slc
logo
Home   |    News
ජූලි 22, 2021
විස්සයි-20 පන්දු යවන්නන් අතර වනිඳුට තෙවැනි තැන

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම විස්සයි-20 ශ්‍රේණිගත කිරීමේ යාවත්කාලීනයට අනුව එම පන්දු යවන්නන් අතර පළමු පන්දු යවන්නන් තිදෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටියි. දකුණතින් පා දඟ පන්දු යවන හසරංග එම ශ්‍රේණිගත කිරීමේ පැමිණි ඉහළතම ස්ථානය වශයෙන් මෙය සනිටුහන් වේ.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රේස් ශම්සි සහ ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් එම ශ්‍රේණිගත කිරීමේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුවෙති. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි-20 තරග 19 කට ක්‍රීඩා කර ඇති වනිඳු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 26 කි. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 15.76 ක් රඳවා ගැනීමට සමත්ව සිටින වනිඳු බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව ලකුණු 12 ක් ඇතුළත් දවා ගන්නා ලද කඩුලු 3 ඳහොම පන්දු යැවීම ලෙස සනිටුහන් වෙයි.

වනිඳුට අමතරව ඒම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන්නේ ලක්ෂාන් සඳකැන් වන අතර ඔහු 12 වැනි ස්ථානයේ රැඳී සිටියි.  තරග 2- කට ක්‍රීඩා කර ඇති සඳකැන් කඩුලු 23 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee