slc
logo
Home   |    News
අගෝස්තු 22, 2021
තීරණාත්මක අවසන් තරගයේදී චන්දිමාල්ලා පන්දු යවයි

sinhala editor

Chamila Karawita reporting from Pallakale

අවසන් මහ තරග වරම දිනා ගැනීමට නම් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායමට ජයග්‍රහණය අනිවාර්යය වුණු ග්‍රීන්ස් ට එරෙහි තරගය පන්දුවාර 15 ක තරගයක් ලෙසින් රාත්‍රී 8.30 ට ආරම්භ වේ. ඩයලොග් SLC පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය හෙවත් ලීග් තරග වටයේ අවසන් තරගය  ලෙසින් පැවැත්වෙන මෙම තරගයේ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රෙඩ්ස් නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. මෙම තරගයේදී දෙපිළටම හිමි පවර් ප්ලේ අවස්ථාව පන්දුවාර 5 ක් වේ.

අද තරගයේදී කණ්ඩායම් 2 ම වෙනස් කම් දෙකක් සිදුකරමින් අවතීර්ණ ව සිටින අතර එහිදී රෙඩ්ස් පිල පෙර තරගයට ක්‍රීඩා කරන ලද ඕෂද ප්‍රනාන්දු සහ මුදිත ලක්ෂාන් වෙනුවට සංතුෂ් ගුණතිලක සහ නිපුන් ධනංජයව කැඳවා තිබේ. ග්‍රීන්ස් කණ්ඩායමේ උප නායක කමිඳු මෙන්ඩිස් අවසන් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ගොදුරු වූ බැවින් ඔහුට අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. ඒ අනුව එම ස්ථානයට මහේල උඩවත්තව ආදේශ කර තිබේ.

පළමු තරගය ලෙසින් අද පැවැති බ්ලූස් සහ ග්‍රේස් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම මත විසඳුම් රහිත වුණු අතර වර්ෂාවේ බලපෑම හේතුවෙන් දෙවැනි තරගය වූ රෙඩ්ස් සහ ග්‍රීන්ස් අතර තරගයේ ආරම්භය රාත්‍රී 8.30 දක්වා ප්‍රමාදවිය. ක්‍රීඩාංගණ සේවයේ නියුතු සේවක පිරිසගේ අපමණ කැපවීම නොවන්නට තරගය ආරම්භවීම මීට වඩා ප්‍රමාදවන්නට ඉඩ තිබිණ.

කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු සටහනට අනුව රෙඩ්ස් කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 5 ක් ලබා ගනිමිනි. සවස් යාමයේ පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් වීමත් සමඟ දෙපිළටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවීම නිසා බ්ලූස් පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් අවසන් මහ තරග අවස්ථාව සඳහා වැඩි අවස්ථාවක් බ්ලූස් පිල සතුව තිබේ. කෙසේ වෙතත් ඔවුන් අභිබවා යෑමට නම් මෙම තරගයේ ජය වාර්තා කිරීම රෙඩ්ස් කණ්ඩායමට අනිවාර්යය වනු ඇත. යම් ලෙසකින් මෙම තරගයටද වර්ෂාවෙන් බාධා පැමිණ ප්‍රතිඵල රහිත වුවහොත් ලකුණු ලබා ගැනීමේ වේගය මත රෙඩ්ස් කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටින බ්ලූස් කණ්ඩායම ලබන 24 වැනිදා ග්‍රේස් පිලට එරෙහිව වන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

ග්‍රීන්ස් – පැතුම් නිස්සංක, ළහිරු උදාර, අශාන් ප්‍රියන්ජන් (නායක), මහේල උඩවත්ත, , රමේෂ් මෙන්ඩිස්, සම්මු අශාන්, ඉෂාන් ජයරත්න, ළහිරු කුමාර, සුමින්ද ලක්ෂාන්, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, සමින්ද ප්‍රනාන්දු.

රෙඩ්ස් – අවිෂ්ක ප්‍රනාන්දු, නිපුන් ධනංජය, දිනේෂ් චන්දිමාල් (නායක), අසේල ගුණරත්න, සංතුෂ් ගුණතිලක, චාමික කරුණාරත්න, සීකුගේ ප්‍රසන්න, ප්‍රභාත් ජයසූරිය, අකිල ධනංජය, හිමේෂ් රාමනායක ප්‍රභාත් ජයසූරිය

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee