slc
Home   |    News
ජූනි 21, 2021
කලුතර ප්‍රිමියර් ලීග් අභිනව ශූරතාව පානදුර ක්‍රීඩා සමාජයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීම යටතේ කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් පළමු වතාවට සංවිධානය කර පවත්වන ලද ලද KPL විස්සයි-20 හෙවත් කලුතර ප්‍රිමියර් ලීග් පන්දුවාර-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජය පසුගියදා සමත්විය.

පානදුර මහජන ක්‍රීඩා පිටියේ පැවැති එම අවසන් මහ තරගයේදී මතුගම ඒ.එම්. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 16 ක ජයක් වාර්තා කළ පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් පනස්දාහක (50,000/=) මුදලක් දිනා ගනු ලැබීය. අනුශූරතාවයට පත් මතුගම ඒ.එස්. ක්‍රීඩා සමාජයට අනුශූරතා කුසලාන සමඟ රුපියල් විසිපන්දාහක (25,000/=) මුදලක් හිමිවිය.

කලුතර දිස්ත්‍රික්කය යටතේ ලියාපදිංචිව සිටින ක්‍රීඩා සමාජ 20 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී ලීග් ක්‍රමයට පැවැති මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 4 ක බැගින් තරග වැදි අතර වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගත් කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබූහ. එහිදී සමර්සෙට් ක්‍රීඩා සමාජය ලකුණු 65 කින් පරාජයට පත් කරමින් පානදුර ක්‍රීඩා සමාජයද මිල්ලනිය ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් මතුගම ඒ.එම්. ක්‍රීඩා සමාජයද අවසන් මහ තරග වරම උදා කරගත්හ.

අවසන් මහ තරගයේදී ප්‍රථමෙයන් පන්දුවට පහර දුන් පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 7 කට ලකුණු 134 ක් ලබා ගත් අතර එය හඹා යෑමේදී ඒ.එම්. ක්‍රීඩා සමාජයට රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 118 ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, සහ කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රසන්න අමරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රදානයේදී කලුතර දිස්ත්‍රික්කය තුළ පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරනු පුහුණුකරුවන් ඇගැයීම වෙනුවෙන් සම්මාන පිරිනැමීමක්ද සිදුවීම කැපී පෙනිණ. අනතුරුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී පෞද්ගලික දක්ෂතා සඳහා පිදෙන සම්මාන සියල්ලම ජයග්‍රාහී පානදුර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් විසින් දිනා ගැනීම කැපී පෙනුණි. එහිදී දක්ෂතම පිතිකරු ලෙස නවීන් ද සිල්වා ද දක්ෂතම පන්දු යවන්නා ලෙස හර්ෂ මදුශංක ද , අවසන් මහ තරගයේ වීරයා ලෙස රොහාන් සොයිසා ද සහ තරගාවලියේ වීරයා සම්මානය තාරුක තන්දීර විසින්ද දිනා ගනු ලැබූහ.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest