slc
Home   |    News
අගෝස්තු 12, 2021
ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකානු පිල නම් කරයි

sinhala editor

සැප්තැම්බර් මස 02 වැනිදා සිට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දිනය සහ විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගිවන දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙම්බා බව්මාට හිමිව තිබේ. එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද එක්දින කණ්ඩායමෙන් කුවින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් විවේක ගැන්වීමට පියවර ගෙන තිබුණද සැප්තැම්බර් මස 10 වැනිදා ආරම්භ වන විස්සයි-20 තරගාවලිය සඳහා ඔවුන් නම් කර තිබේ.0

මොවුන් දෙදෙනාට අමතරව පෞද්ගලික හේතූන් මත එක්දින තරගාවලියෙන් ඉවත්ව සිටින ලුන්ගි න්ගිඩිද විස්සයි-20 තරගාවලිය සඳහා නම් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. විස්සයි-20 අන්තර්ජාතික පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගට ඉදිරියෙන් සිටින තබ්‍රේස් ශම්සිද එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකටම නම් කර තිබේ. ඒ අනුව මෙම තරගාවලියේදී මොවුන් දෙදෙනා දක්වනු ලබන දක්ෂතා මත එම ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගන්නා පන්දු යවන්නා කවුරුන්ද යන්න වන ඉරණම ද තීන්දු වනු ඇත.

ඔක්තෝම්බර් මසදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් සූදානම් කර ගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවට මෙන්ම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් මෙම තරගාවලියේදී  ඩ්වයින් ප්‍රිටෝරියස්ව කණ්ඩායම් දෙකටම නම් කර තිබීම කැපී පෙනෙයි. ඔහු අවසන් වරට අයර්ලන්තයට එරෙහි තරගාවලිය අහිමිවිය.

එක්දින සංචිතය – ටෙම්බා බවුමා  (නායක), ජූනියර් ඩාලා, බියුරන් හෙන්ඩ්‍රිකස්, රීසා හෙන්ඩ්‍රිකස්, හෙන්රිච් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඩේ, ජානේමාන් මාලන්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්‍රම, වියාන් මල්ඩර්, ඇන්රිච් නොයේ, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඩ්වයින් ප්‍රිටෝරියස්, කගිසෝ රාබඩා, තබ්‍රේස් ශම්සි, රාසී වැන්ඩර් ඩුසන්, කයිල් වෙරෙයින්, ලිසාඩ් විලියම්ස්.

විස්සයි-20 සංචිතය – ටෙම්බා බවුමා (නායක), කුවින්ටන් ඩි කොක්, ජෝන් ෆෝචූන්, බියුරන් හෙන්ඩ්‍රික්ස්, රීසා හෙන්ඩ්‍රිකස්, හෙන්රිච් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඩේ, කේෂව් මහරාජ්, සිසන්ඩා මගලා, ඒඩ්න් මාක්‍රම, ඩේවිඩ් මිලර්, වියාන් මල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝයේ, ඩ්වයින් ප්‍රිටෝරියස්, කගිසෝ රබඩා, තබ්‍රේස් ශම්සි, රාසී වැන්ඩර් ඩසන්, ලිසාඩ් විලියම්ස්.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest