slc
Home   |    News
අප්‍රේල් 29, 2021
දිමුත් සහ ළහිරු දිගු සම්බන්ධතාවයකට මුලපුරයි

sinhala editor

Chamila Karawita reporting from Pallakele

මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (29 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට කිසිවකු නොදැවී ලකුණු 66 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ඉනිම ඇරැඹි දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න දෙපළම ලකුණු 32 ක බැගින් ලබා සිටිති.

තරගය ඇරැඹි පළමු පැයේදී පන්දුවේ දෝලනය දෙපසටම පැවැතිය නමුත් ඊට එරෙහිව සිය පිති ආරක්ෂා කරගත් වමත් ආරම්භක පිතිකරුවන් යුගලය දිවා ආහාරය තෙක්ම කඩුලු ආරක්ෂා කරගත්හ. ඉනිම ආරම්භයේදී ලකුණු ලබා ගැනීමට වඩා පන්දුවේ ස්වභාවය තේරුම් ගැනීම සඳහා වැඩි කාලයක් මිඩංගු කළ මොවුන් දෙපළ, දිවා ආහාරයට මිනිත්තු 45 කට පමණ පෙර සිට සුපුරුදු පිති ප්‍රහාරය දියත් කළහ.

දිවා ආහාරය අතර වූ කාල සීමාවේදී වූ සුවිශේෂීම සිදුවීම වූයේ දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කර යෑමය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කරන ලද 10 වැනි පිතිකරුවා බවට පත්ව සිටින දිමුත් 2021 වසරේදී ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලද පිතිකරුවන් අතර සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔහුගේ සහායක ළහිරු තිරිමාන්න එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

පළමු ටෙස්ට් තරගයේදීද ලකුණු 100 කට අධික පළමු කඩුල්ලේ සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වුණු මොවුන් දෙපළම දිවා ආහාරයට පෙර දවා ගැනීම සඳහා අවස්ථාව බැගින් ලබා දුන් නමුත් එය බංග්ලාදේශ පනක්දු රකින්නන් අතින් ගිලිහී ගියේය.

ආරම්භක පන්දු යවන්නා වුණු ටස්කින් අහමඩ් වාර දෙකකදී පන්දු වාර 9 ක් යොමු කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කළේය. පළමු තරගයේදී කඩුලු දවා ගැනීමට අපොහොසත් වුණු අබූ ජායෙඩ් ටස්කින්ට නොදෙවැනි පන්දු යැවීමක නිරත විය. අද තරගයේදී මංගල වරම් හිමිකරගත් වමත් වේග පන්දු යවන්නා වන ශොරිෆුල් ඉස්ලාම්  පළමු පන්දුවාර 3 ලකුණු 6 කට තබා ගත්තද සිව්වැනි පන්දුවාරයේදී දිමුත්ගේ ප්‍රහාරයට ලක්විය.

බංග්ලාදේශ පන්දු යවන්නන් කෙතරම් හොඳට පන්දු යැව්වේද කිවහොත් එම හතරේ පහර දෙක එල්ල කිරීමට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 14 වැනි පන්දුවාරය වන විට ලකුණු 22 ක් ලෙසින් සටහන්ව තිබිණ. තරගය ආරම්භ වීම 5 වැනි පන්දුවාරයේ සිට තම ප්‍රධානම දඟ පන්දු යවන්නා වුණු මෙහෙදි හසන්ව කැඳවීමට බංග්ලාදේශ නායකයා තීරණය කළද දිවා ආහාරය වන තෙක් ඔහුගේ බලාපොරොත්තුවට සාධාරණයක් ඉටු කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ අසමත්වූහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 27 කදී කිසිවකු නොදැවී ලකුණු 66 යි – (දිමුත්කරුණාරත්න 32*, ළහිරු තිරිමාන්න 32*)

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest