slc
logo
Home   |    News
ජූනි 4, 2021
කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරය හෂාන් තිලකරත්නට

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව තිලකරත්න මහතාගේ පත්වීම ජුනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් යටතේ වන ඉහල කාර්යය සාධන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු පුහුණුකරුවන් ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් කොටසක් ලෙස තිලකරත්න මහතාගේ නවතම පත්වීම සටහන් වේ. 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වන තිලකරත්න මහතා, මෙම තනතුරට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ යටතේ පුහුණු තනතුරු කීපයක්ම හොබවා තිබේ.

ඒ අතඑ වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පිතිකරණ පුහුණු කරු ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම ඉකුත් වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්ද තිලකරත්න මහතා කටයුතු කළේය.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

USD United States (US) dollar