slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2021
පාකිස්තානු ‘ඒ’ පිලෙන් ප්‍රබල පිළිතුරක්

sinhala editor

පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 39 කට සීමා විය. ඒ අතරතුරදී පාකිස්තානු පිතිකරුවන් ලකුණු 117 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට සමත්වීම හැරෙන්නට එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්විය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වාගැනීමට සමත්ව සිටින සවුද් ශකීල් ලකුණු 86 ක් සහ ඔමායිර් යුසුෆ් ලකුණු 78 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති. පාකිස්තානු පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ නායක සදීර පන්දු යවන්නන් හය දෙනෙකුගේ සහාය ලබා ගත්තද ඒ අතරින් ලසිත් ඇඹුල්දෙණිය හැරුණු විට සෙසු පන්දු යවන්නන්ට ප්‍රතිඵලයක් ලබා දීමට නොහැකි විය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest