slc
Home   |    News
ජූනි 11, 2021
ඉන්දීය ක්‍රිකට් පිල 28 වැනිදා දිවයිනට

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. වසර 3 කට ආසන්න කාලකින් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම දින 29 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.

ඉන්දීය කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරය කරන ලද්දේ ඉකුත් 2018 වසරේ මාර්තු මස පැවැති නිදහස් කුසලාන එක්දින තරගාවලියට වන අතර එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමටද ඉන්දීය පිල සමත්විය.

මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “මෙම තරගාවලිය ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් ආකර්ෂණය කරගනු ලබන තරගාවලියක් බව මට විශ්වාසයි. ඒ මොකද කියනවා නම් එක්දින සහ විස්සයි-20 අංශ වල කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ක්‍රීඩා කර තිබෙන බැවින් මේ තරගාවලිය ක්‍රිකට් රසිකයින්ට තරගකාරීත්වනේ යුතු තරගාවලියක් නැරඹීමේ හැකියාවක් ලැබෙන බැවින්” යනුවෙනි.

2023 වසරේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් පැවැත්වීමට අමතරව මෙම වසර අග භාගයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව අඛණ්ඩව සිදුකරනු ලබන සූදානම සඳහා මෙම තරගාවලිය අතිශය වැදගත් කාර්යය භාරයක් ඉටු කරනු ඇත.

මෙම තරගාවලිය ජෛව ආරක්ෂිත පරිසරයකට යටත්ව පැවැත්වෙනු ඇත.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest