slc
logo
Home   |    News
අප්‍රේල් 9, 2021
යුද හමුදාව පැරදූ රාගම අවසන් මහ තරගයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යුද හමුදා පිලට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් ලද රාගම ක්‍රීඩා සමාජය ලබන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

එන්.සී.සී. පිටියේ පැවැති මෙම තරගයේදී ලකුණු 179 ක පහසු ඉලක්කයක් හඹා ගිය රාගම ක්‍රීඩා සමාජය පන්දුවාර 39.2 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය වාර්තා කරන ලද්දේ කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

රාගම කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ සමින්ද ප්‍රනාන්නදු ලකුණක් ලබා ගැනීමට යෑමේදී ශතකය අහිමි කර ගත්තේ ලකුණු 99 ක් ලබා සිටියදීය. පන්දු 145 කදී වාර්තා වුණු එම ඉනිමට සමින්ද හයේ පහරක් සහ හතරේ පහර 6 ක් එල්ල කර තිබුණේය. ඔහුට අනගි සහායක් ලබා දුන් නිශාන් මදුෂ්ක ලකුණු 34 ක් සහ දිනෙත් තිමෝද්‍ය නොදැවී ලකුණු 22 ක් ලබා ගත්හ.

කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් යුද හමුදා කණ්ඩායම මේ පළමු කඩුලු 4 ම ලකුණු 45 කදී බිඳ හෙළීමට ඉෂාන් ජයරත්න ප්‍රමුඛ රාගම පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අවසන් වරට පැවැති අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 තරගාවලියේදී දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනාගත් ඉෂාන් ජයරත්න යුද හමුදා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමන ලද්දේ ලකුණු 31 කට කඩුලු 5 ක් දවා ගනිමිනි. ඔහුට අමතරව බිනුර ප්‍රනාද්දු ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගනිමින් යුද හමුදා කණ්ඩායම අසීරුතාවයට බිඳ හෙළීය.

ලකුණු 31 කට කඩුලු 5 ක් දවා ගත් ඉෂාන් ජයරත්න

රාගම පන්දු යවන්නන්ගේ ග්‍රහණය හමුවේ පන්දුවට පහර දුන් යුද හමුදා පිතිකරුවන් අතරින් නායක තිසර පෙරේරා සහ හිමාෂ ලියනගේ ලකුණු 45 බැගින් රැස් කළහ. හතරේ පහර 6 ක් සහිතව තිසර පෙරේරා පන්දු 32 කදී එම ලකුණු සංඛ්‍යාව රැස් කරද්දී හිමාෂ ඒ සඳහා පන්දු 74 ක් වැය කළේය.

යුද හමුදාව පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (තිසර පෙරේරා 45, හිමාෂ ලියනගේ 45, මහේෂ් කුමාර 26, දුෂාන් විමුක්ති 23, අසේල ගුණරත්න 15, ඉෂාන් ජයරත්න 31/5, බිනුර ප්‍රනාන්දු 30/3)

රාගම පන්දුවාර 39.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 179 යි – (සමින්ද ප්‍රනාන්දු 99, නිශාන් මදුෂ්ක 34, දිනෙත් තිමෝද්‍ය 33*)

Active filters

Recent Posts

  • ශදාබ් සහ ගුර්බාස් කලම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගෙනෙති
    By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් අද (14 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා […]
  • පිළිකා මර්ධනයට LPL අත හිත 
    අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය […]
  • සුපිරි පන්දුවාරයේදී ගෝල් මාවල්ස් ජය ලබයි
    By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා) පස්වරුවේ පැවැති ගෝල් මාවල්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් අතර තරගය සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු අතර […]
  • හතරේ සීමාවේ දුර අඩුද…? වැඩිද…? ජැෆ්නා නායකයාගේ අදහස
    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හතරේ සීමා මඳක් කෙටි කිරීමෙන් ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා කිසිදු අවාසිදායක තත්ත්වයක් ඇති නොවන බවත් උසස් මට්ටමේ තණතිලිවල ක්‍රීඩා කරද්දී පිතිකරුවනට දක්ෂ අයුරින් පහර […]
  • හයේ වරුසාවක් සමඟින් ජැෆ්නා ක්‍රීඩකයෝ 5 වැනි ජය ලබති
    Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර හෙවත් කොළඹ අදියර ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීම කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම විසින් ලබා දුන් ලකුණු 79 ක ඉලක්කය හඹා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee
logo