slc
logo
Home   |    News
ජූනි 16, 2021
කුසල් පෙරේරාගේ පිලට ලකුණු 251 ක ඉලක්කයක්

sinhala editor

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙපිළ බෙදී හෙවත් කුසල් පෙරේරා කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායම් අතර පුහුණු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ක් දැවී ලකුණු 250 ක් රැස් කිරීමට සමත්ව සිටියි.

පන්දුවාර 50 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් පන්දු 89 කදී ලකුණු 71 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ඔහුට අමතරව ඉසුරු උදාන ලකුණු 44 ක් සහ ඕෂද ප්‍රනාන්දු ලකුණු 39 ක් රැස් කළහ.

පන්දු යැවීමේදී කුසල් පෙරේරාගේ කණ්ඩායමේ අකිල ධනංජය සහ චාමික කරුණාරත්න කඩුලු 3 බැගින් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර බිනුර ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීය.

මෙන්ඩිස් පිල පන්දුවාර 50 කදී කඩුලු 9 කට ලකුණු 250 යි – (රමේෂ් මෙන්ඩිස් 71, ඉසුරු උදාන 44, ඕෂද ප්‍රනාන්දු 39, අකිල ධනංජය 28/3, චාමික කරුණාරත්න 38/3, බිනුර ප්‍රනාන්දු 38/2, නුවන් ප්‍රදීප් 20/1)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest