slc
Home   |    News
අගෝස්තු 30, 2021
තීරක සහ විනිසුරුවෝ නම් කෙරෙති

sinhala editor

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පැවැත්වෙන එක්දින තරග 3 සහ විස්සයි-20 තරග 3 දී තරග තීරකවරයා වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානියා වන රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත.

තරග තීරකවරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම තීරකවරයාද වන මඩුගල්ලේ මහතාට අමතරව ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වන ලොව අංක එකේ විනිසුරුවරයා වන කුමාර් ධර්මසේන මහතාද මෙම තරගාවලියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරයි. ඔවුන් දෙදෙනාට අමතරව තවත් විනිසුරුවන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

ඒ අතර අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරුන් වන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවෝද එම කමිටුවට ඇතුළත් වෙති.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest