slc
Home   |    News
ජූනි 20, 2021
ක්‍රීඩා තුනක ශ්‍රී ලංකාව නියෝජනය කළ චාමික කරුණාරත්න

Sri Lanka Cricket

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රීඩා තුනක් නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වනුයේ 25 හැවිරිදි චාමික කරුණාරත්නය. චාමික කුඩා කළ මෙරට කණිෂ්ට හෙල්ල විසිකිරීමේ සමස්ත ලංකා සූරයාය. පසුව ඔහු කණිෂ්ට සහ ජ්‍යෙෂ්ට මට්ටමෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ හිණිපෙත්තටම පියනැගීය. දැන් මොහු ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නෙකුවේ.

චාමික පැවැත එන්නේ ක්‍රීඩාවටම නැඹුරුවූ පවුලකිනි. ඔහුගේ පියා ලූයි කරුණාරත්න බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ ඉහළ නිළදරුවෙකි. වැඩිමහල් සොහොයුරු නිලූක ශ්‍රී ලංකාවේ අංක 1 බැඩ්මින්ටන් සූරයා වන අතර පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දැරීය. දිනුක කරුණාරත්න අනෙක් සොහොයුරාද බැඩ්මින්ටන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රෙය් තවත් ක්‍රීඩාවන්හි කැපී පෙනෙන්නෙකි.

කොළඹ රාජකීය විදුහලේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ චාමික කරුණාරත්න 2018 වසරේ අවුරුදු විසිදෙකේදී ශ්‍රී ලංකා එක්දින සහ 20-20 කණ්ඩායම් නියෝජනය කළේ ප්‍රබල ඕස්ට්‍රේලියාව සමගය. අවුරුදු 19දී ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ තරගාවලියට සුදුසුකම් ලැබූ චාමික පසුව එන්.සී.සී කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්විණි. මොහු උපත ලැබුවේ 1996 මැයි 26 වැනිදාය.

මේ වසරේ පෙබරවාරි මස පැවැති ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ කේවල (Singals) අවසාන තරගයට සුදුසුකම් ලැපූ මොහු තරග වැදුණේ සිය සොහොයුරා වන අංක 1 ක්‍රීඩක නිලූක කරුණාරත්න සමගය. නිලූක මෙවරද ටෝකියෝ ඔලිම්පික් උලෙළ නියෝජනය කරයි.

දැනට එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා එක්දින සහ 20-20 කණ්ඩායම්වල සාමාජිකයෙකු වන චාමික කරුණාරත්න දකුණතින් වේග පන්දු යවන දකුණතින් පිත්ත හසුරුවන ක්‍රීඩකයෙකි. 2019 පෙබරවාරි 1 වැනිදා ඕස්ට්‍රේලියාව සමග සිය පළමු ටෙස්ට් තරගයට පිවිසි මොහු එහිදී කඩුල්ලක්ද දවාලූවේය. ලකුණු 22ක්ද ලැබීය.

එක්දින ජාත්‍යන්තර තරගයකදී පන්දු යැවීමේදී ලකුණු 36ක් දී කඩුලු නොලැබූ අතර පන්දුවට පහර දුන්නේ නැත. ඒ ශ්‍රේණියේ සහ අන්තර් සමාජ තරගාවලියේ එක්දින කඩුලු 69ක්ද 20-20 තරග 23කදී කඩුලු 15ක්ද දවා ඇත. අන්තර් පළාත් සුපිරි තරගාවලියද මොහු නියෝජනය කළේය.

පන්දුවට පහරදීමේදී ටෙස්ට් තරගයකදී ලකුණු 22ක්ද ඒ ශ්‍රේණියේ සහ අන්තර් සමාජ තරගාවලියේදී තරග 56කදී ලකුණු 615ක්ද 20-20 තරග 23කදී ලකුණු 143ක්ද ලබාසිටී.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේදී දුෂ්මන්ත චමීර ආබාධයට ළක්වීම මත චාමික කරුණාරත්න කැදවනු ලැබීය. චාමික කරුණාරත්න ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ සහ එමර්ජින් (නැගී එන) කණ්ඩායම් නියෝජනය කළ අතර ඔහුගේ දක්ෂතා වඩාත් කැපී පෙනුණේ එමර්ජින් කණ්ඩායම නියෝජනය කරන අවස්ථාවේය. වරක් ඔහු ලකුණු හතරකට කඩුලු 4ක්ද ලැබීය.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest