slc
Home   |    News
අප්‍රේල් 2, 2021
බ්‍රහස්පතින්දා දිනය ශතකවලින් පිරෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එස්.එස්.සී. කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු (132) සහ චරිත් අසලංක (නොදැවී 101යි) බ්‍රහස්පතින්දා (අප්‍රේල් 01) පැවැති තරග වලදී ශතක රැස් කිරීමට සමත්විණි. චරිත් අසලංක සහ ප්‍රියමාල් පෙරේරා විසින් වාර්තා කරන ලද ශතක මෙවර තරගාවලියේදී ඔවුන් විසින් වාර්තා කරන ලද දෙවැනි ශතක ලෙසින් සටහන් විය. මීට පෙර මොවුන් දෙපළම පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ශතක වාර්තා කිරීමට සමත්ව තිබීම කැපී පෙනෙයි. අසලංක නොදැවී ලකුණු 178 ක් සහ මීට පෙර තරගයේදී ප්‍රියමාල් ලකුණු 101 ක් වශයෙන් ශතක වාර්තා කර තිබේ.

මෙවර තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කළ චරිත් අසලංක

අසලංකගේ ශතකයත් සමග මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමටද අසලංක සමත්වූවේය. ඒ අනුව චරිත් මෙවර තරගාවලියේදී තරග 5 කදී මුලු ලකුණු 331 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 110.33 ක් රඳවා තබා ගනිමිනි. මොවුන් දෙපළට අමතරව මෙවර තරගාවලියේ ශතක 2 ක් වාර්තා කර ඇති අනෙක් එකම පිතිකරුවා වන්නේ එස්. එස්. සී. කණ්ඩායමේ සම්මු අශාන් වේ.

චතුරංගද සිල්වා ශතකය වාර්තා කිරීමෙන් පසු

මෙම ශතක වලට අමතරව බ්‍රහස්පතින්දා දිනයේදී තවත් ශතක 9 ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත්වූහ. ජනිත් ලියනගේ (රාගම), චතුරංග ද සිල්වා (එන්.සී.සී.), ඇන්ජලෝ පෙරේරා (එන්.සී.සී.), නිපුන් හග්ගල්ල (බ්ලූම්ෆීල්ඩ්), ලසිත් කෲස්පුල්ලේ (හලාවත මේරියන්ස්) සහ කමිඳු මෙන්ඩිස් (හලාවත මේරියන්ස්) එම ශතක ලාභීහු වූහ.

එස්.එස්.සී. පිල වෙනුවෙන් ශතකයක් රැස් කළ අවිෂ්ක ප්‍රනාන්දු

පිතිකරුවන්ගේ දක්ෂතා එසේ සටහන් වද්දී සී. සී. සී. කණ්ඩායමේ වනිඳු හසරංග ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 38 කට කඩුලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූවේය.

එන්.සී.සී. පිල වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ඇන්ජලෝ පෙරේරා

මෙවර තරග වාරයේ පළමු වතාවට දේශීය තරග පිටියට පිවිසි සී.සී.සී කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ද පන්දු 52කදී හතරේ පහක් හයේ හයක් සමග නොදැවී ලකුණු 81 රැස්කරමින් දක්ෂතා අතරට පිවිසියේය. සී.සී.සී සහ ගුවන් හමුදාව අතර එම තරගයෙන් සී.සී.සී කඩුලු 8කින් ජය ගත්තේ පහසුම ආකාරයකිනි.

කුරුණැගල – මුවර්ස්

මුවර්ස්ට කඩුලු 5ක ජයක්

ලකුණු 140 ක පහසු ඉලක්කයක් කරා යද්දී නායක මහේල උඩවත්ත (65) සහ සචිත්‍ර සේරසිංහ (39) දැක්වූ දස්කම් මත මුවර්ස් කණ්ඩායමට ජයග්‍රහණය කරා පහසුවෙන් ළඟා වීමට අවස්ථාව ලැබුණි .කුරුණැගල කණ්ඩායමේ රවින්ද්‍ර කරුණාරත්න පන්දු 99 කදී හතරේ හතක් හයේ පහක් සමග ලකුණු 91ක් රැස් කළේය.

කුරුණෑගල යූත් පන්දුවාර 33.5කදී සියල්ල දැවී 139 යි – (රවීන්ද්‍ර කරුණාරත්න 91, ළහිරු ජයරත්න 13, රන්දීර රණසිංහ 12, දිලේෂ් ගුණරත්න34/4, ප්‍රවීන් ජයවික්‍රම 46/3)

මුවර්ස් පන්දුවාර 32.2කදී කඩුලු 5කට 140 යි – (මහේල උඩවත්ත 65, සචිත්‍ර සේරසිංහ 39, පබසර වඩුගේ 12, නවීන් ගුණවර්ධන 32/2, රන්දීර රණසිංහ 6/2)

ලන්කන් -නාවික හමුදාව

නාවික හමුදාවට කඩුලු 5ක ජයක්

නාවික හමුදාවේ චානක රුවන්සිරි සහ තුෂාර සමරකෝන් පන්දුවට පහරදීමේදී දක්ෂතා දැක්වූහ. චානක රුවන්සිරි සහ දිලන්ත අවුවාර්ඩ් කඩුලු තුන බැගින් දවාලීමටද සමත්වූහ.

ලන්කන් පන්දුවාර 46කදී සියල්ල දැවී 142 යි – (ගීත් කුමාර 72 ,කේෂාන් විජේරත්න 23, කසුන් අබේරත්න 11, චානක රුවන්සිරි 26/3, දිලංක අවුවාර්ඩ් 33/3, බුද්ධික මධුෂාන් 32/2)

ශ්‍රී ලංකා නාවික හමුදාව පන්දුවාර 20.3 කදී කඩුලු 5ට 143යි – (තුෂාර සමරකෝන් 42,  චානක රුවන්සිරි නොදැවී 45, තරුෂාන් ඉද්දමල්ගොඩ නොදැවී 22, කේෂාන් විජේරත්න 33/2, විමුක්ති පෙරේරා 48/1)

නුගේගොඩ – වරාය

නුගේගොඩ ලකුණු 39 කින් ජයගනියි

නුගේගොඩ කණ්ඩායමේ උමේෂ් කරුණාරත්න ලකුණු 47 ක් ලබා පසුව ලකුණු 28 කට කඩුලු 4ක් දවා තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීමට සමත්විණි.

නුගේගොඩ පන්දුවාර 34.1කදී  සියල්ල දැවී 143 යි – (උමේෂ් කරුණාරත්න 47, ප්‍රමුද් හෙටිටිවත්ත 24, මාලිංග මලිගස්පේ 21,චානක කොමසාරු 12/3, රශ්මිකා මෙවන් 46/3)

වරාය පන්දුවාර 29.2කදී සියල්ල දැවී 104– (ඉරෝෂ් සමරසූරිය 37, අමෝද විදානපතිරණ 18, ඉෂාන් රණගල 17, උමේෂ් කරුණාරත්න 28/4, නවීන් කවිකාර 23/3)

ගුවන් හමුදාව – සී.සී.සී

වනිඳුගේ කඩුලු 5 නිසා සී.සී.සී. ට පහසු ජයක්

ගුවන් හමුදා කණ්ඩායමේ පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු 38 ක් ඇතුළත දවා ගැනීමට වනිඳු හසරංග සමත්වීඹ නිසා සී.සී.සී.කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 155ක පහසු ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කයක් කරා යද්දී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පන්දු 52කදී හතරේ පහක් හයේ හයක් සමග නොදැවී ලකුණු 81ක් ලැබීය. සී.සී.සී මේ තරගය ජයගත්තේ තව පන්දු වාර 30.1ක් ඉතිරිව තිබියදීය.

ගුවන් හමුදාව පන්දුවාර 43.5 කදී සියල්ල දැවී 154 යි – (කළණ විජේසිරි 43, සමීර දසනායක 40, රවිඳු සෙම්බුකුට්ටිගේ 25, වනිඳු හසරංග 38/5, ළහිරු මදුශංඛ 23/2)

සී.සී.සී පන්දු වාර 19.5කදී කඩුලු 2ට 157යි – (කුසල් මෙන්ඩිස් නොදැවී 81, රොන් චන්ද්‍රගුප්ත 46, මිනෝද් භානුක 22, සංජය රණවීර 47/1)

කලුතර – නිගම්බු

නිගම්බු කඩුලු 8කින් ජයගනියි

නිගම්බු කණ්ඩායමේ අෂේන් සිල්වා (නොදැවී 78) සහ ළහිරු මිලන්ත (66) ලකුණු රැස්කිරීමේදීත් දිල්ෂාන් මුණවීර සහ උපුල් ඉන්ද්‍රසිරි පන්දු යැවීමේදීත් දැක්වු දක්ෂතා නිගම්බු ජයග්‍රහණයට ඉවහල්විණි.

කලුතර පන්දු වාර 50දී කඩුලු 9ට 199යි – (හෙෂාන් විමලධර්ම 42, මිතුන් ජයවික්‍රම 26, රජිද පුංචිහේවා නොදැවී 26, කසුන් සදරුවන් 24, ළහිරු අත්තනායක 20, දිල්ෂාන් මුණවීර 45/2, උපුල් ඉන්ද්‍රසිරි 27/2, නිශාන් පීරිස් 27/2)

නිගම්බු පන්දු වාර 37කදී කඩුලු 2ට 200යි – (අෂේන් සිල්වා නොදැවී 78, ළහිරු මිලන්ත 66, ඇන්ජලෝ ජයසිංහ 43, ඉසංක සිරිවර්ධන 44/1)

බී. ආර්. සී. – කැන්ඩි කස්ටම්ස්

කැන්ඩි කස්ටම්ට කඩුල්ලක ජයක්

ඉතාමත් තියුණු තරගයකින් පසු කැන්ඩිකස්ටම් ජයගත්තේ අවසාන ඕවරයේ අවසාන කඩුල්ලේ සබඳතාවයෙනි.

බී.ආර්.සී පන්දු වාර 49.1කදී සියල්ල දැවී 192යි – (නිශාන් ෆ්‍රැන්සිස්කො 42, ශෂීන් ප්‍රනාන්දු 55, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, සචින්ත පීරිස් නොදැවී 18)

කැන්ඩි කස්ටම් පන්දු වාර 49.3කදී කඩුලු 9ට 193යි – (විශ්ව විජේරත්න 34, අකීල් ඉන්හම් 31, හසිත නිර්මාල් 17, ළහිරු සමරකෝන් 28/2යි, සචින්ත පීරිස් 31/1)

එස්.එස්.සී – කෝල්ට්ස්

එස්.එස්.සී. පිලට කඩුලු 8 ක ජයක්

මේ තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රියමල් පෙරේරා (නොදැවී 101යි) එස්.එස්.සී කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු 132 සහ චරිත් අසලංක (නොදැවී 101යි) යන පිතිකරුවන් තිදෙනෙකුම ශතක ලබා ගත්හ. එස්.එස්.සී.කණ්ඩායමේ කළණ පෙරේරා ලකුණු 50කට කඩුලු හතරක් දවාලීමට සමත්විය.

කෝල්ට්ස් පන්දු වාර 50දී කඩුලු 7ට 278යි – (ප්‍රියමාල් පෙරේරා නොදැවී 101, ධනංජය ලක්ෂාන් 77, සංගීත් කුරේ 35, කළණ පෙරේරා 50/4, හිමේෂ් රාමනායක 62/2, ප්‍රභාත් ජයසූරිය 50/1)

එස්.එස්.සී පන්දු වාර 38.4කදී කඩුලු 2ට 279යි – (අවිශ්ක ප්‍රනාන්දු 132, චරිත් අසලංක නොදැවී 101, ධනුෂ්ක ගුණතිලක 32, කවිශ්ක අංජුල 33/1)

රාගම – ගාල්ල

රාගමට ලකුණු 132ක ජයක්

රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ (නොදැවී 102) නිෂාන් නදුෂ්ක (81) සහ ඉෂාන් ජයරත්න (53/4) දැක්වූ දක්ෂතා මත ඔවුනට පහසු ජයග්‍රහණයක් අත්විණි.

රාගම පන්දු වාර 49කදී කඩුලු 5ට 266 යි – (නිශාන් නදුෂ්ක 81, ජනිත් ලියනගේ නොදැවී 102, ඩෙලන් පීරිස් 18, චලන ද සිල්වා 42/2, රවිශ්ක විජේසිරි 46/2)

ගාල්ල පන්දු වාර 32.4කදී සියල්ල දැවී 134යි – (විනුර දුල්සර නොදැවී 57, රාජු ගයාෂාන් 23, දිල්ෂාන් කාංචන 12, ඉෂාන් ජයරත්න 53/4, බිනුර ප්‍රනාන්දු 15/3)

එන්.සී.සී – ටැමිල් යුනියන්

එන්.සී.සී ලකුණු 37කින් ජයගනියි

එන්.සී.සී කණ්ඩායමේ චතුරංග ද සිල්වා සහ නායක ඇන්ජලෝ පෙරේරා මේ තරගයේ ශතක රැස්කරමින්ද චාමික කරුණාරත්න ලකුණු 28කට කඩුලු 4ක් දවාලමින්ද පෙන්වු දක්ෂතා මත ඔවුනට ජය අත්විණි.

එන්.සී.සී. පන්දු වාර 50දී කඩුලු 5ට 299යි – (චතුරංග ද සිල්වා නොදැවී 118, ඇන්ජලෝ පෙරේරා 106, කවීන් බණ්ඩාර 33, නුවන් ප්‍රදීප් 50/2)

ටැමිල් යූනියන් පන්දුවාර 50දී කඩුලු 8ට 262යි – (රවිඳු ප්‍රනාන්දු 71, සචිඳු කොළඹගේ නොදැවී 61, සධීර සමරවික්‍රම 41,දමිත් පෙරේරා 26, චාමික කරුණාරත්න 28/4,යුගීෂ දේශාන් 25/2)

බ්ලූම්ෆීල්ඩ් – බදුරලිය

බදුරලිය කඩුලු හයකින් ජයගනියි

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ නිපුන් හග්ගල්ල පන්දු 156කදී හතරේ 11ක් හයේ හතක් සමග ලකුණු 151ක් ලබා මේ තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු රැස් කලත් බදුරලිය කණ්ඩායමේ පිතිකරුවන් හතර දෙනෙකුම අර්ධ ශතක ලබාගැනීමෙන් බදුරලිය‍ට පහසු ජයක් අත්විණි.

බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 50කදී කඩුලු 9ට 289යි – (නිපුන් හග්ගල්ල 151,හර්ෂ විතාන 60, කසුන් ඒකනායක 26, බුද්ධික සංජීව 44/4, රුචිර කෝසිත 64/2යි)

බදුරලිය පන්දු වාර 47.3කදී කඩුලු 4ට 292යි – (ගමිඳු කණිෂ්ක නොදැවී 77, තිලකරත්න සම්පත් 66, මිලින්ද සිරිවර්ධන 59, දිල්ෂාන් ද සොයිසා නොදැවී 55, මිෂේන් සිල්වා 51/2)

හලාවත මේරියන්ස් – පානදුර

මේරියන්ස්ට ලකුණු 164ක ජයක්

මේරියන්ස් කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ (119) සහ කමිඳු මෙන්ඩිස් (110) ශතක රැස්කිරීමත් පුලින තරංගගේ දක්ෂ පන්දු යැවිමත් මත ඔවුනට පහසු ජයග්‍රහණයක් අත්විය.

මේරියන්ස් පන්දු වාර 50දී කඩුලු 8ට 320යි – (ලසිත් කෲස්පුල්ලේ 119, කමිඳු මෙන්ඩිස් 110, රුමේෂ් බුද්ධික 27, නිමේෂ් විමුක්ති 63/4, කෝසල රවිදු 71/2)

පානදුර පන්දුවාර 43.3කදි සියල්ල දැවි 156යි – (සනෝජ් දර්ශික නොදැවී 51, හෂාන් චාමර 30, කොසාන් ධනුෂ්ක 30, පුලින තරංග 22/3, තීක්ෂිල  ද සිල්වා 32/2, කමිඳු මෙන්ඩිස් 5/2යි)

පොලීසිය – සෙබස්තියනයිට්ස්

පොලීසිය කඩුලු හතරකින් ජයගනියි

පොලිස් කණ්ඩායමේ අසේල් සිගේරා මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතතා පෙන්වීමට සමත්විය. මීට අමතරව කණ්ඩායම් දෙකේම පිතිකරුවන් දෙදෙනා බැගින් අර්ධ ශතක රැස්කළහ.

සෙබස්තියනයිට්ස් පන්දු වාර 50දී සියල්ල දැවී 255යි – (මනෙල්ක ද සිල්වා 72, සමින් කදනආරච්චි 65, සුචිර පරනාතල 28, අසෙල් සිගේරා 34/5, කනගරත්නම් කබිල්රාජ් 59/3)

පොලීසිය පන්දු වාර 48දී කඩුලු 6ට 258යි – (සුපුන් මධුෂංඛ 65, මලිත් ද සිල්වා 63, දුලාෂ් උදයංග නොදැවී 45, අසේල සිගේරා 22, චතුර රන්දුනු 56/3, මතීෂ පෙරේරා 29/2)

– බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest