slc
Home   |    News
ජූනි 25, 2021
තරගයක් ඉතිරිව තිබියදීම එංගලන්තය විස්සයි-20 තරගාවලිය ජය ගනියි

sinhala editor

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදී අපරික්ෂාකාරී ලෙස පිති හැසිරීම නිසා කාඩිෆ්  නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද එංලන්තය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (24 දා) අත්වින්දේය. ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්වූවේය.

පළමු තරගයේ කාබන් කොපියක් බඳු ලෙසින් දුර්වල ලෙස පිති හැසිරවූ ශ්‍රී ලංකා පිතිකරුවන් අද තරගයේදී නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 111 ක් පමණක් රැස් කළේය. පන්දුවාර 20 කදී ලබාගත යුතු ව ලකුණු 112 ක ජයග්‍රාහී ඉලකක්ය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 18 කදී ලකුණු 108 ක් වශයෙන් සටහන්වුණු මෙම තරගයේදී ඉලක්කය හඹා ගිය සත්කාරක පිල 16 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් පමණක් දැවී ගොස් තිබියදීය.

එම ඉලක්කය හඹා යෑමේදී එංගලන්ත කණ්ඩායමේ ඉදිරි පෙළ කඩුලු 4 ම ලකුණු 37 කදී බිඳ වැටුණු නමුත් 5 වැනි කඩුල්ලට එක් වුණු ලියම් ලිවින්ග්ස්ටන් සහ සෑම් බිලිංග්ස් පන්දු 48 කදී ලකුණු 54 ක සම්බන්ධතාවයක් පවත්වමින් එංගලන්ත ජයග්‍රහණයට අවශ්‍ය පදනම එක් කළහ. තුන් ඉරියව්වෙන් දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් ලිවින්ග්ස්ටන්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

අලංකාර හයේ පහරකින් ලිවින්ග්ස්ටන් තරගය නිමා කරන විට එංගලන්ත ලකුණු පුවරුවේ තවත් පන්දු 11 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව පැවතිණ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළද පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය, එම තීරණයට සාධාරණයක් එක් නොකළහ. ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී පිතිහරඹයටත් වඩා කඩා වැටීමට හේතු වූයේ අපරික්ෂාකාරී සහ වගකීම් විරහිත වූ කඩුලු අතර දිව යෑමය. පන්දු රකින්නා තමන් වෙත එන බව පෙනි පෙනී තිබියදී ලකුණක් කරා යෑමට අවිෂ්ක ප්‍රනාන්දු උත්සාහ ගැනීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක දැවී ගියේය.  

තණතීරුව මත පන්දුව රැදී තිබියදී කඩුලු අතර දිව යනු දුටු පන්දු යැවූ සෑම් කරන් පැමිණ පාපන්දු ක්‍රීඩා කරන අයුරින් පන්දුව කඩුල්ලට යොමු කිරීම හේතුවෙන් ගුණතිලකගේ වටිනා කඩුල්ල ලකුණු 3 කදී ශ්‍රී ලංකාවට අහිමි විය.

එම වැරද්දෙන් පසු සිය කඩුල්ල ආරක්ෂා කර ගන්නවා වෙනුවට හුක් පහරක් එල්ල කිරීඹට ගිය අවිෂ්ක ලකුණු 06 කට දැවී යෑම නිසා පවර් ප්ලේ අවස්ථාවට පෙර ඉනිමේ ආරම්භක පිතිකරුවන් යුගලයම දැවී යෑම ශ්‍රී ලංකාවට දරාගත නොහැකි පාඩුවක් විය.

ලකුණු අතරට කොයි මොහොතේ පැමිණෙනු ඇති බවට බලාපොරොත්තුවෙන් පසුවන කුසල් මෙන්ඩිස්ට එක්වූ නායක කුසල් පෙරේරා කඩා වැටුණු ඉනිම ගොඩ ගනිමින් සිටියේ පන්දු 53 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් පවත්වමිනි. තරගයේ ආරම්භයෙන් පසු යවන ලද 46 වැනි පන්දුවේදී පළමු හතරේ පහර එල්ල කළ  කුසල් මෙන්ඩිස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය.

වේගයෙන් පන්දු යැවීමට රුචියක් දක්වන මාක් වුඩ්ගේ ගොදුරක් ලෙසින් කුසල් මෙන්ඩිස්ව (39) දවා ගැනීමෙන් පසු ඊළඟ පන්දුවේදී ධනංජය ද සිල්වාගේ ස්ථානය සඳහා ආදේශ වුණු නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල ද දවා ගනිමින් ශ්‍රී ලංකාව අමාරුවේ දැමීය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් එල්ල කරන ලද හයේ පහරත් සහ හතරේ පහර 3 ත් ඉසුරු උදාන එල්ල කරන ලද හයේ පහරත් හතරේ පහරත් හැරුණු කොට එකම පිතිකරුවකු හෝ හතරේ පහරක් එල්ල කිරීමට අසමත් වූහ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest