slc
logo
Home   |    News
මැයි 6, 2021
දිමුත් කරුණාරත්න හොඳම පිතිකරුවන් දහදෙනාගේ ආසන්නයට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීනයට අනුව හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනාගේ ආසන්නයට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්වී සිටියි. බංග්ලාදේශයට එරෙහිව තරගාවලිය 1-0 ක් ජය අත්කරගත් තරගාවලියෙන් පසු කරුණාරත්න එම ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.

එම තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීම්හි 22 වැනි ස්ථානයේ රැදී සිටි කරුණාරත්න තරගාවලිය අවසන් වන විට ස්ථානය 11 ක් ඉදිරියට පැමිණීම කැපී පෙනෙයි. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලියේදී දිමුත් කරුණාරත්න විසින් ඉනිම 3 කදී ලකුණු 428 ක් රැස් කර ගත්තේ ද්විත්ව ශතකයක් (244), ශතකයක් (118) සහ අර්ධ ශතකයක් (66) වාර්තා කර ගනිමිනි.

දිමුත්ට අමතරව ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දු, පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට සමත්වද්දී ඇන්ජලෝ මැතිව්ස් සහ පැතුම් නිස්සංක ස්ථාන කීපයක් පහළට ගොස් සිටියි.

ඒ අතරින් ධනංජය ද සිල්වා 35 වැනි ස්ථානයේ සිට 32 වැනි ස්ථානය දක්වාත්, ඕෂද ප්‍රනාන්දු 62 වැනි ස්ථානයේ සිට 58 වැනි ස්ථානය දක්වාත්, ළහිරු තිරිමාන්න 74 වැනි ස්ථානයේ සිට 60 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ සිටිති. තරගාවලියට ප්‍රථම 20 වැනි ස්ථානයේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් ලද අසාර්ථක භාවය හේතුවෙන් 20 වැනි ස්ථානයේ සිට 24 වැනිදා දක්වා පහළ ගොස් සිටියි. කොදෙව් පිලට එරෙහිව පැවැති මංගල තරගයේදී ශතකයක් වාර්තා කරමින් පළමු පිතිකරුවන් 100 දෙනා අතරට (88 ස්ථානයට) පැමිණි පැතුම් මෙම තරගාවලියෙන් පසු හොඳම 100 දෙනාගෙන් ඉවතට යෑම කැපී පෙනෙයි.

මේ අතර මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් කඩුලු 11 ක් දවා ගත් ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. තම දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවෙමින් කඩුලු 6 ක් බිඳ හෙළූ රමේෂ් මෙන්ඩිස්ද හොඳම පන්දු යවන්නන් 100 දෙනා අතරට (88) එක්වීමට සමත්ව සිටියි.

නවසීලන්ත නායක කේන් විලියම්සන් පිතිකරුවන් අතර පළමු ස්ථානයේත් ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙති. තුන් ඉරියව් අතර බටහිර ඉන්දීය කොදෙව් පිටෙල් ජේසන් හෝල්ඩර් රැඳී සිටියි.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee