slc
Home   |    News
ඔක්තෝබර් 8, 2021
පළමු පෙළ එක්දින තරග 27  ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්පැවනු ලබන අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 27 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට පෙර මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 12 කට තරග වැදීමට නියමිතවය. කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය රට පුරා ව්‍යප්තව ගිය බැවින් තරගාවලියේ සියළුම තරග සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී තිබෙන නීරෝධායන නීති රීතීන්ට යටත්ව පැවැත්වේ.

අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ නිර්දේශයන් මත මෙතෙක් පැවැති ‘ඒ’ සහ ‘බී’ තරගාවලි, මෙම වසරේ සිට එකම තරගාවලියක් ලෙසින් පැවැත්වීම විශේෂත්වයක් ලෙස හැඳින්විය හැක. අවසන් වසරේ පැවැති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 145 ක ජයක් වාර්තා කළ එන්.සී.සී. කණ්ඩායම වත්මන් එක්දින ශූරයින් බවට පත්ව සිටියි.

‘ඒ’ කාණ්ඩය – එන්.සී.සී., යුද හමුදාව, මුවර්ස්, නාවික හමුදා, කුරුණෑගල, සී.සී.සී., නිගම්බු, නුගේගොඩ, බී.ආර්.සී. කැන්ඩි කස්ටම්ස්, කලුතර නාගරික, ලන්කන්, ගුවන් හමුදාව.

‘බී’ කාණ්ඩය – රාගම, බදුරලිය, ටැමිල් යුනියන්, එස්.එස්.සී., බ්ලූම්ෆීල්ඩ්, කෝල්ට්ස්, සරසන්ස්, හලාවත මේරියන්ස්, ගාල්ල, පානදුර, පොලිස්, සෙබස්තියනයිට්ස්, ඒස් කැපිටල්.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest