slc
logo
Home   |    News
අගෝස්තු 11, 2021
ශාරීරික යෝග්‍යතාව අසමත් 7 කට ආරාධිත තරගාවලියේ දොරගුළු වැසෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ඩයලොග් එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන සංචිතය වල සුලු වෙනස් කමක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ක්‍රීඩකයින් කීප දෙනෙකුට කොවිඩ් ආසාධනය වීමත්, තවත් කීප දෙනෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීමත් හේතුවෙන් කණ්ඩායම් අතර වන සමබර තාවය පවත්වාගෙන යෑම සඳහා මෙම වෙනස් කම් සිදුකර තිබේ.

එහිදී බ්ලූස් කණ්ඩායමේ සිටි හිමාෂ ලියනගේ ග්‍රේස් කණ්ඩායමටද ග්‍රීන්ස් පිලේ සිටි කමිල් මිශාරව ග්‍රේස් කණ්ඩායමටද ග්‍රේස් කණ්ඩායමේ සිටි ප්‍රභාත් ජයසූරියව රෙඩ්ස් කණ්ඩායමටද වන පරිදි මාරු කර තිබේ.

මේ අතර තරගාවලියට පෙර ක්‍රීඩකයින් වෙනුවෙන් පවත්වන ලද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම මත තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව සිටි ක්‍රීඩකයින් 7 දෙනෙකුට හෙට ඇරඹෙන තරගාවලිය අහිමිව තිබේ. අසමත් ක්‍රීඩකයින් අතර ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා වන ලසිත් ඇඹුල්දෙණියද පසුවීම කැපී පෙනෙයි. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින්ගේ ස්ථාන වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයින් ආදේශ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ලබන 24 වැනිදා තෙක් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ධනංජය ද සිල්වා (බ්ලූස්), දසුන් ශානක (ග්‍රේස්), දිනේෂ් චන්දිමාල් (රෙඩ්ස්) සහ අශාන් ප්‍රියන්ජන් (ග්‍රීන්ස්) නායකයින් ලෙස කටයුතු කරති.

ශාරීරික යෝග්‍යතාවය අසමත් ක්‍රීඩකයින් – ලසිත් ඇඹුල්දෙණිය, සඳුන් වීරක්කොඩි, ජෙහාන් ඩැනියෙල්, සංගීත් කුරේ, කොෂාන් ජයවික්‍රම, ළහිරු ගමගේ, අෂාන් රන්දික.

කොවිඩ් – 19 ආසාධිත ක්‍රීඩකයින් – සචිඳු කොළඹගේ, නිමේෂ් විමුක්ති, මොහොමඩ් ශිරාස්.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest