slc
Home   |    News
අගෝස්තු 18, 2021
ග්‍රීන්ස් සහ ග්‍රේස් තරගයට වර්ෂාවෙන් බාධා

sinhala editor

Chamila Karawita reporting from Pallakale

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 13 කට සීමා වෙමින් ඇරැඹි තරගයට නැවතත් වර්ෂාව හරස් වීම නිසා තරගය පන්දුවාර 3.4 අවසානයේ තාවකාලිකව නතර කර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 43 ක් ලබා සිටියි.

මෙතෙක් පැවැති තරග 3 ම පරාජයට පත්ව සිටින ග්‍රීන්ස් කණ්ඩායමේ නායක අශාන් ප්‍රියන්ජන් කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ග්‍රේස් පිලට ලබා දුන්නත් තරගය ආරම්භ කිරීමට නියමිත වේලාව වන විට වර්ෂාවෙන් බාධා ඇතිවිය. එම තත්ත්වය මත තරගය මිනිත්තු 100 ක ප්‍රමාදයකින් පසු ආරම්භ වූයේ එක් පිලකට පන්දුවාර 13 බැගින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර දෙමිනි. කෙසේ වෙතත් අද දිනට තරගය පැවැත්වීමට නම් අවම වශයෙන් පන්දුවාර 5 ක තරගයක් ලෙසින් එය පැවැත්විය යුතු වන අතර පළමු පන්දුවර රාත්‍රී 10.04 වන විට යැවීම සඳහා පිටිය සූදානම්ව තිබිය යුතු වේ.

ග්‍රේස් පිල වෙනුවෙන් ඉනිම ඇරැඹි ලසිත් කෲස්පුල්ලේ පළමු පන්දුවාරය යැවූ නුවන් තුෂාරට එරෙහිව හයේ පහරක් සහ තවත් හතරේ පහර 2 ක් ද සමඟ ලකුණු 16 ක් අනෙක් පන්දුවාරය ක්‍රීඩා කළ කමිල් මිශාර හතරේ පහර 3 ක් සමඟින්  ලබා ගනිමින් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර අනෙක් අන්තයේ වූ කමිල් මිශාර සමඟ එක්ව දෙවැනි පන්දුවාර 2 අවසන් වන විට ග්‍රේස් ලකුණු පුවරුව 32 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූහ.

විශ්ව ප්‍රනාන්දු යවන ලද තෙවැනි පන්දුවාරයේ ඇතුළත ලසිත් කෲස්පුල්ලේ සහ චරිත් අසලංකගේ කඩුලු දවා ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වීමට ග්‍රීන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. පිතිකරණ පිළිවෙළේ වෙනසක් කරමින් අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි මිනෝද් භානුකද සීමා ඉරෙන් ඉදිරියට පැන පහර එල්ල කිරීමට යෑමේදී ස්ටම්ප් කිරීමකට හසුවිය. එතැන් පටන් වර්ෂාවෙන් තරගයට බාධා පැමිණී අතර තරගය තාවකාලිකව නතර කර දැමීමට විනිසුරුවෝ කටයුතු යෙදූහ.

ග්‍රේස් පන්දුවාර 3.4 කදී කඩුලු 3 කට ලකුණු 43 යි – (ලසිත් කෲස්පුල්ලේ 17, කමිල් මිශාර 16, චරිත් අසලංක 08, මිනෝද් භානුක 01, විශ්ව ප්‍රනාන්දු 08/2, රමේෂ් මෙන්ඩිස් 02/1)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest