slc
Home   |    News
අගෝස්තු 26, 2021
ක්‍රීඩාවට එහා ගිය දසුන්ගේ ‘උතුම් වීරකම’

sinhala editor

ග්‍රේස් කණ්ඩායම ශූරතාව දිනා ගනිමින් නිමාවට පත් වුණු ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙසින් තමන්ට ලැබුණු මුදල කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 නායක දසුන් ශානක තීරණය කර තිබේ.

වර්තමානය තුළ රට මුහුණ දී සිටින තත්ත්වය ගැන අවබෝධයක් ඇති නිසා තමන් එම මුදල පරිත්‍යාග කිරීමට තීරණය කළ බව තරගාවසානයේදී දසුන් සඳහන් කර සිටි අතර එම මුදලට අමතරව කණ්ඩායමද තමන් ලැබුණු මුදලිනුත් කොටසක්ද ඒ සඳහා ලබා දෙන බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඒ පිළිබඳව දසුන් සිය අදහස් දක්වා සිටියේ මේ අයුරින්. “කළුබෝවිල හොස්පිට්ල් Ventilator unit එකක් (කෘත්‍රිම ශ්වසනය ලබා දීමේ ආරාධකයක්) හයි කරනවා කියලා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ව දැනුවත් කර සිටියා. මොකද රටේ තියෙන තත්ත්වය අපිට පේනවා. එන්න එන්නම නරක අතරට හැරෙමින් තියෙනවා. මම හිත්නනේ ක්‍රීඩකයින් විදියට අපිට කරන්න පුලුවන් දේ තමයි උපරිම උදව් කරන එක. ඒ කියන්නේ වෙන්ටිලේටර් එක හයි කරගන්න සපෝර්ට් කරන එක. ඒ අනුව මම මගේ මෑන් ඕෆ්ද සීරීස් වෙච්ච මුදල් ප්‍රමාණය එහෙමම පරිත්‍යාග කරනවා. ඒ වගේම මෙම කර්තව්‍යයට කණ්ඩායමෙනුත් අපි මුදලක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි දසුන් සදහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest