slc
Home   |    News
ජූනි 24, 2021
අභිනව ටෙස්ට් ශූරයින් ලෙස නවසීලන්තය කිරුළු පළඳිති

sinhala editor

දින 2 ක් වර්ෂාවෙන් බාධා ඇති වුවද අතිරේක දිනය දක්වා ඇදී  තරයේදී අති විශිෂ්ඨ සටන් වැදීමක නිරත වූ නවසීලන්ත ක්‍රීඩකයෝ ඉන්දියාවට එරෙහිව සදම්ප්ටන්හි පැවැති අවසන් මහ තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට පැවැති ටෙස්ට් ලෝක ශූරතාවලියේ අභිනව ශූරයින් ලෙසින් අද කිරුළු පැළඳූහ.

2019 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේ අනුශූරයින් බවට පත්වීම හැරුණු කොට 2015 වසරේ සිට ලෝක කුසලාන තරගාවලි 3 කට සුදුසුකම් ලැබුවද ඉන් එකක හෝ ශූරතාව දිනා ගැනීමට නවසීලන්තය අපොහොසත් වුවද මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ශූරතාව සඳහා පිදෙන සෙංකෝලය සහ ඇමරිකානු ඩොලර් ලක්ෂ 16 ක මුදල (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 32 ක් ) සිය රටට රැගෙන යෑමට සමත්විය.

ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 170 කට සීමා කළ නවසීළන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා හිමි ලකුණු 139 ක ඉලක්කය කඩුලු 2 ක් පමණක් දැවී සපුරා ගැනීමට රොස් ටේලර් සහ නායක කේන් විලියම්සන් දෙදෙනා සමත්විය. එහිදී විලියම්සන් ලකුණු 52 ක් ලබා ගනිද්දී ටේලර් ලකුණු 47 ක් ලබා ගත්තේ ජයග්‍රහණය සඳහා එල්ල කරන ලද හතරේ පහරද සමඟිනි. මොවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 96 කි.

ආරම්භයක් දිනයත් පසුවත් තරගයට විටින් විටම වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් තරගය හයවැනි දින දක්වා රැගෙන යෑමට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතා තීරණය කළේය. එහි උපරිම ඵල ලබා ගත් නවසීලන්ත කණ්ඩායම අවසන් සැසියේදී සිය ජයග්‍රහණය සපුරා ගත්තේය. තරගයේ වීරයා ලෙසින් පළමු ඉනිමේදී කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 2 ක් වශයෙන් සමස්ථ තරගයේදී කඩුලු 7 ක් දවා ගත් නවසීලන්ත පිලේ කයිල් ජේමීසන් දිනා ගත්තේය.

ඉන්දියාව පළමු ඉනිම 217 යි සහ දෙවැනි ඉනිම 170 යි – (රෝහිත් ෂර්මා 30, චෙටේෂ්වර් පුජාරා 15, විරාට් කෝලි 13, අජින්ක්‍යා රහනේ 15, රිෂාබ් පාන්ට් 41, රවීන්ද්‍ර ජඩේජා 16, මොහොමඩ් සාමි 13, ටිම් සවුති 48/4, ට්‍රෙන්ට් බෝල්ට් 39/3, කයිල් ජැමීසන් 30/2)

නවසීලන්තය පළමු ඉනිම ලකුණු 249 යි සහ දෙවැනි ඉනිම කඩුලු 2 කට ලකුණු 140 යි – (ටොම් ලේතම් 09, ඩෙවෝන් කෝන්වේ 19, කේන් විලියම්සන් 52*, රොස් ටේලර් 47*, රවිචන්ද්‍රන් අශ්වින් 17/2)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest