slc
Home   |    News
සැප්තැම්බර් 29, 2021
ශ්‍රී ලංකා ‘A සහ පාකිස්තානු ‘A’ ඔක්තෝබර් හමුවෙයි

sinhala editor

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමඟ සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා පාකිස්තානු ‘A’ කණ්ඩායම ඔක්තෝබර් මස 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම තරගාවලිය යටතේ සිව්දින තරග 2 ක් සහ එක්දින තරග 3 ක් පැවැත්වෙනු ඇත.

ජෛව බුබුලු පරිසරයක් යටතේ ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ පළමුව සිව්දින තරගාවලිය පැවැත්වෙන අතර එහි පළමු වැන්න ඔක්තෝබර් මස 28 වැනිදා සිට 31 වැනිදා ද  මහනුවරදී ආරම්භ වනු ඇත. දෙවැන්න නොවැම්බර් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන අතර අනතුරුව එක්දින තරගාවලිය නොවැම්බර් 10 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට තරගාවලි ගණනාවකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැඩි අවස්ථාවන් නිර්මාණය කර දුන් නමුත් කොවිඩ් වසංගතයේ පැතිරීමත් සමඟ තරගාවලි පැවැත්වීමේ අවකාශ අහිමිවිය. ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අවසන් වතාවට බංග්ලාදේශය ‘A’ පිලට එරෙහිව 2019 වසරේ ඔක්තෝබර් මසදී තරග වැදුණි. එම තරගාවලියෙන් වසර 2 කට ආසන්න කාලයක නිහැඬියාවකින් පසු පාකිස්තානයට එරෙහි තරගාවලිය පැවැත්වේ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest