slc
logo
Home   |    News
අප්‍රේල් 25, 2021
මේ තණතීරුවේ අර්ධ ශතකය මට මදි වුණ, ඒකයි බැට් එකවත් ඉස්සුවේ නැත්තේ – දිමුත්

sinhala editor

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (25 දා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. එම තරගාවසානයේ මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට දැක්වූ අදහස් කිසිදු සංශෝධනයකින් තොරව පහතින් දැක්වේ.

තණතීරුවේ සහයෝගය

ඉස්සෙල්ලා කිව්ව වගේ බලාපොරොත්තු වුණේ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් වෙයි කියලා. මතුපිටින් බලල තමයි නිඟමනය කරන්න පුලුවන් කොහොමද කියලා. විකට් එක දිහා බැලුවම ගොඩක් තණකොල තිබුණා. ඒ වගේම ප්‍රැක්ටිස් කරන වෙලාවත් මායි පුහුණුකරුයි ඇවිල්ලා බැලුවහම දෙන්නම හිතුවේ වේග පන්දු යවන්නන්ට උචිත වෙයි කියලා. නමුත් මේ අව්වත් එක්ක විකට් එක ගොඩක් වෙලාවට පිතිකරුවන්ට යෝග්‍ය වුණා. පළවැනිම පන්දුවාර දෙක තුන හැරෙන්න වේග පන්දු යවන්නන්ට ලොකු සපෝර්ට් එකක් තිබ්බේ නෑ. ආයිත් අලුත් බෝලෙන් තමයි ඕවර කීපයක් පන්දුව එහා මෙයා යන්න ගත්තේ. රිවර් ස්විංග් එකක් වත් වුණේ නෑ, මොකද හුළඟ පොඩ්ඩක්වත් තිබුණේ නැති නිසා. අපි හිතුවා 5 වැනි දවස වෙන විට දඟ පන්දු යවන්නන්ට සහයෝගයක් ලැබෙයි කියලා. නමුත් එහෙම ලොකු දෙයක් දැක ගන්න ලැබුණේ නෑ, ඒක පිතිකරුවන්ට යෝග්‍ය බවක් තමයි තිබ්බේ. පිතිකරුවන් ලකුණු ලබාගෙන උපරිම ගත්තා විශ්වාසය ගොඩ නගාගත්තා. මං හිතන්නේ ඒක ගොඩක් වටිනවා කණ්ඩායමක් විදියට ඉදිරියට යන්න.

දවස් 5ම පිටියේ රැඳී සිටීම

ගොඩක් වෙලාවට ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරද්දී දවස් 5 ම ක්‍රීඩා කරන්න මානසිකව සූදානම් වෙලා ඉන්න ඕන. පන්දු රැක්කා හෝ බැට් කරා කියලා දවස් 5 ම ෆීල්ඩ් එකේ ඉන්න තමා අපේ මෙන්ටලිටි එක හැදිලා තියෙන්නේ. ඉතිං මං හිතන්නේ දවස්  2 ක් පන්දු රැක්කහම ඇඟට ගොඩක් අමාරුයි. නමුත් ඒකට හරියන්න බැට් කරන්න හම්බ වුණාම පුලුවන් තරම් ඒකෙන් අවස්ථාව ලබා ගන්න ඕන. මං හිත්නේ බටහිර ඉන්දීය කොදෙව් වලත් මම දැක්කා හොඳ ආරම්භයක් ගත්තහම මට ගහන්න පුලුවන් කියලා. මම උත්සාහ කළේ පොඩ්ඩක් විකට් එකේ ඉඳලා පන්දුවට පහර දෙන්න. හොඳ ආරම්භයක් අරගෙන සෙට් වුණාට පස්සේ පුලුවන් තරම් ඇදගෙනම යන්න තමයි ඕන වෙලා තිබ්බේ. මොකද ලකුණු 500 ක් ඒගොල්ලා ගහලා තිබිච්ච හින්දා මට ඕන වුණා ඒක ලබා ගන්න කම්ම කඩුල්ලේ රැඳී ඉන්න. මම ඒක සාර්ථකව කරා කියලා හිතනවා. ගොඩක් මහන්සියි නමුත් මම ගොඩක් එන්ජෝයි කරා. හැම තිස්සේම කරන දෙයක් තමයි බැට් කරද්දි එන්ජෝයි කරන එක. ඉතිං ඒ හින්දා තමයි ඒකෙ අමාරුව තේරුන්නේ නැත්තේ. කොච්චර වෙලාවක් වුණත් මට විකට් එකේ බැට් කරන්න තිබ්බා අද වුණත් බැට් තිබ්බා ඩික්ලෙයාර් කරන මයින්ඩ් සෙට් එකක් තිබ්බේ නැත්නම්.

අර්ධ ශතකය වාර්තා කිරීමේදී පිත්ත නොඑසවීම

වෙස්ට් ඉන්ඩීස් වල ගොඩක් වෙලාවට පළවැනි පන්දුවාර කීපයේදී  ලකුණු ලබාගෙන මම බැලුවේ ලකුණු අතරට එන්න. නමුත් ඒක අසාර්ථක වුණා. එතැනදී මම කෝච් එක්කත් කතා කරා. මං ඇහුවා කෝච්ගෙන් මොනවද මගෙන් වෙන වැරැද්ද කියලා. ඒ වෙලාවේ එයා කිව්වේ ඔයා ඕපනර් කෙනෙක් නිසා පොඩ්ඩක් සෙට් වෙනකන් විකට් එකේ ඉන්න ඕන කියලා. සෙට් වුණාට පස්සේ ලොකු එකක් ගහන්න පුලුවන් කිව්වා. ඒ හින්දා පුලුවන් තරම් අලුත් බෝලෙ අත ඇරලා සෙල්ලම් කරන එක තමයි ඔයාගේ ගේම් එක කියලා කෝච් කිව්වා. ඒක තමයි මං වෙස්ට් ඉන්ඩීස්වල අන්තිමට කළේ. පුලුවන් තරම් වෙලා අරගෙන සෙට් වුණාට පස්සේ මං දන්නවා ඒ හැම දේම ලබාගන්න පුලුවන් කියලා. ඒ දේම තමයි මම මෙතැනට ඇප්ලයි කළේ. මං දන්නවා කන්ඩිෂන් වෙනස් වුණත්, දේශීය තත්ත්වයේ ගැහුවත් කරගෙන ආපු දේ කරගෙන යන්න ඕන කියන දේ හිතේ තිබ්බා. අනික් පැත්තෙන් තිරී (තිරිමාන්න) ලොකු සහයෝගයක් ලබා දුන්නා. එයා ඉක්මනට ලකුණු ලබා ගත්ත හින්දා මට වෙලා ගන්න චාන්ස් එකක් ලැබුණා. ඇත්තටම කිව්වොත් ඔව්. මේ විකට් එකේ නම් මට 50 ක් ඇත්තටම මදි. මොකද අපි දැක්කා බංග්ලාදේශ කණ්ඩායමේ එන හැම එක්කෙනාම වගේ ලකුණු රැස් කරනවා. ඉතිං 50 ක් ගහලා මේ විකට් එකේ සැනසීමකට පත් වෙන්න තරම් ක්‍රීඩකයෙක් නොවෙයි මම. ඒ හින්දා මට ඕන වුණා මේක ලොකු ඉනිංග් එකක් ක්‍රීඩා කරන්න. ඉතිං 50 සීය කරගන්න සීය එකසිය පනහ කරගන්න. ඒ වගේම මට පුලුවන් තරම් ලකුණු ගහගන්න හිතුවේ. මොකද මේ වගේ කඩුල්ලක් ආයිත් ලේසියෙන් හම්බ වෙන්නේ නෑ. ආයිත් ලංකාවේ ක්‍රීඩා කළත් ගොඩක් ටර්න් වෙන තණතීරුවල තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ. රටින් පිට ගියාම ගොඩක් ඒකෙ අනිත් පැත්ත තමයි. ගොඩක්ම පන්දුව දෝලනය වන තණතීරු තමයි හම්බ වෙන්නේ. ඒ වගේ චාන්ස් එකක් හම්බ වුණාම ඒකෙන් උපරිම ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

ලකුණු සාමාන්‍ය අඩු වීම ගැන  

එහෙම දෙයක් හිතේ තියාගෙන මම ක්‍රීඩා කරන්නේ නෑ. නමුත් ස්ටැට්ස් බලනවා. නමුත් ක්‍රීඩා කරන්න ගියාම මේක පළමු ඉනිමද දෙවැනි ඉනිමද කියලා බලන්නේ නෑ. අවස්ථාවන් හම්බ වෙන හැම වෙලේම හොඳින් ක්‍රීඩා කරන්න තමයි බලා පොරොත්තු වෙන්නේ. සමහර වෙලාවට පළමු ඉනිමේදී අසාර්ථක වුණොත් මං දන්නවා කොහොමද ඒක දෙවැනි ඉනිමේදී ආයිත් හරිගස්ස ගන්නේ කියලා. හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පුලුවන් තරම් පළමු ඉනිමේදී ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න.  මොකද ඒක ගොඩක් බෙනිෆිට් එකක් තියෙනවා. ටීම් එකට ලොකු ස්කෝර් එකක් දැම්මාම අනිත් ටීම් එක පුලුවන් තරම් පීඩනය දාන්න පුලුවන්. නමුත් ඒක මට කරගන්න බැරි වුණොත් මම අනිවාර්යයෙන්ම දෙවැනි ඉනිමේදී හරි ලොකු සපෝර්ට් එකක් දෙන්න බලනවා. මං දන්නවා මම හොඳින් ක්‍රීඩා කළොත් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයිනුත් ගොඩක් හොඳට ක්‍රීඩා කරනවා කියලා. ඉතිං ඒ මානසිකත්වය තමයි මට තියෙන්නේ. පුලුවන් තරම් ටීම් එකට මගෙන් වෙන්න ඕන දේ නායකයකු විදියටත් ඒ වගේම පිතිකරුවකු විදියටත් මම දෙන්න පුලුවන් උපරිමය ලබා දෙනවා.

දෙවැනි තරගයට බලාපොරොත්තු වෙන තණතීරුව

මේ වගේ තණතීරුවක් නම් අපි කොහොමවත්ම දෙන්නේ නෑ. ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කරන්න. ඉතිං අපි අනිවාර්යයෙන්ම විකට් 20 ක් ලබා ගත යුතුයි තරගයක් ජයග්‍රහණය කරන්න. ගොඩක් වෙලාවට 50 ට 50 තියෙන විකට් එකක් වෙයි. මොකද පන්දු යවන්නන්ට සහයෝගයක් තණතීරුවෙන් තියෙන්න ඕන. නැත්නම් ක්‍රිකට් ක්‍රීඩා කරලා වැඩකුත් නෑ. විශේෂයෙන් දඟ පන්දු යවන්නන්ට ලොකු සහයෝගයක් ලැබෙන තණතීරුවක් වෙයි. අපි දන්නවා ළහිරු අපිට නැති වෙනවා. අපේ ඉන්න දඟ පන්දු යවන්නන්ගේ යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ස්ථාන කීපයක් වෙනස් වෙයි. තව ක්‍රීඩකයින් දෙන්නෙක් කණ්ඩායමට ඇතුළත් වෙනවා. ඉතිං අපි ඉදිරි දවස් දෙකේ පුහුණුවීම් කරලා තමයි තීරණය කරන්නේ අන්තිම 11 දෙනා කවුරුන්ද කියලා.

කණ්ඩායමට අලුතෙන් එන ක්‍රීඩකයින්

 කණ්ඩායමට ලක්ෂාන් සඳකැනුයි චාමික කරුණාරත්නයි අලුතින් එකතු වෙනවා. ගොඩක් වෙලාවට ළහිරු වෙනුවට තමයි චාමිකව කැඳෙව්වේ. අපිට තව දඟ පන්දු යවන්නෙක් ඕන වෙයි කියලා අපි හිතුවා. මොකද අපි බැලුවා මේ තණතීරුවල අපි හිතන තරම් ලොකු සපෝරට්ට එකක් දේනනේ නෑ වේග පන්දු යවන්න්න්ට. මොකද මේ රස්නෙත් එක්ක විකට් ඉක්මනට වේලිලා පිතිකරුවන්ට දායකත්වයක් ලැබෙන හින්දා. ඒ හින්දා අපි හිතුවා දඟ පන්දු යවන්නන් සංචිතයේ ඉන්න එක හොඳයි එතකොට අපිට ඔප්ෂන් තියෙනවා ඕනෑ වෙලාවකට සෙල්ලම් කරන්න. ඒ වගේම කිව්ව වගේ ලකුණු 500 ක් ගැහුවාට මම හිතන්නේ නෑ අපේ අය හොඳින් බෝල් කෙරුවේ නෑ කියලා. අපේ අය හොඳට බෝල් කළා. නමුත් විකට් එකේ ලොකු සහායක් තිබුණේ නෑ අපිට ගොඩාක් ඇටෑක් කරන්න තරම්. මොකද පන්දුවේ වේගයවත් හෝ දඟ කැවීමක්වත් වෙන්නේ නෑ. ඒ හින්දා බැට්ස්මන්ලට ඕන ඕන විදියට සෙල්ලම් කරන්න පුලුවන්. අපි බැලුවේ ඔවුන්ව හිර කරලා තියන්න. අපි 500 ක් බෝඩ් එකේ තිබිලත් ලකුණු 500 ක් හඹා ගෙන ගිහිල්ලා ලකුණු 100 ක ලීඩ් එකක් අරගෙන බැලුවා අපිට දිනන්න අවස්ථාවක්ගන්න පුලුවන්ද කියලා. තරග ඉවර කරනකොට අපි හොඳ මානසික්තවයක හිටියා. විශේෂයන්ම ජයග්‍රහණය කරන්න පුලුවන් තැනකට අපි ඇවිල්ලා හිටියා. ඒ සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා කණ්ඩායමේ දායකත්වය ගැන.

එකතු වෙනවා නම්

මම හරියටම දන්නේ නෑ කවද්ද ඔවුන් අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. මොකද බබල් එකක ඉන්නේ. ඒ වගේම පී.සී.ආර්. ටෙස්ට් කරලා එයාලා එන්න ඕන. හරියටම ඔවුන් කවද්ද ටීම් එකට එකතු වෙන්නේ කියන එක ගැන දන්නේ ඩොක්ටර් තමයි.  සමහර විට හෙට වෙන්න පුලුවන්. සමහර විට අනිද්දා වෙන්න පුලුවන්. නමුත් තරගයට කළින් ඔවුන් අනිවාර්යයෙන්ම කණ්ඩායම සමඟ එකතු වෙලා ඉඳීවි.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee