අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම විස්සයි-20 ශ්‍රේණිගත කිරීමේ යාවත්කාලීනයට අනුව එම පන්දු යවන්නන් අතර පළමු පන්දු යවන්නන් තිදෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටියි. දකුණතින් පා දඟ පන්දු යවන හසරංග එම ශ්‍රේණිගත කිරීමේ පැමිණි ඉහළතම ස්ථානය වශයෙන් මෙය සනිටුහන් වේ.
දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රේස් ශම්සි සහ ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් එම ශ්‍රේණිගත කිරීමේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුවෙති. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි-20 තරග 19 කට ක්‍රීඩා කර ඇති වනිඳු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 26 කි. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 15.76 ක් රඳවා ගැනීමට සමත්ව සිටින වනිඳු බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව ලකුණු 12 ක් ඇතුළත් දවා ගන්නා ලද කඩුලු 3 ඳහොම පන්දු යැවීම ලෙස සනිටුහන් වෙයි.
වනිඳුට අමතරව ඒම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන්නේ ලක්ෂාන් සඳකැන් වන අතර ඔහු 12 වැනි ස්ථානයේ රැඳී සිටියි. තරග 2- කට ක්‍රීඩා කර ඇති සඳකැන් කඩුලු 23 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි.