slc
logo
Home   |    News
අගෝස්තු 22, 2021
ධනංජයගේ බ්ලූස් අවසන් මහ තරගයට කිට්ටු කරයි

sinhala editor

Chamila Karawita reporting from Pallakale

අවසන් පන්දුවාරයේදී අර්ධ ශතකය වාර්තා කර ගැනීම සඳහා ලකුණු 10 ක් ලබා ගැනීමේ අභියෝගය සාර්ථකව ජය ගනිමින් නුවනිඳු ප්‍රනාන්දු ලබාගත් අර්ධ ශතකයත් චරිත් අසලංක ලබාගන්නා ලද අර්ධ ශතකයත් හේතුවෙන් බ්ලූස් පිලට එරෙහිව ලකුණු 157 ක අභියෝගයක් ලබා දීමට ග්‍රේස් කණ්ඩායමට හැකියාව ලැබුණද බ්ලූස් ඉනිම ක්‍රියාත්මක වෙද්දී වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා 11 වැනි තරගයද විසඳුමකින් තොරව අද (22 දා) අවසන් විය. මෙම තත්ත්වය මත දෙපිළටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

ලබන 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේ ග්‍රේස් පිලේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න බ්ලූස් සහ රෙඩ්ස් අතර පවතින්නේ දැඩි තරගයකි. දළ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් රෙඩ්ස් පිලට වඩා බ්ලූස් පිල ඉදිරියෙන් සිටින බැවින් රෙඩ්ස් පිලට අවසන් මහ තරග උදාකර ගැනීම සඳහා රාත්‍රියේ පැවැත්වීමට නියමිත බ්ලූස් පිලට එරෙහි ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් වනු ඇත. එහෙත් ගැටළුවකට ඇති එකම කරුණ වන්නේ මෙම කාලගුණය යහපත් අතට පත්වේද යන්නය. රාත්‍රී තරගයටද වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු බ්ලූස් පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

බ්ලූස් ඉනිමේ සිව්වැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් වර්ෂාව ඇද හැලුණු අතර ඒ වන විට කඩුල්ලක් දැවී ලකුණු 33 ක් ලබා ගැනීමට බ්ලූස් පිතිකරුවෝ සමත්ව සිටියහ. තරගයේ ප්‍රථිඵලයක් ලබා ගැනීමට නම් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව අවම වශයෙන් පන්දුවාර 5 ක් යවා තිබිය යුතු වන නමුත් නියමිත කාලයට තරගය අවසන් කර දැමීමට නොහැකි බව හැඟී යෑම හේතුවෙන් තරගය ප.ව. 5.10 ට අත හැර දැමීමට විනිසුරුවන් කටයුතු කළහ.

කෙතරම් වේගයෙන් වර්ෂාව ඇද වැටුණේද කිවහොත් ක්‍රීඩාංගණ සේවකයින්ට වැසි ආවරණ පවා ඇද දැමීමට නොහැකි වන තරමට වැහි වතුර ඇද වැටිණ. මෙම තත්ත්වය මත ක්‍රීඩාංණයේ තණතීරුව ආශ්‍රිත ප්‍රදේශය පමණක් නිසියාකාරව වසා දැමීමට ක්‍රීඩාංගණ සේවකයින්ට හැකිවූ නමුත්  බහුතරයක් ක්‍රීඩාංගණයේ අනෙක් පෙදෙස් වසා දැමීමේදී එම සේවකයින් අපමණ වෙහෙසක් ගනු දක්නට ලැබිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දු යැවීම තෝරාගත් ධනංජයද ද සිල්වාගේ නායකත්වයෙන් යුතු බ්ලූස් කණ්ඩායම පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ග්‍රේස් ලකුණු පුවරුව ලකුණු 43 කට නවතා ගනිද්දී කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වූවේය.  එහෙත් අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චරිත් අසලංක පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් රැස් කරගන්නා ලකුණු 57 ත් නුවනිඳු හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 36 කදී නොදැවී රැස් කර ගන්නා ලද ලකුණු 50 ත් හේතුවෙන් ග්‍රේස් පිලට හිස එසවීමට අවස්ථාව උදාවිය. පන්දුවට පහරදීමට පැමිණි මොහොතේ සිට ඉතාමත් විශ්වාසවන්ත ලෙසින් පන්දුවට පහර දුන් චරිත් අද දිනයේදී රැස් කර ගන්නා ලද්දේ දෙවැනි අර්ධ ශතකය විය.

10 වැනි පන්දුවාරයේදී පිටියට පිවිසි නුවනිඳු මුහුණ දුන් පළමු පන්දුවාර 20 ට රැස් කරගෙන සිටියේ ලකුණු 16 ක් පමණකි. ආරම්භයේදී එතරම් විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට නුවනිඳු අපොහොසත් වුවත් අවසානය වන විට සෑහෙන විශ්වාසයක් ගොඩ නගා ගැනීමට ඔහු සමත්වූවේය. කලන පෙරේරා විසින් යවන ලද අවසන් පන්දුවාරයේදී නුවනිඳුගේ අර්ධ ශතකය සඳහා ලකුණු 10 ක් අවශ්‍ය වූ අතර අවසන් පන්දුවේදී හතරේ පහරක් එල්ල කරමින් එම අභියෝගය සාර්ථකව ජයගැනීමට නුවනිඳු සමත්විය. මෙය නුවනිඳු මෙතෙක් තරගාවලියේ වාර්තා කරන ලද පළමු අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar