slc
logo
Home   |    News
අගෝස්තු 20, 2021
අවසන් සටනට සුදුසුකම් ලැබීමට තුන්කොන් සටනක්

sinhala editor

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ  අවසන් මහ තරග වරම උදාකර ගැනීම සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්ව සිටියි. ලීග් තරග වටය යටතේ සහභාගිවුණු තරග 4 න් 4 ම ජය ලබා සිටින ග්‍රේස් පිල ප්‍රසාද ලකුණු 8 ක් ලබා ගනිමින් එම සටහනේ පෙරමුණේ පසුවෙයි.

දෙවැනි ස්ථානයේ පසුවන ධනංජය ද සිල්වාගේ බ්ලූස් සහ දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් කණ්ඩායම් තරග 4 කට මුහුණ දී ජයග්‍රහණ දෙක බැගින් වාර්තා කොට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.

දෙපිළම මෙතෙක් තරග 4 කට සහභාගිවෙමින් ජයග්‍රහණ 2 ක් බැගින් ලබා සිටින නමුත් ලකුණු ලබා ගැනීමේ දළ වේගය අනුව බ්ලූස් පිල දෙවැනි ස්ථානයේ රැඳී සිටියි. ලීග් ක්‍රමයට මූලික වටයේ තරග පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ වරම දිනා ගනු ලබන කණ්ඩායම තීරණය වනු ලබන්නේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් 2 වේ. මුහුණ දුන් තරග 4 ම පරාජයට පත්ව සිටින ග්‍රීන්ස් පිලට අවසන් මහ තරග වරම දිනා ගැනීම සඳහා කිසිදු අවස්ථාවක් නොමැති අතර ඉතිරි කණ්ඩායම් 3 ට ඉදිරි දින දෙකේදී පැවැත්වෙන අතිශය තීරණාත්මකය.

කෙසේ වෙතත් හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත තරග 4 න් බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ග්‍රේස් කණ්ඩායම ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හා සමාන වනු ඇත. එසේ වුවහොත් අවසන් මහ තරග වරම දිනාගනු ලබන කණ්ඩායම් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තීරණය වනු ඇත.  

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest