slc
Home   |    News
මැයි 20, 2021
පිට පිටම දෙවැනි වතාවටත් ක්‍රිකට් සභාපති අසුන ශම්මි සිල්වාට

sinhala editor

2021 සිට 2023 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (20 දා) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තේරී පත්විය. ඒ පිළිබඳ වූ තීරණය නිලවරණය මෙහෙයවන ලද කමිටුව විසින් සනාථ කරනු ලැබීය.

ඒ අනුව ශම්මි සිල්වා මහතා අදාළ සභාපති අසුනට තේරී පත්වූයේ පිට පිටම දෙවැනි වතාවටය. “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස මාව තෝරා ගැනීම පිළිබඳව මම අපේ සාමාජිකයින්ට ස්තූතිවන්ත වෙනවා” යැයි සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශම්මි සිල්වා මහතා සිය පාලන කාලය ඇතුළතදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සිදුකරන ලද සේවය අපගේ පාර්ශ්වකරුවන් හොඳින් තේරුම් ගෙන තිබෙන බව මෙම ජයග්‍රහණයෙන් සනාථ වන බවද අවධාරණය කළේය.

ශම්මි සිල්වා මහතාට අමතරව ඔහුගේ පාර්ශ්වයෙන් නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන් සියළු දෙනාද නිතරගයෙන් තේරී පත්වීම කැපී පෙනෙයි. එහිදී උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ද ප්‍රධාන ලේකම් ලෙස මොහාන් ද සිල්වා මහතාද, භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතාද උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතාද සහ උප ලේකම් ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත යන මහත්වරුද අද දිනයේදී නිතරගයෙන් තේරී පත්වූහ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest