slc
Home   |    News
අගෝස්තු 5, 2021
ආරාධිත විස්සයි-20 තරගාවලියේ නායකයෝ නම් කෙරෙති

sinhala editor

එස්.එල්.සී. ආරාධිත විස්සයි-20 ලීග් ක්‍රිකට් ශූරතාවයේ නායකයින් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එහිදී ධනංජය ද සිල්වා (බ්ලූස්), දසුන් ශානක (ග්‍රේස්), දිනේෂ් චන්දිමාල් (රෙඩ්ස්) සහ අශාන් ප්‍රියන්ජන් (ග්‍රීන්ස්) නායකයින් ලෙස කටයුතු කරති.

මෙම තරගාවලිය ලබන 12 වැනිදා සිට 24 වැනිදා දක්වා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර සෑම දිනකම තරග 2 ක් පැවැත්වෙනු ඇත. දිවා/රාත්‍රී තරග සඳහා ද අවස්ථාව සකසා දෙමින් ප.ව. 2.30 ට ආරම්භ වන තරගයෙන් පසු ප.ව. 7.00 ට ද තරගයක් ආරම්භ වනු ඇත.

ඒ අනුව කණ්ඩායමක් මූලික වටය යටතේ තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 2 ලබන 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

බ්ලූස් – ධනංජය ද සිල්වා (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), සධීර සමරවික්‍රම, නිෂාන් මධුෂ්ක, හිෂාන් රන්දික, හිමාෂ ලියනගේ, පවන් රත්නායක, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ළහිරු සමරකෝන්, ධනංජය ලක්ෂාන්, සුරංග ලක්මාල්, කලන පෙරේරා, ඩිල්ෂාන් මධුශංක, ශිරාන් ප්‍රනාන්දු.

ග්‍රේස් – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), මිනෝද් භානුක, ලසිත් කෲස්පුල්ලේ, සංගීත් කුරේ, භානුක රාජපක්ෂ, නුවනිඳු ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, ළහිරු මධුශංක, මිලින්ද සිරිවර්ධන, කොෂාන් ජයවික්‍රම, උදිත් මදුශාන්, නුවන් ප්‍රදීප්, චාමික ගුණසේකර, මතීෂ පතිරණ.

ග්‍රීන්ස් – අශාන් ප්‍රියන්ජන් (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), ළහිරු උදාර, මහේල උඩවත්ත, ක්‍රිෂාන් සංජුල, කමිල් මිශාර, පැතුම් නිස්සංක, සමින්ද ප්‍රනාන්දු, ශම්මු අශාන් රමේෂ් මෙන්ඩිස්, සුමින්ද ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් තුෂාර, ළහිරු ගමගේ.

රෙඩ්ස් – දිනේෂ් චන්දිමාල් (නායක), අවිෂ්ක ප්‍රනාන්දු (උප නායක), නිපුන් ධනංජය, සඳුන් වීරක්කොඩි, ඕෂධ ප්‍රනාන්දු, මදිත ලක්ෂාන්, අසේල ගුණරත්න, ලසිත් අබේරත්න, සික්කුගේ ප්‍රසන්න, චාමික කරුණාරත්න, ජෙහාන් ඩැනියල්, සංතුෂ් ගුණතිලක, බිනුර ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, අසිත ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest