slc
logo
Home   |    News
අගෝස්තු 24, 2021
විස්සයි-20 මහ ගැටුමේ ශූරයින්ට ලක්ෂ 20 ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ඩයලොග් – SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගනු ලබන කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනැමෙන අතර අනුශූරතාව සඳහා ලකුෂ 15 ක මුදලක් පිරිනැමෙනු ඇත.

ප්‍රධාන ත්‍යාග මුදල් වලට අමතරව තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනු ලබන ක්‍රීඩකයාට මුදලින් රුපියල් ලක්ෂ 2 ක මුදලක් ද අවසන් මහ තරගයේ වීරයාට මුදලින් රුපියල් පනස්දහසක්ද පිරිනැමෙනු ඇත.

මෙම අවසන් මහ තරගය අද (24 දා) දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප.ව. 7.30 ට ආරම්භ වනු ඇත. මූලික තරග කාල සටහනට අනුව මෙම තරගය ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණත් අවසන් මහ තරගය ජාතික රූපවාහිනියේ චැනල් අයි නාළිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු සම්පාදනය කිරීම නිසා නිසා තරග ආරම්භය මිනිත්තු 30 කින් දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබේ.

චැනල් අයි නාලිකාවට අමතරව මෙම තරගය ඩයලොග් නාලිකා ‘චැනල් 1’, ශ්‍රී ලංකා ක්‍රිකට් ‘youtube’ (යූ ටියුබ් චැනලය), ඩයලොග් ViU මෘදුකාංගය, සහ The.papare.com ඔස්සේද නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබේ.

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee