slc
logo
Home   |    News
ජූනි 14, 2021
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි-20 සටනට බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් නෑ

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 23 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට ක්‍රිස් වෝක්ස්ව කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. වසර 6 කට ආසන්න කාලයකින් පසු වෝක්ස්ට සංචිතයට පැමිණීමට අවස්ථාව උදා වුවද එංගලන්ත කණ්ඩායම සතු දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් සහ වේග පන්දු යවන ජොෆ්රා ආචර්ව ඇතුළත් නොකිරීමට ඔවුහු වග බලාගෙන තිබේ.

වෝක්ස්ට අමතරව ඩේවිඩ් විලී සහ ලයාම් ඩෝසන් කණ්ඩායමට කැඳවීමට පියවර ගෙන තිබේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ස්ටෝක්ස් ඇඟිල්ලේ අස්ථි බිඳීමේ ආබාධයකට ගොදුරු වූ අතර වැළමිටේ පවතින ආබාධිත තත්ත්වය තවමත් සුව අතට පත්නොවීම හේතුවෙන් ආචර්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවී තිබේ.

කණ්ඩායමට නැවත පැමිණ සිටින ක්‍රිස් වෝක්ස් යනු 2019 ලෝක කුසලානය එංගලන්තයට දිනා දීම වෙනුවෙන් වැදගත් කාර්යය භාරයක් ඉටු කළ ක්‍රීඩකයෙකි. එපමණක් නොව ඔහු ටෙස්ට් කණ්ඩායමටද ක්‍රීඩා කරමින් නිරන්තරයෙන්ම ජයග්‍රහණ සඳහා කණ්ඩායමට අවශ්‍ය සහාය ලබා දුන් ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් ගෙවී ගිය වසර 6 කට ආසන්න කාලයේදී ඔහු විස්සයි-20 තරග අංශයෙන් ක්‍රීඩා නොකළ නමුත් අවසන් වරට පැවැති අයි. පී.එල්. තරගාවලියේදී කල්කටා නයිට් රයිඩ්ස් පිල නියෝජනය කළේය. සංචිතයට පැමිණ සිටින වීලී සහ ඩෝසන් අවසන් වරට එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකට පිළිවෙළින් 2019 සහ 2018 වසර වලදී නියෝජනය කළහ.

දෙරට අතර ආරම්භ වන විස්සයි-20 තරගාවලියේ පළමු තරගය මේ මස 23 වැනිදා කාඩිෆ්හිදී ආරම්භ වනු ඇත.

එංගලන්ත විස්සයි-20 කණ්ඩායම – එයන් මෝගන් (නායක, ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටෝ, ඩේවිඩ් මාලන්, ජොස් බට්ලර්, ලියම් ලිවින්ග්ස්ටෝන්, සෑම් බිලිංග්ස්, මොයිනී අලී, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩෝසන්, ක්‍රිස් වෝක්ස්, ඩේවිඩ් විලී, ක්‍රිස් ජෝර්ඩ්න්, අදිල් රශීඩ්, මාක් වුඩ්.  

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee