slc
Home   |    News
ඔක්තෝබර් 28, 2021
නැමීබියාව හමුවේ ස්කොට්ලන්තය පරදියි

sinhala editor

අබුඩාබි ක්‍රීඩාංගණයේදී බදාදා (27) පැවැති නැම්බියා – ස්කොට්ලන්ත ලෝක කුසලාන 20-20 තරගයෙන් නැම්බියාව කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ස්කොට්ලන්තය පන්දු වාර 15.4කදී කඩුලු 8කට ලබාගත් ලකුණු 109ට පිළිතුරු ලෙස නැම්බියාව කඩුලු හයකට ලකුණු 115ක් ලබාගත්තේ පන්දු වාර 19.1කට මුහුණ දෙමිනි.

ස්කොට්ලන්තය පන්දුවට පහර දෙන අවස්ථාවේ ප්‍රථම පන්දු වාරයේදීම කඩුලු තුනක් දවාලු නැම්බියාවේ රුබන් ට්‍රම්ප්මන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ජයග්‍රාහී නැම්බියා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේ දී දක්ෂතා දැක්වූ ජේ.ස්මිට් නොදැවී 32ක්ද (පන්දු 23යි හතරේ 2යි හයේ 2යි) ක්‍රෙග් විලියම්ස් නොදැවී 23ක්ද (පන්දු 29යි හයේ පහරයි) සහ මයිකල් ලින්ගන් ලකුණු 18ක්ද ලබාගත්හ. මයිකල් ලීස්ක් කඩුලු දෙකක් දවාලූවේ ලකුණු 12ක් පමණක් ලබාදෙමිනි.

නැම්බියාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ස්කොට්ලන්තයට පැවරීය. නැම්බියාවේ ආරම්භක පන්දු යවන්නා රුබන් ට්‍රම්ප්මන් සිය ප්‍රථම පන්දුවාරයේ ප්‍රථම, තුන්වන සහ සිව්වන පන්දුවලට ස්කොට්ලන්ත පිතිකරුවන් තිදෙනෙකුම දවාලීමෙන් පසු ස්කොට්ලන්තයට නැවත තරගයට අවතීර්ණවීමට අවස්ථාව නොලැබිණි.

ලකුණු සාරාංශය

ස්කොට්ලන්තය පන්දුවාර 20කදී කඩුලු 8ට 109යි – (මයිකල් ලීස්ක් 44, ක්‍රිස් ග්‍රීව්ස් 25, මැතිව් ක්‍රොස් 19, රුබන් ට්‍රම්ප්මන් 17/3, ජාන් ෆ්‍රයිලින්ක් 10/2යි)

නැම්බියාව – පන්දුවාර 19.1කදී කඩුලු 6ට 115යි – (ජේ.ස්මිට් 32, ක්‍රෙග් විලියම්ස් 23, මයිකල් ලින්ගන් 18, මයිකල් ලීස්ක් 12/2)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest