට මෙරට ජාත්‍යන්තර ක්‍රීඩාංගණ භාරකරු ලෙසින් කටයුතු කරනු ලබන ගොඩ්ෆි දාබරේ මහතා ඇතුළු පිරිස කටයුතු යොදා තිබූ නමුත් ගමන් විඩාව හේතුවෙන් පුහුණුවීම් සඳහා ඔවුහු නොපැමිණෙන බව දන්වා සිටියහ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් වලට මේ දින වලදී විටින් විට වර්ෂාවෙන් බාධා පැමිණියද අද දිනය පල්ලකැලේ ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයට ඉතා හොඳින් හිරු රැස් පතිත වී ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් උචිත කාලගුණ තත්ත්වයක පැවැතීම කැපී පෙනිණ.

ලොව ඇති ටෙස්ට් ක්‍රීඩාංගණ අතරින් සුන්දරම ක්‍රීඩාංගණයක් ලෙසින් සැලකෙන පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 7 කට සහභාගිවී ඇතත් ඉන් ජය ගැනීමට සමත්ව සිටින්නේ ඔස්ට්‍රේලියාවට ඒරෙහිව 2016 වසරේ පැවැති ටෙස්ට් තරගයම පමණි. සෙසු තරග අතරින් 3 ක්ම පරාජයට පත්ව සිටින අතර පාකිස්තානයට (2015), ඉන්දියාව (2018) සහ එංගලන්තය (2018) හමුවේ ශ්‍රී ලංකාව පරාජය වී තිබේ.

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee